මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති Spider-Man: Brand New Day චිත්‍රපටයේ ප්‍රධාන Smartphone සන්නාමය ලෙස, Sony සමාගමේ Xperia වෙනුවට Samsung සමාගම නිල වශයෙන් එක්වී තිබෙනවා.
මෙම චිත්‍රපටය පුරාම Samsungහි නවීන Foldable දුරකථන සහ Wearables ඉතා පුළුල් ලෙස භාවිතයට ගෙන තිබෙන අතර Peter Parker Galaxy Z Flip 8 දුරකථනයක් භාවිතා කරන අතර, එය Tent mode එකෙන් දැනුම්දීමක් ලබා ගන්නා අවස්ථාවක ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය කරනවා. එමෙන්ම Ned Leeds ඔහුගේ Galaxy Z Fold 8 Ultra දුරකථනයේ බහුකාර්ය හැකියාවන් සහ Galaxy Watch එකක් මත සියලු වැඩ කටයුතු සඳහා විශ්වාසය තබන ආකාරයත් චිත්‍රපටය හරහා දැක ගන්න පුලුවන්.
මෙහිදි Ned Leeds, සිය Galaxy Z Fold දුරකථනයේ ට්‍රැකින් යෙදුමක් (tracking application) නිර්මාණය කිරීමත් දැක ගන්න පුලුවන්. Samsung විසින් මෙම සංකල්පය සැබෑ ලෝකයේ අන්තර්ක්‍රියාකාරී වෙබ් අඩවි ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ඇති අතර, Spidey Tracker ලෙස නම් කර ඇති ඒ හරහා රටවල් 35 ක රසිකයින්ට Spider Man දර්ශනය වූ ස්ථාන ලුහුබැඳීමට සහ සැඟවුණු රහස් සොයා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මෙම චිත්‍රපටය දීර්ඝ Samsung වෙළඳ දැන්වීමක් ලෙස හැඟෙන බව පවසමින් සමහර අන්තර්ජාල ප්‍රජාවන් සහ Reddit භාවිතා කරන්නන් චිත්‍රපටය විවේචනය කර තිබුණත්, තාක්‍ෂණික විචාරකයින් පෙන්වා දී ඇත්තේ Z Flip 8 හි එක් වෙළඳ දැන්වීමක් වැනි දර්ශනයක් හැරුණු විට, මෙම Samsung උපාංග කතාවට ස්වභාවිකවම බද්ධ වී ඇති බවත් ඒවා චිත්‍රපටය නැරඹීමේ අත්දැකීමට කිසිදු බාධාවක් නොවන බවයි.


නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කුමන විවාදයන් තිබුණද, 2026 ජූලි 31 වන දින තිරගත වීම ආරම්භ වූ 'Spider Man: Brand New Day' චිත්‍රපටය අතිශය දැවැන්ත වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති අතර එය මෑතකදී Box Office ඉතිහාසයේ විශාලතම දේශීය සමාරම්භක සතිඅන්තය හිමිකර ගත් අතර, දින හයක් වැනි කෙටි කාලයක් තුළ ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 1 සීමාව පසු කිරීමට සමත් වුවා.









