Loading...
ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට iPhone repairs සඳහා පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයක් GENXT ආයතනය විසින් හඳුන්වා දේ

Apple product එකක්, එහෙමත් නැත්තම් iPhone එකක්, MacBook එකක්, iPad එකක් කියන්නේ බොහොමයක් අය මිලදී ගන්න කැමති නමුත් සාමාන්‍යෙන් මිලෙන් අධික තාක්ෂණික උපාංග බව අපි හැමෝම හොඳින් දන්නා කාරණාවක්.

Apple product එකක් ශ්‍රී ලංකාවේ අපිට මිලදී ගන්න නම් විශාල මුදලක් වැය කරන්න සිදු වෙන අතර ශ්‍රී ලංකාවේ සඳහා Apple සමාගම විසින් නිෂ්පාදිත උපාංග ගෙන්වා බෙදා හැරීමේ නිල බලයලත් ආයතනය වන GENXT ආයතනය විසින් AppleCare වගකීම් සහතිකය සමඟින් ශ්‍රී ලංකාව තුල බෙදා හරින ඇතැම් නිෂ්පාදන, අලෙවි කිරීම සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල පහත පරිදි වේ.

  1. iPhone 12 Pro Max 256GB Storage - රුපියල් 367,700
  2. Apple MacBook Pro M1 Chip with 8-Core CPU and 8-Core GPU 512GB Storage - රුපියල් 393,300
  3. IPAD PRO 12.9 WF CL 128GB Storage - රුපියල් 315,900
  4. Apple Watch Series 6 GPS, 44mm Deep Navy - රුපියල් 137,709

https://www.genxtstore.lk/apple වෙබ් අඩවිය හරහා ඔබට අනෙකුත් Apple නිෂ්පාදන වල උපරිම සිල්ලර මිල ලබා ගත හැක. එමෙන්ම GENXT ආයතනය විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ඔබට එම උපාංග මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇති අතර, ණය කාඩ් පත් (Credit card) හරහා 0% පොලී අනුපාතයක් යටතේ කොටස් වශයෙන් ගෙවීමේ පහසුකමද ලබා දී ඇත.

GENXT කියන්නේ මොකක්ද?

අපි මීට කලින් වතාවක ලිපියකින් සාකච්ඡා කරා ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor, Sellers සහ Service Providers ගැන. ඒ ලිපිය කියෙව්වේ නැත්තම්, මුලින්ම මෙතනින් ඒ ලිපිය කියවන්න.

GENXT කියන්නේ, Apple සමාගමේ නිෂ්පාදන ශ්‍රී ලංකාව ආනයනය කර බෙදා හැරීම සඳහා Apple සමාගමෙන් බලය ලැබී ඇති සමාගමයි. ඊට අමතරව GENXT සමාගම විසින් පවත්වාගෙන යන GENXT Store එක Apple Authorized Reseller කෙනෙක් වන අතරම GENXT ආයතනය Apple Authorized Service Provider කෙනෙක් වශයෙන්ද ශ්‍රී ලංකාව තුල තම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

iPhone repairs වලට installment payment plan එකක්?

ඉස්සර වෙලා අපි කිව්වා වගේ, Apple සමාගම විසින් නිපදවන උපාංග වල මිල අධික වනවා. මෙවැනි මිලෙන් අධික උපාංගයක් මිලදී ගැනීමෙන් පසු අපි අතින් වෙන වැරදීමකින් හෝ මොනයම් හේතුවකින් හෝ වගකීම් කාලය තුල AppleCare වගකීමෙන් ආවරණය නොවන හෝ AppleCare වගකීම අවසන් වූ උපාංගයකට යම් කිසි හානියක් වුවහොත්, ඒ සඳහා වන අළුත්වැඩියා කිරීම් කටයුතු සිදු කිරීමේදී යොදාගන්නා Genuine කොටස් සඳහා වැය වන මුදලද ඉතාමත් ඉහල අගයක් ගනී.

