ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රය සහ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය නවතම මාවතකට යොමු කරමින්, කාඩ්පත් රහිත (Cardless) පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි දැවැන්ත විප්ලවයක් සනිටුහන් කිරීමට ලංකා බැංකුව (BOC) සමත්ව තිබේ. ඒ අනුව, මෙරට ප්‍රථම ජංගම දුරකථන ස්පර්ශක ගෙවීම් සේවාව වන BOC Flex Tap & Pay’විශේෂාංගය පසුගිය දා (9) කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී පැවැත්වුණු උත්කර්ෂවත් උත්සවයකදී නිල වශයෙන් ජනගත කෙරිණි.

මුදල් නෝට්ටු මත යැපීම අවම කරමින්, වඩාත් ආරක්ෂිත, විනිවිදභාවයකින් යුත් සහ කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් රටාවක් (Digital Payment Ecosystem) රට තුළ ප්‍රචලිත කිරීමේ ජාතික අරමුණ පෙරදැරි කරගෙන, Mastercard ආයතනය සමඟ ඒකාබද්ධ වෙමින් ලංකා බැංකුව මෙම සුවිශේෂී තාක්ෂණය මෙරට පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දී ඇත.
ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය (Digital Transformation) වේගවත් කිරීම සඳහා රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම බැංකුවක් මෙලෙස පෙරමුණ ගැනීම සැබවින්ම අගය කළ යුත්තකි.
මොකක්ද මේ BOC Flex Tap & Pay තාක්ෂණය?

මෙම නවතම Tap & Pay පහසුකම හරහා පාරිභෝගිකයන්ට තමන්ගේ එදිනෙදා ගනුදෙනු සහ බිල්පත් ගෙවීම් සිදු කිරීමේදී කිසිදු භෞතික ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් ළඟ තබා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. තමන්ගේ ජංගම දුරකථනය වෙළඳසැල්වල ඇති POS Machine එකට Tap කිරීමෙන් ඉතා වේගයෙන් සහ ආරක්ෂිතව ගෙවීම් අවසන් කිරීමට මෙයින් අවස්ථාව ලැබේ.
මෙහි ඇති සුවිශේෂී තාක්ෂණික සහ ආරක්ෂක විශේෂාංග
- Virtual Cards: පාරිභෝගිකයාට තමන්ගේ Mobile Application එක හරහා මිනිත්තු කිහිපයක් ඇතුළත ඩිජිටල් කාඩ්පතක් සකස් කරගත හැකි අතර, එය ඉතා පහසුවෙන් කළමනාකරණය කිරීමටද හැකියාව ලැබේ.
- තාවකාලිකව අත්හිටුවීමේ හැකියාව: යම් හෙයකින් ආරක්ෂක ගැටලුවක් මතු වුවහොත් හෝ අවශ්‍යතාවයක් වුවහොත්, ඕනෑම වේලාවක ජංගම දුරකථනය හරහාම කාඩ්පතේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව නැවැත්වීමේ සුවිශේෂී ආරක්ෂක පියවරක් මීට ඇතුළත් වේ.
- වේගය සහ පහසුව: මුදල් පසුම්බිවල කාඩ්පත් සෙවීමට හෝ මුදල් නෝට්ටු මාරු කිරීමට යන කාලය ඉතිරි කරමින්, තත්පර ගණනකින් ගනුදෙනුව නිම කළ හැකිය.
ලංකා බැංකුව සහ Mastercard ආයතනය එක්ව හඳුන්වා දුන් මෙම ‘BOC Flex Tap & Pay’ සේවාව, ශ්‍රී ලංකාව "මුදල් රහිත සමාජයක්" කරා ගෙන යන ගමනේ සන්ධිස්ථානයකි. Smart ජංගම දුරකථනයක් ඇති ඕනෑම අයෙකුට දැන් වඩාත් කාර්යක්ෂමව සහ ඉහළම ආරක්ෂාවක් සහිතව තම මුදල් පාලනය කිරීමටත්, ගෝලීය මට්ටමේ ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් විඳගැනීමටත් මෙයින් මඟ පෑදේ.
කෙසේවෙතත් දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම Virtual Cards NFC හරහා භාවිතා කළ හැක්කේ BOC Flex App එක ඔස්සේ පමණක් වන අතර තවමත් Google Wallet හෝ Apple Wallet වෙත Add කළ නොහැකි වනවා. ඉදිරියේදී ඒ පිළිබඳව තොරතුරු අපට බලාපොරොත්තු විය හැකියි.
රාජ්‍ය බැංකු පද්ධතියෙන් ඇරඹි මෙම ඩිජිටල් පිම්ම, ඉදිරියේදී මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන්ටද නව පණක් දෙනු ඇතැයි නොඅනුමානය.
Source: Ministry of Digital Economy FB Page








