ඉන්දියාවේ අංක 1 audio brand සහ ලොව ප්රමුඛතම පුද්ගලික audio brand වලින් එකක් වන boAt, audio accessories, wearables සහ power banks නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින්, ශ්රී ලාංකීය වෙළඳපොළ කෙරෙහි සිය අවධානය තවදුරටත් ශක්තිමත් කරන බව අද නිවේදනය කළේය.
මෙම පියවර boat හි ජාත්යන්තර වර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ජාත්යන්තර වෙළඳ පොළවල නව පරම්පරාවේ පාරිභෝගිකයින් වෙත සිත් ඇදගන්නා සුළු නිමාව සහ දැරිය හැකි මිලකට නව තාක්ෂණයෙන් යුත් accessories හදුන්වා දීමට කිරීමට අපේක්ෂා කරයි.
තරුණ පරපුර මෙන්ම ඩිජිටල් අවකාශය තුළ සක්රීයව නියැලෙන පාරිභෝගික ප්රජාව සහ පුද්ගලික තාක්ෂණික උපාංග භාවිතයේ සීඝ්ර වර්ධන හේතුවෙන්, boat සන්නාමයේ කලාපීය ව්යාප්ති ක්රියාවලිය තුළ ශ්රී ලංකාව අතිශය වැදගත් වෙළඳ පොළක් බවට පත්ව ඇත.
දේශීයව සාර්තකව අඩි තාලමක් ගොඩ නැගීම සඳහා, boAt ශ්රී ලංකාවේ සිය බලයලත් බෙදාහරින්නා වන Nexus Communications සමඟ හවුල් වී ඇත.මෙම හවුල්කාරීත්වය boAt හි පාරිභෝගික තාක්ෂණ නිෂ්පාදන පෙළ, Nexus Communications සතු දේශීය වෙළඳපොළ පලපුරුද්ද සහ බෙදා හැරීමේ ජාලය සමඟ ඒකාබද්ධ කරමින්, online සහ බලයලත් නියෝජිතයන් හරහා නිෂ්පාදනයන් ලබා ගැනීමේ හැකියාව පුළුල් කරයි.
"ලොව ප්රමුඛතම audio accessories සහ wearables සන්නාම වලින් එකක් වන boAt සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.මෙමගින් දැරිය හැකි මිලකට ගුණාත්මක නිෂ්පාදන රැසක් ශ්රී ලාංකීය පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට අපට හැකි වේ.ඔබට boat නිෂ්පාදන Nexus බලයලත් නියෝජිතයින් හරහා දිවයින පුරාත්, Daraz හරහා online ලෙසත් මිලදී ගත හැකිය." - Nexus Communications හි කළමනාකාර අධ්යක්ෂ රජීව් ගුණරත්න
"දකුණු ආසියාව පුරා boAt හි ව්යාප්තියේ වැදගත් පියවරක් ලෙස ශ්රී ලංකාව අපි දකිමු.සැලකිලිමත්ව සැලසුම් කළ, නවෝත්පාදනාත්මක තාක්ෂණය දැරිය හැකි මිලකට ලබා දෙමින් ශ්රී ලාංකීය පාරිභෝගිකයින් හා සම්බන්ධ වීමට ප්රබල අවස්ථාවක් අපට පෙනේ.boAt ශ්රී ලංකාවේ එදිනෙදා පාරිභෝගික තාක්ෂණය සඳහා වඩාත් කැමති සන්නාමය බවට පත් කිරීමට අප කටයුතු කරන අතර, online සහ offline නාලිකා යන දෙකෙහිම ශක්තිමත් පැවැත්මක් ගොඩනැගීමට Nexus Communications සමඟ අපගේ හවුල්කාරිත්වය උපකාරී වනු ඇත." - boAt හි ප්රධාන විධායක නිලධාරී ගෞරව් නයියාර්
නූතන ජීවන රටාවන් සඳහා නිර්මාණය කළ නිෂ්පාදන පෙළක්
boAt ප්රධාන පාරිභෝගික අවශ්යතා රැසක් ආවරණය වන විවිධාකාර නිෂ්පාදන පෙළක් ශ්රී ලාංකීය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙයි.ඒ අතර:
- True Wireless Stereo (TWS) earbuds
- සංගීතය, gaming සහ එදිනෙදා සවන්දීම සඳහා Headphones
- යෝග්යතා ඉලක්ක සහ සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් සඳහා කැප වූවන් සඳහා Smartwatch
- විනෝදාස්වාදයට ප්රිය කරන්නන් සඳහා party speaker
- ගමන් බිමන් යන අතරතුර උපාංග ආරෝපණය කර තබා ගැනීමට ඉහළ ධාරිතාවකින් යුත් power banks
boAt's audio products පෙළ, boat සිය සුවිශේෂී බේස් (bass) ප්රමුඛ ශබ්දය, දිගු බැටරි ආයු කාලය සහ තෝරාගත් නිෂ්පාදනවල ඇති Active Noise Cancellation (ANC) වැනි විශේෂාංග සමඟ ඒකාබද්ධ කරමින්, නව තාක්ෂණය සහ performance සමග දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් වෙත ගෙන එයි.
