ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා ක්ෂේත්රයේ නව පෙරළියක් සිදු කරමින් 2025 වසරේදී තම සේවාව ලබා දීම ඇරඹු, Starlink විසින් මෙරට පරිශීලකයින් සඳහා විශේෂ ප්‍රවර්ධන මිල ගණන් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. නව ග්‍රාහකයින් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම විශේෂ වැඩසටහන යටතේ, නව සම්බන්ධතා සඳහා විශේෂ මිල අඩු කිරීම් මෙන්ම, තෝරාගත් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ට ඉතා අඩු මාසික ගාස්තුවක් යටතේ අන්තර්ජාල සේවාව ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.
නවීන අන්තර්ජාල අත්දැකීමක් අඩු වියදමකින්

මෙම නවතම ප්‍රවර්ධන මිල ගණන් යටතේ වඩාත්ම අවධානයට ලක්ව ඇති විකල්පය වන්නේ Residential Lite පැකේජයයි. මෙහි ආරම්භක මාසික ගාස්තුව රුපියල් 4,600 ක් වැනි අවම මට්ටමක පවතින අතර, මෙම විශේෂ දීමනාව ලබාගත හැක්කේ 2026 දෙසැම්බර් 1 වන දිනට පෙර ලියාපදිංචි වන නව ග්‍රාහකයින්ට පමණි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙම පැකේජයක සාමාන්‍ය මාසික ගාස්තුව රුපියල් 9,200 ක් වන අතර, Standard Residential පැකේජයක් සඳහා මාසිකව රුපියල් 15,000 ක් පමණ අය කෙරේ. නමුත් මෙම දීමනාව සමඟ එම පැකේජයේ මාසික ගාස්තුව රුපියල් 7,500ක් වනවා.
සැලකිල්ලට ගත යුතු විශේෂ කරුණු සහ සීමා කිරීම්
මෙම අඩු මිල යටතේ ලබාදෙන දීමනාව දිවයිනේ සියලුම ප්‍රදේශ සඳහා එක ලෙස ක්‍රියාත්මක නොවේ. එය සීමිත ආවරණ ප්‍රදේශ කිහිපයකට පමණක් අදාළ වන අතර, නව ග්‍රාහකයින්ට පමණක් මෙය හිමිවේ.
තවද Starlink නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මෙම දීමනා මාස 6ක් හෝ 12ක කාලයක් තෙක් වලංගු වනවා.

තවද, මෙම ලයිට් පැකේජය ඔස්සේ උපරිම වේගය 200 Mbps දක්වා ළඟා විය හැකි වුවද, අධික ජාල තදබදයක් පවතින කාර්යබහුල වේලාවන්හිදී (Peak hours) අන්තර්ජාල වේගය තරමක් අඩුවීමට හෝ ප්‍රමාද වීමට ඉඩ ඇත. එබැවින්, අඛණ්ඩව එකම වේගයක් අපේක්ෂා කරන පරිශීලකයින් තම ප්‍රදේශයේ ආවරණ තත්ත්වය පිළිබඳව පූර්ව දැනුවත් වීම වැදගත් වේ.
උපකරණ මිලදී ගැනීම සහ පහසු ගෙවීමේ ක්‍රම
මීට පෙර රුපියල් 119,000 ක් වූ Starlink Hardware Kit එකෙහි මිල, මෙම විශේෂ ප්‍රවර්ධනය යටතේ රුපියල් 59,500 දක්වා 50%ක වට්ටමක් ලබා දී තිබෙනවා.

මෙමඟින් මෙරට ග්‍රාහකයින්ට වේගවත් සහ ස්ථාවර Satalite අන්තර්ජාල පහසුකම් අත්විඳීමට හැකි වී ඇති අතර, විශේෂයෙන්ම සාම්ප්‍රදායික Fibre හෝ Cable පහසුකම් දුර්ලභ දුර බැහැර ප්‍රදේශවල ජනතාවට මෙය මහත් සහනයක් වී තිබේ. 2026 දෙසැම්බර් 1 වන දිනට පෙර මෙම දීමනාව ලබා ගැනීමට අපේක්ෂා කරන නව ග්‍රාහකයින්ට නිල වෙබ් අඩවිය හරහා හෝ අනුමත අලෙවි නියෝජිතයින් හරහා තවදුරටත් තොරතුරු ලබාගත හැකි වේ.
Source: www.starlink.com








