ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ හා බලශක්ති ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින්, Electricity Distribution Lanka (Private) Limited ආයතනය විසින් ඔවුන්ගේ නිල ජංගම දුරකථන යෙදුම වන EDLCare නිල වශයෙන් දියත් කර තිබෙනවා.
මින් ඉදිරියට පාරිභෝගිකයන්ට තමන්ගේ විදුලි ගිණුමට අදාළ සියලුම සේවාවන් සහ තොරතුරු එකම තැනකින්, ඉතාමත් පහසුවෙන් ලබා ගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

එකම තැනකින් සියලුම සේවාවන්
මෙම නවතම EDLCare App එක මඟින් පාරිභෝගිකයාට තමන්ගේ විදුලි පරිභෝජනය, බිල්පත් ගෙවීම් සහ අනෙකුත් සේවාවන් රැසක් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහාම කළමනාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. දිගු පෝලිම්වල රිංගමින් කාලය නාස්ති නොකර, Clicks කිහිපයකින් වැඩකටයුතු කර ගැනීමට ලැබීම විශේෂත්වයක්.
- බාගත කර ගැනීමට පිවිසෙන්න: edlcare.edl.lk/incognito/apps
- Apple App Store, Google Play Store සහ Huawei AppGallery හරහා ඕනෑම Smart ජංගම දුරකථනයකට දැන් මෙය Install කර ගත හැකියි.
CEBCare පරිශීලකයන්ට විශේෂ දැනුම්දීමක්!
ඔබ දැනටමත් CEBCare App එක භාවිත කරන පාරිභෝගිකයෙක් නම්, EDLCare යෙදුම සඳහා නැවත අලුතින් ලියාපදිංචි වීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔබගේ පවතින CEBCare Username සහ Password ඒ ආකාරයෙන්ම භාවිත කරමින් ඉතාමත් බාධාවකින් තොරව EDLCare App එකට Log වීමේ හැකියාව පවතිනවා.
Source: EDL FB Page








