Loading...
ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor ලෙස Genxt සමාගම සමඟ ඇති ගිවිසුම දිගු කිරීමට Apple සමාගම කටයුතු කරයි

ජංගම දුරකතන ලෝකයේ ප්‍රධානතම සහ වටිනාම සන්නාමය ලෙස Apple සමාගම හැදින් වුවහොත් අපි වැරදි නෑ. ඇපල් සමාගමේ නිෂ්පාදන වලට ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතින්නේ එම සමාගම විසින් නිපදවන උපාංග වල පවතින අනර්ඝ නිමාවත්, කල් පැවැත්මත්, භාවිතාවේ පහසුවත්, හැසිරවීමේ පහසුවත්, වැඩි කාලයක් පුරාවට ලබා දෙන තාක්ෂණික සහයත් සහ තවත් විශාල පහසුකම් රැසක් නිසාවෙනි. ඇපල් නිෂ්පාදන තරමක් මිලෙන් වැඩි වුවත් විශාල පිරිසක් ඒවා මිලදී ගැනීමට පෙළඹෙන්නේ ඉහත කී ගුණාංග හේතුවෙනි.

ඇපල් සමාගම යනු අලෙවියෙන් පසු සේවාව පිළිබඳව ඕනාවටත් වඩා සිතන සමාගමක් වන අතර ඔවුන් නිරතුරුවම සලකා බලන්නේ තමන්ගෙ පාරිභෝගිකයා උපරිම තෘප්තියට පත් කිරීමටයි. ඒ සඳහා ඔවුන් විසින් විශාල පිරිවැයක් දරන අතර ඔවුන්ගේ එම තත්වය එලෙසින්ම පවත්වා ගැනීමට විශාල කැපකිරීමක් මෙන්ම පරිශ්‍රමයක්ද දරනු ලබනවා. මේ වන විටත් ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක ඇපල් සමාගම විසින් තම මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යන අතර එලෙසින් ඔවුන් තම සමාගම පිහිටුවා නැති රටවල් වල තම නිෂ්පාදන බෙදා හැරීම සඳහා බලයලත් බෙදාහරින්නන් හෙවත් Authorized Distributorsලා පත් කර තිබෙනවා.

මේ ආකාරයට පත් කර ඇති බලයලත් බෙදා හරින්නන් හරහා ඇපල් සමාගම, තම සමාගම පිහිටුවා නැති රටවල සිටින ඇපල් නිෂ්පාදන පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා තම සේවාව සැපයීම සිදු කරනු ලබනවා. එබැවින් ඇපල් සමාගම තම නිෂ්පාදන එකී රටවල බෙදා හැරීම සඳහා පත් කරනු ලබන නියෝජිතයන් තෝරා ගැනීමේදී සුදුසුකම් රැසක් පිළිබඳව සලකා බලනු ලබන අතර එම සුදුසුකම් සපුරන වඩාත්ම විශ්වාසදායකම ආයතන පමණක් ඔවුන්ගෙ නියෝජිතයන් ලෙස පත් කරගනු ලබනවා.

මේ ආකාරයෙන් ඇපල් සමාගම විසින් ශ්‍රී ලංකාව සඳහාද බලයලත් බෙදා හරින්නෙකු පත්කර ඇති අතර Generation Next Lanka Pvt Ltd ආයතනය වනවා. Generation Next Lanka Pvt Ltd සමාගම ඇපල් සමාගමේ නිෂ්පාදන රටවල් 7ක් සඳහා බෙදා හරින සිංගපූරුවේ Generation Next Communications (Pte) Ltd සමාගමට අනුබද්ධිත ශ්‍රී ලාංකීය සමාගමයි. මීට අමතරව Genxt සමාගම බංගලාදේශය, භූතානය, බෲනායි, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය සහ නේපාලය තුලද ඇපල් සමාගමේ නිෂ්පාදන බෙදාහැරීමේ කටයුතු වල නිරත වෙමින් ආසියානු කලාපය තුල සිදු කරන ව්‍යාපර මෙහෙයුම් හරහා විශාල කීරිති නාමයක් අත් කරගැනීමට සමත්වී ඇත.

2018 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුල ඇපල් ජංගම දුරකතන සහ අනෙකුත් උපාංග බෙදා හැරීම සඳහා නිල බෙදාහැරීම් කටයුතු භාරව සිටින ආයතනය ලෙස කටයුතු කරන අතර මේ වන විට පුරා වසර 3ක කාලයක් පුරාවට ඔවුන් තම ව්‍යාපාර සේ​වා අඛණ්ඩව සිදු කරගෙන යනු ලබනවා.

