Facebook, Telegram, Instagram වල “Google AI Pro 18 Months – Only 2500/-” කියලා ads දැකල ඇති. ලාබයි වගේ පෙනුනට මේක වංචාවක්.
මේ ඔෆර් එකේ ඇත්ත මොකක්ද?
මේක ඉන්දියාවේ Jio සිම් වලට දෙන ප්‍රමෝෂන් එකක්. ඉන්දියානු රු.349 ක් මාසයක් ගානේ reload කළොත් විතරයි Google AI Pro එක active වෙන්නේ.
Black market වල විකුණන අය කරන්නේ, ඉන්දියාවේ communication වලින් SIM අරගෙන, reload කරන මේ AI ගැන මුකුත් නොදන්න අහිංසක මිනිස්සුන්ගේ promotion ලින්ක් හොරෙන් අරන්, තොග පිටින් විකුණන එක.
ඇයි මේක ගන්න හොඳ නැත්තේ?
- මාසයයි ශුවර්: promotion එක active තියෙන්න නම්, අනිවාර්යෙන් SIM එක අයිති ඉන්දියන් මනුස්සයා reload කරන්න ඕන. මුල් මාසේ විතරක් වැඩ කරයි, ඊට පස්සේ Jio සිම් එකේ අයිතිකාරයා රීචාජ් නොකළොත් ඔයාගේ Pro එකත් ඉවරයි.
- නැති වෙන්න කලින් කියන්න කෙනෙක් නෑ: හෙට උදේ නැගිටිද්දී AI Pro එක නැති වෙලා Free plan එකට වැටිලා තියෙන්න පුළුවන්, අර promotion link එක ගත්ත ඉන්දියන් මනුස්සයා Jio connection එක reload නොකලොත්.
- Account එකට කේස්: මේක Google + Jio කොන්දේසි කඩ කිරීමක්. Google එකට අහු වුනොත් ඔයාගේ Gmail එක suspend කරන්නත් පුළුවන්. ඔයාගේ වැදගත් දත්ත නැතිවෙන අවදානමක් තියෙනවා.
එතකොට විකුණන අය “මාස 18 ගැරන්ටි” කියන්නේ?
ඒක බොරුවක්. Jio එකේ කොන්දේසි වලම තියෙනවා “මාසයක් ගානේ රීචාජ් කරන්න ඕන” කියලා. විකුණන කෙනාට ඉන්දියාවේ සිම් එකේ අයිතිකාරයව පාලනය කරන්න බෑ. ඒ මනුස්සයා රීචාජ් නොකළොත් ඉවරයි. “Luck එක” තමයි එයාලගෙ ගැරන්ටි එක.
සාරාංශය
2500/- ට අවුරුදු එකහමාරක් AI Pro දෙන්න Google එකට පිස්සු නෑ. මේක Jio ප්‍රමෝෂන් එක හොරට විකුණන ජාවාරමක්. සල්ලිත් නැති වෙනවා, account එකත් නැතිවෙන්න පුළුවන්.
“ලාබයි” කියලා හොරුන්ට අහු වෙන්න එපා, හොර ජාවාරම් වල කොටස් කාරයෝ වෙන්නත් එපා









