Samsung galaxy S26 මාදිළිය සමග නිකුත් වීමත් සමඟ One UI 8.5 යාවත්කාලීනය මේ වන විට අනෙකුත් මාදිළි සඳහාද ලබා දීම ආරම්භ වී තිබෙනවා. මෙහිදී දුරකතයේ ක්‍රියාකාරිත්වය, සම්බන්ධතාවය සහ කෘතිම බුද්ධි තාක්ෂණයන් අතින් සැලකිය යුතු වැඩි දියුණු කිරීම් දැකගත හැකියි. මෙම සංස්කරණය හරහා හඳුන්වා දී ඇති ප්‍රධානතම විශේෂාංග පහත වනවා. මෙම විශේශාංග සියල්ලම හෝ ඉන් තෝරාගත් විශේශාංග කිහිපයක් ඔබේ දුරකථනයේ හැකියාවන් මත ලැබීමට නියමිත වනවා.

• AI Call Screening: Bixby Text Call හි දියුණු අවස්ථාවක් වන මෙය, හඳුනා නොගත් හෝ කරදරකාරී (spam) ඇමතුම්වලට ස්වයංක්‍රීයව පිළිතුරු දෙනවා. ඇමතුම් ලබා දෙන්නාගේ අරමුණ විමසා එය තිරය මත අකුරින් පෙන්වන (live transcript) බැවින්, ඔබට ඇමතුමට සම්බන්ධ වීමට හෝ නොසලකා හැරීමට හැකියි.
• Creative Studio: AI මගින් නිර්මාණ සිදු කිරීමට සකස් කළ නව වේදිකාවක් වන අතර මෙහිදී ඔබට රූපවල aspect ratios පාලනය කරමින් විවිධ කලාත්මක ස්ටිකර් සහ වෝල්පේපර් නිර්මාණය කළ හැකියි.
• Photo Assist: මෙහි ඇති දියුණු edit විශේෂාන්ගය භාවිතයෙන් ඡායාරූපයකට අලුත් දේවල් එක් කිරීමට, පසුබිමේ ඇති බාධා ඉවත් කිරීමට හෝ ඡායාරූපයේ ස්වභාවය වෙනස් කිරීමට හැකියි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබ සිදු කළ වෙනස්කම් පෙර අවස්ථාවන් සමග සැසඳීමට (edit history) හැකි වීමයි.
• AI ගොනු සාරාංශ: My Files ඇප් එක හරහා PDF, ලේඛන ගොනු සහ හඬ පටිගත කිරීම්වල ඇති කරුණු කෙටි කර සාරාංශයක් ලෙස ලබා දීමට උපාංගය තුළම ක්‍රියාත්මක වන AI තාක්ෂණයට හැකියාව තිබෙනවා.
• AI Weather Effect: ඔබ සිටින ප්‍රදේශයේ කාලගුණය අනුව ඔබගේ lock screen එකේ weather effect දර්ශනය වනවා.
• Bixby සහ Perplexity ඒකාබද්ධතාවය: Bixby දැන් Perplexity තාක්ෂණය භාවිත කරන බැවින්, බ්‍රවුසරයකට නොගොස් ඕනෑම සංකීර්ණ ගැටලුවකට සජීවීව පිළිතුරු ලබා දීමට එයට හැකියාව තිබෙනවා.


පද්ධති සහ කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීම්
• නවීකරණය කරන ලද Quick Panel: මෙය විශාල tiles සහ වඩාත් ක්‍රමවත් පරතරයකින් යුතුව සම්පූර්ණයෙන්ම අලුත් කර ඇත. මෙහිදී brightness volume ස්ලයිඩර්වල ප්‍රමාණය වෙනස් කිරීමට සහ එක් එක් අයිකන වෙන වෙනම කළමනාකරණය කිරීමට වැඩි නම්‍යශීලී බවක් ලබා දී තිබෙනවා.
• Screen Recoder: දැන් ඔබට සම්පූර්ණ තිරයම වෙනුවට තිරයේ අවශ්‍ය කොටසක් පමණක් පටිගත කළ හැකි වනවා.
• නව Portrait Filters: ඡායාරූපවලට සිනමාත්මක පෙනුමක් ලබා දෙන නව ෆිල්ටර් තුනක් එක් කර තිබෙනවා.
• Audio Eraser & Voice Focus: වීඩියෝවල ඇති හඬවල්, සංගීතය සහ පසුබිම් ශබ්ද එකිනෙකින් වෙන් කළ හැකි මෙවලමකි. මෙය YouTube වැනි වෙනත් තෙවන පාර්ශවීය සඳහාද භාවිතා කළ හැකියි.
• Apple උපාංග සඳහා Quick Share සහාය: දැන් Quick Share හරහා Galaxy උපාංග සහ Apple නිෂ්පාදන (iPhone, Mac) අතර ඉතා පහසුවෙන් ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කළ හැකියි.
• Storage Share: ඔබගේ Galaxy දුරකථන සහ ටැබ්ලට් අතර ඇති ෆෝල්ඩර සහ ලිපිගොනු සජීවීව පරිශීලනය කිරීමේ හැකියාව දැන් පවතිනවා.
• Document Scanning: කැමරා ඇප් එකටම මෙය සම්බන්ධ කර ඇති අතර මෙහිදී ලේඛනයක් ස්කෑන් කරන විට ඇඟිලි සලකුණු වැනි බාධා ඉවත් කර එය PDF ගොනුවක් ලෙස සුරැකීමට අවස්ථාව ලබා දෙනවා.
• Theft Protection: දුරකථනය සොරකම් කළහොත් එය හඳුනාගෙන ස්වයංක්‍රීයව ලොක් වීම (Theft Detection Lock) ඇතුළු ආරක්ෂිත පියවර රැසක් මෙයට ඇතුළත් වනවා.
• පෙනුම සහ අතුරු මුහුණතේ වෙනස්කම්: එක් අතකින් භාවිත කිරීමට පහසු වන සේ search bars පහළට ගෙන ඒම, haptic feedback සහිත නිවේදන සහ වඩාත් පැහැදිලි සෙටින්ග්ස් මෙනුවක් මෙහි දක්නට ලැබෙනවා.
• දියුණු කැමරා පාලනයන්: Pro Video මාදිලියේ ඇති අනවශ්‍ය අයිකන් ඉවත් කර තිරය පැහැදිලි කර ගැනීමේ හැකියාව සහ වීඩියෝවල වර්ණ වඩාත් හොඳින් සකස් කිරීමට අවශ්‍ය LUT සහාය මෙයට එක් කර ඇත.
Annimations තවදුරටත් smooth වී ඇති අතර samsung apps හි නව වෙනස්කම් කිහිපයක් ද මේ සමග අන්තර්ගත වේ.