සාමාන්‍යෙන් මිල අධික ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් නිරතුරුවම තමන් මිලදී ගන්නේ නිෂ්පාදන වලට නියමාකාරයෙන් වගකීම හිමිවේද, අලෙවියෙන් පසු සේවාවන් නියමාකාරයෙන් ලබා ගත හැකිද යන්න යන්න පිළිබඳව සොයා බලනු ලබනවා. එහිදී ඕනෑම තාක්ෂණික උපකරණයක් මිලදී ගැනීමේදී සලකා බලනවාක් මෙන්ම ඇපල් නිෂ්පාදන මිලහී ගැනීමේදීද බොහෝ අය ඇපල් සමාගමේ නිල බෙදා හැරීමේ කටයුතු සිදු කරන අයෙකු සොයා සිටිනවා. කාලයක් අඩුපාඩුවක්ව පැවති එම වෙලඳපල හිඩස මේ වන විට Genxt ආයතනය විසින් පුරවා ඇති අතර TRCSL අනුමැතිය ඇති ජංගම දුරකතන සහ ඇපල් නිෂ්පාදන මිලදී ගැනීම ඔවුන් හරහා සිදු කල හැකි අතර එමඟින් පාරිභෝගිකයාට ඇති අවදානම පහත හෙලීමට ඔවුන් සමත් වී ඇත.

මෙහිදී අපට පාරිභෝගිකයාට ඇති වාසිය වන්නේ, ශ්‍රී ලංකාව අයත් වෙන ඇපල් සමාගමේ කලාපයට අදාලව නිකුත් කරන මොඩ්ල් නම්බර් වලින් යුතු උපකරණ පමණක් මෙම සමාගම විසින් අලෙවි කරන බැවින් කිසිදු ගැටලුවකින් තොරව එම නිෂ්පාදන සඳහා අළෙවියෙන් පසු සේවාව ලබා ගැනීමට හැකියාව ලැබීමයි.

එමෙන්ම ඇපල් සමාගම විසින් නිකුත් කරන නියම වගකීම් සහතිකයද ඔබ අදාල නිෂ්පාදනය මිලදී ගත් දිනයේ සිට සක්‍රීය වන අතර කිසිදු අඩුපාඩුවකින් තොරවම වගකීම් කාලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම TRCSL අනුමැතිය නොමැතිව මෙරටට ආනයන කරන ජංගම දුරකතන මිලදී ගැනීමෙන් පසුව පාරිභෝගිකයාට ඇතිවන අපහසුතාද මෙහිදී මගහරවා ගත හැකිය.

"ශ්‍රී ලාංකීය පාර්භෝගිකයන් මහත් නොඉවසිල්ලෙන් බලාසිටින iPhone 13 ස්මාර්ට් දුරකතන මාදිලිය නුදුරේදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් හදුන්වාදීමට නියමිත අතර, අපගෙ විශ්වාසදායක නිල හවුල්කරුවන් හරහා මෙම ජංගම දුරකතන මාදිලිය මිලදී ගන්නා සියළුම පාරිභෝගිකයන් හට සුවිශේෂී දීමනාවන් සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ. පාරිභෝගිකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ, iPhone 13 නිල වශයෙන් එලිදැක්වීම සිදිකරන තුරු සිට, වඩාත් හොඳ සේවාවක් සහිත නිෂ්පාදනයක් ලබා ගන්නා ලෙසටයි" යනුවෙන් Genxt ලංකා ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණරත්න මහතා ප්‍රකාශ කර ඇත.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට නිල වශයෙන් ඇපල් නිෂ්පාදන ගෙන්වා බෙදා හැරීමට බලය ඇති එකම සමාගම වන Genxt ලංකා සමාගමට නැවත වතාවක් එම බෙදා හැරීමේ කටයුතු සඳහා වන ගිවිසුම අළුත් කර ඇති අතර ඒ අනුව 2022 අගෝස්තු මාසයේ 31 වන දින තෙක් එම ගිවිසුම වලංගු වනු ඇති බව ඇපල් සමාගම විසින් දැනුම් දීම සිදු කර තිබෙනවා.

ඉහතින් දැක්වෙන්නේ Genxt Sri Lanka සමාගමට 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ 31 දින තෙක් ඇපල් සමාගමේ නිෂ්පාදන බෙදා හැරීම සඳහා බලය ලබා දෙමින් ඇපල් සමාගම නිකුත් කරනු ලැබූ ලිපියයි.

ඇපල් සමාගමේ නිෂ්පාදන වලින් අප රට අයත් වන කලාපයට සහ ශ්‍රී ලංකාවට අදාලව නිකුත් කරනු ලබන ජංගම දුරකථන Genxt Sri Lanka හෝ එහි බලයලත් වෙළඳ නියෝජිතයන්ගෙන් වගකීමක් ඇතුව මිල දී ගැනීම සිදු කල හැකි අතර ලංකාව තුල අලෙවියට ඇති ඇපල් නිෂ්පාදන වල Genxt ලාංඡනය තිබේදැයි පරික්ෂා කර බලන්න.