Loading...
වෙළෙඳපොලට නිකුත් වන Googlebook

Googlebook යනු අපගේ කාර්යබහුල ජීවිතයට වඩාත් ගැලපෙන ලෙස නිර්මාණය කළ නව Laptop මාදිලියක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. Android තාක්ෂණික පදනම සහ ChromeOS හි Desktop තාක්ෂණයන් එකතු කරමින් නිර්මාණය කර ඇති Googlebook, Gemini AI සඳහා optimized කර ඇති අතර Android දුරකථනය සමඟ පහසුවෙන් සම්බන්ධ වී ක්‍රියා කිරීමේ හැකියාවද ලබා දී තිබෙනවා.

අද බොහෝ දෙනා තම වැඩකටයුතු Smartphone එකෙන් ආරම්භ කර Laptop එකෙන් අවසන් කරන අතර Android භාවිත කරන්නන්ට මෙම අත්දැකීම වඩාත් පහසු කිරීම සඳහා Google සමාගම Acer, ASUS, Dell, HP සහ Lenovo වැනි ප්‍රමුඛ Laptop නිෂ්පාදකයන් සමඟ එක්ව Googlebook හඳුන්වා දී තිබෙනවා.

Premium Hardware

ඩොලර් $899 සිට ආරම්භ වන මෙම Laptops සඳහා Aluminum, Magnesium alloy සහ Carbon fiber වැනි Premium Materials භාවිත කර තිබෙනවා. ඇතැම් Models සඳහා 2.8K OLED Touchscreen, Haptic glass trackpad සහ Backlit keyboard ද ඇතුළත් වනවා. Intel සහ Qualcomm හි ඉහළ මට්ටමේ Processors සමඟ 45+ TOPS හැකියාවක් ඇති Dedicated NPU chips භාවිත කර ඇති අතර, එක් Charge එකකින් පැය 14ක් දක්වා Battery life එකක් ලබාදීමටද හැකියාව තිබෙනවා.

Google විසින් ජනප්‍රිය Glowbar Feature එකද මේ සමඟින් නැවත හඳුන්වා දී ඇති අතර Laptop එක On කරන අවස්ථාවේ එය ආලෝකමත් වන අතර Battery Level එක පෙන්වීමට සහ Gemini සමඟ කතා කරන විට විවිධ Animations පෙන්වීමද මෙය මගින් සිදු වනවා.

Android Phone එක සමඟ සම්බන්ධතාවය

Googlebook හි විශේෂත්වයක් වන්නේ එය Android phone එක සමඟ සමීපව ක්‍රියා කිරීමයි. Android සහ laptop එක එකිනෙක වෙනස් devices ලෙස නොව, එකම ecosystem එකක කොටස් ලෙස ක්‍රියා කිරීමට Google විසින් මෙය නිර්මාණය කර ඇත.

Device එක setup කිරීමේදී Android phone එකේ settings, saved passwords, Wi-Fi networks සහ messages වැනි තොරතුරු end-to-end encryption සමඟ laptop එකට ලබාගත හැක.

Continue On

Phone එකෙන් ආරම්භ කළ වැඩක් laptop එකෙන් එම ස්ථානයේ සිටම ඉදිරියට කරගෙන යා හැකිය.

Source: https://storage.googleapis.com/gweb-uniblog-publish-prod/original_videos/Continue_On_Video.mp4#t=0.001

Files

Phone එකේ ඇති files සහ photos සොයා ගැනීමට downloads අතර හෝ email attachments අතර සෙවීමට අවශ්‍ය නොවේ. Googlebook හි Files app එක හරහා ඒවා පහසුවෙන් access කළ හැක.

Cast My Apps

Phone එකේ apps laptop screen එකේ desktop window එකක් තුළ open කර interact කිරීමට Cast My Apps පහසුකම ලබා දෙයි. උදාහරණයක් ලෙස delivery app එකක් භාවිත කිරීම හෝ Messages app එකෙන් verification code එකක් ලබාගැනීම laptop එකෙන්ම සිදු කළ හැක.

Gemini AI සමඟ Smart Desktop Experience

Googlebook එක Gemini Intelligence සඳහා නිර්මාණය කර ඇති අතර එමඟින් desktop වැඩකටයුතු වඩාත් පහසු කිරීමට AI features රැසක් ලබා දෙයි.