ශ්රී ලංකාව තුළ Omnichannel පැවැත්මක් ගොඩ නැගීම
මෙම නිෂ්පාදන පෙළ ශ්රී ලංකාව පුරා පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි, boAt සහ Nexus Communications omnichannel බෙදා හැරීමේ උපාය මාර්ගයක් ගොඩනඟමින් සිටී.boAt නිෂ්පාදන Daraz සහ අනෙකුත් ප්රමුඛ ecommerce website හරහා online මගිනුත්, Nexus බලයලත් නියෝජිතයින් සහ රට පුරා ප්රමුඛ පාරිභෝගික ඉලෙක්ට්රොනික සහ audio products වෙළඳ සැල් හරහාත් ලබාගත හැකි වනු ඇත.
Imagine Marketing Limited
boAt හි හිමිකරු වන Imagine Marketing Limited, ඉන්දියාවේ ප්රමුඛ පාරිභෝගික තාක්ෂණ සමාගම් වලින් එකක් වන අතර, සන්නාමගත පුද්ගලික ශ්රව්ය අංශයේ රටේ අංක 1 සමාගම වේ.2015 දී ආරම්භ කරන ලද boAt, ඉන්දියාවේ වඩාත්ම පිළිගත් ජීවන රටා සන්නාම වලින් එකක් බවට වර්ධන වී ඇත.පුද්ගලික ශ්රව්ය උපාංග සමඟ ආරම්භ වූ සමාගම, පැළඳිය හැකි උපාංග, power charging, ශ්රව්ය -දෘශ්ය නිෂ්පාදන සහ අනෙකුත් ජීවන රටා තාක්ෂණ ප්රවර්ග දක්වා ව්යාප්ත වී ඇති අතර, එය පුළුල් පාරිභෝගික තාක්ෂණ සමාගමක් බවට එහි පරිණාමය පිළිබිඹු කරයි."Make in India" කැපවීම මත පදනම්ව, boAt සිය නිෂ්පාදන වැඩි වශයෙන් ඉන්දියාව තුළම සැලසුම් කර නිෂ්පාදනය කරන අතර, 2025 මූල්ය වර්ෂයේ මුළු ඒකක වලින් 71%ක් දේශීයව නිෂ්පාදනය කරන ලදී.ඉංජිනේරුවන් 100කට අධික සංඛ්යාවකින් සමන්විත සිය අභ්යන්තර පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානය වන boAt Labs හි සහාය ඇතිව, සමාගම සියලු ප්රවර්ග පුරා නවෝත්පාදනය දිගටම ඉදිරියට ගෙන යයි.
පාරිභෝගිකයා කේන්ද්ර කරගත් සැලසුම් කරණය සහ විනයගරුක ක්රියාත්මක කිරීම මගින් මඟ පෙන්වනු ලබන boAt, 2025 මූල්ය වර්ෂයේ නැවත ලාභදායීත්වයට පැමිණි අතර, එය දිගුකාලීන වර්ධනය සඳහා ගොඩනැගූ විවිධාංගීකරණය වූ පාරිභෝගික තාක්ෂණ සමාගමක් බවට එහි පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.









