Loading...
Laptop පරිගණක අභිබවා ගිය Geekbench Benchmark ලබා ගත් iPhone 18 Pro

Apple සමාගමේ නවතම iPhone 18 Pro හරහා, Smartphone අතර තිබු Performance සීමාවන් උඩුයටිකුරු කිරීමට සමත් වු Smartphone එකක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. තවද එය Laptop සහ Desktop පරිගණකවල Performance සීමාවන්ද අභිබවා යාමට සමත් වී තිබෙනවා.

TSMC හි ප්‍රථම 2nm තාක්ෂණික ක්‍රියාවලිය ඔස්සේ නිපදවා ඇති A20 Pro Processor එක 6-core CPU ව්‍යුහයකින් සහ 4.9 GHz ඉක්මවූ Clock Speed එකක් සහිත Super Cores 2ක් සහ අඩු බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතු Efficiency Cores 4කින් සමන්විත වනවා. එමෙන්ම 2nm දක්වා ප්‍රමාණය කුඩා කිරීම නිසා එකම ක්ෂුද්‍ර චිපය තුළ අතිවිශාල ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් අසුරා තැබීමට Apple සමාගමට හැකිව තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෙර පරම්පරාවලට වඩා ඉතා අඩු විදුලි බලයක් වැය කරමින් අසමසම පරිගණක වේගයක් ලබා දීමට උපාංගයට හැකියාව ලැබෙනවා.

Laptop පරිගණක අභිබවා ගිය Geekbench Benchmarks

Geekbench 6 සහ නවතම Geekbench 7 Benchmarks පරීක්ෂණවලදී iPhone 18 Pro ලබාගත් ලකුණු ප්‍රමාණය ජාත්‍යන්තර තාක්ෂණික විශ්ලේෂකයන් මවිතයට පත් කිරීමට සමත් වී තිබෙනවා.

Single-Core Performance

මෙහිදී ලකුණු 4,700 සීමාව පසුකරමින්, මෙය Desktop පරිගණයක Intel Core i7 / i9 සහ AMD Ryzen Processor සහිත Laptop පරිගණකවලට වඩා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

Multi-Core Performance

ලකුණු 12,800ක් වැනි දැවැන්ත අගයක් වාර්තා කිරීමට iPhone 18 Pro සමත්ව තිබෙන අතර මෙය සාමාන්‍ය කාර්යාලීය සහ වෘත්තීය මට්ටමේ Laptop පරිගණක රැසක Performance සීමාවන් ඉක්මවා යාමක් ලෙස දක්වන්න පුලුවන්.

Smartphone එකකින් මේ ආකාරයේ Performance ලබා ගැනිමේදී මතුවන ප්‍රධානතම අභියෝගය වන්නේ අධික උෂ්ණත්වය පාලනය කිරීම සහ Thermal Throttling සිදු වීමයි. Apple සමාගම මේ සඳහා iPhone 18 Pro තුළට ප්‍රථම වරට විශාල Vapor Chamber Cooling System එකක් ලබා දී තිබෙනවා.

iPhone 18 Pro කියන්නේ හුදෙක් සන්නිවේදනය සඳහා පමණක් භාවිත වන සාමාන්‍ය Smartphone එකක් නොවන බවත්, එය වෘත්තීය නිර්මාණකරුවන් සහ ඉංජිනේරුවන් අත රැඳෙන කුඩා පරිගණකයක් බවත් මෙම තාක්ෂණික පිම්ම මඟින් මනාව තහවුරු වනවා. සාම්ප්‍රදායික Laptop පරිගණක සහ අතේ ගෙන යා හැකි Tab අතර පවතින Performance පරතරය මේ වන විට සීඝ්‍රයෙන් මැකී යමින් පවතින අතර, අනාගත පරිගණක තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය බවට Smartphone පත්වෙමින් තිබෙන බව iPhone 18 Pro මඟින් ලොවටම පසක් කර තිබෙනවා.

Source: www.bgr.com