Magic Pointer

Cursor එක wiggle කිරීමෙන් screen එකේ ඇති content එක සම්බන්ධයෙන් Gemini වෙත ප්‍රශ්න ඇසිය හැක. උදාහරණයක් ලෙස messy calendar එකක් organize කිරීම හෝ text එකක් translate කිරීම වැනි කාර්යයන් සිදු කළ හැක.Gemini ක්‍රියා කරන්නේ පරිශීලකයාගේ ඉල්ලීම මත පමණක් වන අතර අවශ්‍ය නම් මෙම feature එක සම්පූර්ණයෙන්ම off කළ හැක.

Rambler

Quick Insert key එක අසල ඇති Rambler මඟින් ඔබ කතා කරන දේ organized writing එකක් බවට පත් කළ හැක.Notes, action items හෝ ඔබේ අදහස් stream එකක් ලෙස පැවසූ විට Rambler ඒවා headings, checklists සහ formatted summaries ලෙස සකස් කරයි. භාෂා කිහිපයකින් කතා කළත් එය භාවිත කළ හැක.

Create My Widget

Desktop එකට අවශ්‍ය custom widget එක plain language මඟින් විස්තර කළ විට Create My Widget මඟින් එය නිර්මාණය කර දීමට හැකියාව ඇත.

Web සහ Android Apps එකම තැනක

Googlebook මඟින් desktop-class Chrome browser, Chrome extensions සහ Google Play Store එකේ Android apps එකම platform එකකට ගෙන එයි.Large screens, mouse සහ keyboard සඳහා optimized කර ඇති Android apps මිලියන ගණනක් භාවිත කළ හැක.Adobe Photoshop, Adobe Lightroom සහ CapCut වැනි creative applications භාවිත කළ හැකි අතර Netflix සහ HBO Max වැනි streaming services සඳහා offline viewing පහසුකමද ලබා දෙයි.

Gaming සඳහා Android games දහස් ගණනක් සමඟ ඔබ සතුව ඇති AAA PC games play කිරීමට හැකි අතර සෑම Googlebook purchase එකක් සමඟම GeForce NOW සඳහා මාස 12ක complimentary access එකක්ද ලැබේ.

Developers සඳහා පහසුකම්

Developers සහ makers සඳහා Googlebook තුළ Antigravity, AI agent development platform එක ඇතුළත් වේ.එමඟින් device එක තුළම applications build, test සහ deploy කළ හැක.තවද full terminal environment එකක් ලබා දෙන බැවින් Claude Code හෝ Antigravity CLI වැනි development tools භාවිත කර advanced coding සහ AI-agent based development සිදු කළ හැක.

ආරක්ෂාව සහ නව Software Architecture

Googlebook හි security architecture එක ChromeOS හි security model එක මත පදනම් වේ.Google Titan hardware root of trust, defense-in-depth architecture සහ on-device malware detection වැනි security technologies භාවිත කර පරිශීලක දත්ත ආරක්ෂා කරයි.Laptop category එක තුළ පළමු වරට Level 5 security-certified pKVM hypervisor එකක්ද මෙහි භාවිත කර ඇත.

මෙම hypervisor එක මඟින් isolated Linux environment එකක් ලබා දෙන අතර full terminal access හරහා Linux development tools, code repositories සහ autonomous AI agents ආරක්ෂිතව run කළ හැක.

මිල සහ Availability

Googlebook laptops වල මිල $899 සිට ආරම්භ වේ.

සෑම device එකක් සමඟම:

  • මාස 12ක Google AI Pro
  • 5TB cloud storage
  • Gemini සඳහා වැඩි usage limits
  • මාස 3ක YouTube Premium
  • Adobe Photoshop සහ තවත් services

ලබා දෙන බව Google සඳහන් කරයි.

Googlebook OS සඳහා regular feature updates ලබාදෙන අතර වසර 10ක් දක්වා software updates ලබාදීමටද සැලසුම් කර ඇත.දැනට Google Store, Best Buy සහ තෝරාගත් retailers හරහා pre-orders ලබාගත හැක.U.S. වෙළඳපොළේ devices October 4 සිටත්, Canada, UK, Ireland, France, Germany සහ Australia යන රටවල October 5 සිටත් වෙළඳපොළට පැමිණීමට නියමිතය.

Source: blog.google