Loading...
දුරකතන සන්නාමයන් අතුරින් වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් බෙදාහරින සිංහගිරි

Samsung කියන නම ඇහුන ගමන් ශ්‍රී ලංකාවේ අපිට මතක් වෙන නමක් තමයි සිංහගිරි කියන්නේ. මේ වන විට Samsung ආයතනය විසින් නිපදවන විදුලි උපකරණ හා උපාංග ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ ප්‍රධානම ආයතනයක් ලෙස ඉදිරියෙන්ම සිටින ආයතන අතරින් මුල් ස්ථානයන් අතර සිටින ආයතනයක් ලෙස සිංහගිරි ආයතනය හඳුන්වා දෙන්න පුළුවන්.

සිංහගිරි ආයතනය 1973 වර්ෂයේදී සුගතදාස මාරසිංහ මහතා විසින් ආරම්භ කල සිංහගිරි ආයතනය පසු කලෙක සීමාසහිත සමාගමක් ලෙස ලියාපදිංචි කල අතර එතැන් පටන් සීමාසහිත සිංහගිරි පුද්ගලික සමාගම ලෙස සිංහගිරි සමාගම හදුන්වන ලදී.

1983 වර්ෂයේදි සැම්සුන් සමාගමේ ශ්‍රී ලාංකීය නිල බලය ලත් අලෙවි නියෝජිත ලෙස පත් වුනු සිංහගිරි සමාගම එතැන් පටන් ශ්‍රී ලංකාවට සැම්සුන් සමාගම විසින් නිපදවන විදුලි උපකරණ ගෙන්වා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

සිංහගිරි ආයතනය ආරම්භයක ලෙස සැම්සුන් සමාගමේ නිෂ්පාදන ගෙන්වා බෙදා හැරීම සිදු කලත්, කල් යත්ම ලොව ප්‍රමුඛ පෙලේ ආයතනයන් සමඟද හවුල් වී එම සමාගම් වල නිපාදනයන්ද ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ තම ව්‍යාපාරය සහ එහි සේවාවන් ශ්‍රී ලාංකිකයන්ට පුළුල් කිරීමේ අරමුණිනි. මේ වන විට සිංහගිරි ආයතනය විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හරින ප්‍රධාන පෙලේ වෙළඳ සන්නාමයන් අතර පහත දැක්වෙන ලොව ප්‍රමුඛ පෙලේ සනාමයන් පවතී. මේ වන විට ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ගෙන්වා බෙදා හරින ආයතන අතුරින් වැඩිම  ජංගම දුරකතන සන්නාමයන් ප්‍රමාණයක් ගෙන්වා බෙදා හරින්නේද සිංහගිරි ආයතනය වීමද විශේෂත්වයක්.

  1. Samsung
  2. Hisense
  3. HP
  4. Oppo
  5. Vivo
  6. Havells
  7. Godrej
  8. Ferre

මේ ආකාරයට ලොව වෙනත් ආයතන විසින් නිපදවන උපකරණ සහ උපාංග ගෙන්වා බෙදා හැරීමට අමතරව මේ වන විට සිංහගිරි ආයතනය විසින් තමන්ගේ සන්නාම නාමය යට​තේ උපකරණ සහ උපාංග නිෂ්පාදනය කිරීමේ කටයුතුද සිදු කරගෙන යනු ලබයි.

සිංහගිරි ආයතනය තම පාරිභෝගිකයන්ට භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට දිවයින පුරා විහිදුන තමන්ගේම ශාඛා ජාලයක්, තම සමාගමට අනුබද්දිත බෙදාහරින අලෙවි නියෝජිතයන්ගේ ජාලයක් සහ විදේශයන්ගේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපලෙහි තී​රු බදු රහිත වෙළඳ සැලක්ද පවත්වාගෙන යනු ලබයි.

ව්‍යාපාර ජාලයේ විහිදු​ම

සිංහගිරි ආයතනය විසින් තම ප්‍රධානම flagship store එක කොළඹ 10 ප්‍රදේශයේ T.B ජයා මාවතේ පවත්වාගෙන යනු ලබන අතර ප්‍රධානම සේවා ස්ථානය එයට යාබදව පිහිටා ඇත. සිංහගිරි ආයතනය ව්සින් පවත්වාගෙන යනු ලබන සේවා ස්ථානය තුල, සිංහගිරි ආයතනයේ පාරිභෝගිකයන්ට ගුණාත්මක බවින් උසස් සේවාවක් ලබාදීම සඳහා විදේශන්ගෙන් පුහුණුව ලත් ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පී​න් විශාල පිරිසක් සේවාවන්හී යොදවා ඇති අතර ඔවුන් විසින් විශිෂ්ඨ ගණයේ සේවාවක් සැපයීම සිදු කරයි.

සිංහගිරී ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට තම සේවාව ලබා දීම සඳහා තමන්ගේ සේවා ජාලය සහ ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කරමින් සිටින අතර ඔවුන් විසින් පිහිටුවා ඇති ප්‍රදර්ශනාගාර ජාලය Retail showroom සහ flagship plaza showroom යනුවෙන් කොටස් දෙකකට බෙදෙන අතර එම ප්‍රදර්ශනාගාර ගණන පිලිවෙලින් 100ක් සහ 12 වශයෙන් පවතී. මීට අමතරව 200කට අධික අලෙවි නියෝජිතයන්ගේ ප්‍රදර්ශනාගා​ර ජාලයක්ද ශ්‍රී ලංකාව පුරා විහිද පවතී.

අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව

සිංහගිරි ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරාම තමන්ටම අයිති වූ 100කට අධික අලෙවි ජාලයක් පවත්වාගෙන යන අතර ඔවුන් විසින්ම පවත්වාගෙන යනු ලබන අලෙවියෙන් පසු සේවා සපයන සේවා ජාලයක්ද පවත්වාගෙන යනු ලබයි. එම සේවා ජාලය තුල සිංහගිරි ආයතනය විසින් ඉතාමත් හොඳ්ඉන් අත්දැකීම් ලැබූ දක්ෂ නිලධාරීන් පිරිස​ක් සහ කාර්මික ශිල්පී​න් විශාල ප්‍රමාණයක් සේවාවන්හි යොදවා ඇත්තේ තම පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාවන් කිසි​දු අඩුපාඩුවකින් තොරව සැපයීමේ අරමුණ ඇතිවයි.

සිංහගිරි ආයතනය තම සේවා මධ්‍යස්ථනයක් දින 365 පුරාම විවෘතව පවත්වාගෙන යනු ලබන අතර ඒ හරහා ඕනෑම අවස්ථාවක තම පාරිභෝගියන්ට සේවා සැපයීම ඔවුන්ගේ අරමුණ වනවා.