මෙම හේතුව නිසාම බොහොමයක් අය විසින් තම iPhone එකට හානියක් වුවහොත් හෝ කිසියම් අළුත්වැඩියාවක් කිරීම සඳහා මැලිකමක් දක්වන අතර අළුත්වැඩියා පිරිවැය ඉතාමත් ඉහළ අගයක් ගන්නා බැවින්, එම අළුත්වැඩියා පිරිවැය භාවිතා කරමින් මිල අඩු වෙනත් මාදිලියක ජංගම දුරකතනයක් මිලදී ගැනීම සිදු කිරීම හෝ genuine කොටස් වෙනුවට තත්වයෙන් අඩු, Apple genuine කොටස් වෙනුවට නිපදවා ඇති මිලෙන් අඩු, ව්‍යාජ කොටස් භාවිතා කර අළුත් වැඩියා කර තම ජංගම දුරකතනය භාවිතා කිරීම ශ්‍රී ලංකාව තුල බහුලව සිදු වන කටයුත්තකි.

උදාහරණයක් ලෙස ගත හොත් iPhone 12 Pro Max ජංගම දුරකතනයක display එකට යම්කිසි හානියක් අප අතින් සිදුවුවහොත් එය අළුත්වැඩියා කීරීමේදී genuine Apple display එකක් සවිකිරීම සඳහා ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 78,000ක පමණ පිරිවැයක් දැරීමට පාරිභෝගිකයාට සිදුවනු ඇත.

මෙම වෙළඳපල අවකාශය මැනැවින් වටහාගෙන ඒ සඳහා පිලියමක් ලෙස GENXT ආයතනය විසින් මේ වන විට ශ්‍රී ලංකාවට iPhone අළුත්වැඩියාව සඳහා පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කල අතර මෙවැනි සේවාවක් සැපයීම ශ්‍රී ලංකාව තුල සිදු කරන්නේ ප්‍රථම වතාවට වීම මෙහි ඇති සුවිශේෂීම කාරණාවයි.

මෙම සේවාව GENXT ආයතනය විසින් 2021 වර්ෂයේ මාර්තු මස 1 වන දින පටන් ක්‍රියාත්ම කර ඇති අතර ඔවුන් මෙම සේවාව ලබාදීම පහතාකාරයට Facebookහි පලකර තිබුණි.

ඔබට මෙම සේවාව මාස 24ක් දක්වා වන පොලී රහිත වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පවතී. ඒ සඳහා ඔබට භාවිතා කිරීමට සිදුවන්නේ ණයපත් පමණක් වන අතර, පහතින් දැක්වෙන ණයපත් පමණක් භාවිතා කල හැකි වෙනවා.

  1. Commercial Bank
  2. Nations Trust - AMEX
  3. AMEX
  4. Sampath Bank

මේ වන විට මෙම සේවාව ඔබට GENXT ආයතනය හරහා ලබා ගැනීම සිදු කල හැකි අතර, මේ හරහා ඔබට genuine Apple කොටස් භාවිතා කර පලපුරුදු තාක්ෂණික නිළධාරීන් හරහා ඔබගේ iPhone එකේ අළුත්වැඩියා කිරීම් කරගත හැකිවනවා.

මීට අමතරව අළුත්වැඩියා ගණයට නොවැටෙන, AppleCare වගකීම් කාල සීමාව අවසන් වූ උපාංග සඳහා වන replacements සඳහා වන පිරිවැයද කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ලබා දීමට GENXT ආයතනය කටයුතු කර ඇත.

  1. Back Cover/Glass replacements
  2. Main Logic Board repairs

එමෙන්ම මෙම නව සේවාව GENXT ආයතනයෙන් බෙදාහරින ලද ජංගම දුරකතන වලට පමණක් සීමා නොවන බවද ඔවුන් සඳහන් කර සිටියා.