Samsung සමාගම Android 17 මත පදනම් වූ ඔවුන්ගේ One UI 9.0 තම දුරකතන වෙත නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. පෙර යාවත්කාලීනයන් සේම මෙහිද ඇතැම් විශේෂාංග Flagship දුරකතන සදහා පමණක් සීමා වන අතර ඔබගේ දුරකතනයේ හැකියාවන් මත මෙම සියලු විශේෂාංග හෝ ඉන් කිහිපයක් ඉදිරි කාලයේදී ලැබීමට නියමිතයි.

Galaxy AI & Creator Tools
My FanCam මඟින් wide-angle හෝ group video එකක තෝරාගත් පුද්ගලයෙකු AI මඟින් හඳුනාගෙන automatically track කිරීම සිදු කරන අතර එම footage එක social media සඳහා vertical හෝ square format වලට reframe කිරීමටද හැකියාව ලබා දී තිබෙනවා.
Now Nudge මඟින් app එක තුළ සිදුවන conversation එකේ context එක හඳුනාගෙන calendar events, locations සහ reservation details වැනි relevant actions one-tap options ලෙස ලබා දෙනවා.
Now Brief Customization හරහා health, weather සහ media සඳහා generative, editable information cards ලබාදෙන අතර, ඒවායෙන් direct actions සිදුකළ හැකියි.
Interpreter Thread View translation conversations සඳහා chat style history එකක් ලබාදෙමින් පෙර translations නැවත බැලීමට ඉඩ සලසනවා.
Productivity & Everyday Utilities
Document Scan Upgrades මඟින් නැමුණු documents scan කිරීමේදී perspective correction සහ වැඩිදියුණු කළ Finger Eraser tool එකක් ලබා දෙනවා.
Structured Voice Recorder transcription summaries automatically headings, bullet points සහ tables වැනි organized formats වලට සකස් කිරීම සිදු කල හැකි වනවා.
Samsung Notes Study Tools හි Tape tool එකෙන් notes කොටස් hide කර selfquizzing සඳහා භාවිත කළ හැකි අතර, handwritten notes straight කිරීමට automatic alignment ද තිබෙනවා.
Samsung DeX Improvements මඟින් multi monitor support සහ වැඩිදියුණු කළ window tiling options ලබා දෙනවා.
Interface & Customization
Intelligent Lock Screen Wallpapers මඟින් wallpaper එකේ subject එක clock සහ widgets සමඟ overlap නොවන ලෙස framing automatically adjust කරන අතර Generative background fill හරහා image composition එකද balance කළ හැකියි.
Refined Quick Panel මඟින් toggle placement, sliders සහ quick access shortcuts සඳහා වැඩි customization options ලබා දෙනවා.

Privacy, Security & Device Care
Warranty & Care in Settings dashboard එකක් හරහා warranty status, device diagnostics, repair estimates සහ Samsung Care+ තොරතුරු එකම ස්ථානයකින් ලබාගත හැකියි.
On-Device Privacy Alerts මඟින් apps වල background activity සහ unnecessary sensor හෝ permission requests පිළිබඳ alerts ලබාදීමට AI භාවිත කරනවා.
Security Brief හරහා sideloaded apps, malware threats සහ network permissions වැනි security-related information Now Brief එක තුළින්ම පෙන්වයි.

මීට අමතරව Samsung Apps වල වෙනස්කම් සහ Animation වැඩි දියුනු කිරීම් දක්නට ලැබෙනවා.










