Loading...
WhatsApp සඳහා AI-Powered Chat විශේෂාංගයන් දීමට සුදානම් වේ

පසුගියදා පැවති Meta Connect Event එක අතරතුරේදී Meta සමාගමේ CEO මාර්ක් සකර්බර්ග් විසින් Meta සමාගමේ නවතම නිෂ්පාදනයන් සහ කෘතිම බුද්ධිය භාවිතා කොට නිපදවන ලද නව විශේෂාංග කිහිපයක්ද හඳුන්වාදීම සිදු කළා.


AI stickers

Source: meta

පසුගිය මාස කිහිපය තුළ WhatsApp වෙත නව විශේෂාංග රැසක් එකතු වූ අතර එම විශේෂාංග අතර කෘතිම බුද්ධිය භාවිතයෙන් Sticker නිර්මාණය කිරීමේ හැකියාව ඉදිරියේදී ලැබෙන බව ඊට පෙරදීම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ පරිදිම එම විශේෂාංගය නිල වශයෙන් ඊයේ WhatsApp වෙත හඳුන්වාදෙනු ලැබුවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Stickers Pannel එක විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වනවා. එය Click කළ විට ලැබෙන Popup Window එකෙහි ඔබට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුළත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගත හැකිවනවා.

AI chats

2023 වසර කෘතිම බුද්ධිය ගැන වැඩියෙන්ම කතා බහට ලක්වූ වර්ෂයක් වූයේදී Chat Based Model එකක් වුණු ChatGPT එළිදැක්වීමත් සමඟිනුයි. ඉන් පසුව Bing AI, Google Bard වැනි වෙනත් Chat Based AI Models එළිදැක්වීම සිදු වූවා. මේ ආකාරයෙන්ම Meta සමාගම විසින් WhatsApp වෙතද මේ අයුරින් ඕනෑම දෙයක් අසා දැනගැනීමට හැකි Chat Based AI Model එකක් Meta AI නමින් එළිදක්වා තිබෙනවා. Mark Zukerberg විසින් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙය ඉදිරියේදී Facebook Messenger සහ Instagram Direct වෙතද ලබා දෙන බවයි.

Source: wabetainfo.com

Photorealistic Image Generation

Source: meta

තවද Midjourney හි ආකාරයෙන් Generative AI භාවිතයෙන් යම් කිසි Prompt එකක් මෙයට ලබා දී ඊට ගැලපෙන Images Generate කර ගත හැකි වනවා.

Meta සමාගම විසින් සඳහන් කරන ආකාරයට මේ AI Tools වෙත ලබා දෙන පණිවිඩ කියවිය හැක්කේ AI Model එකට පමණක් වන අතර ඒවාද සාමාන්‍ය ආකාරයෙන් End to End Encrypt කර තිබෙනවා.


කෙසේ වෙතත් මේ Event එක තුළ සිදු කළේ මේවා හඳුන්වාදීමක් පමණක්වන අතර නුදුරේදීම මේ විශේෂාංග Beta පරිශීලකයන් වෙත ලබා දී පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිශීලකයන් වෙතද ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.

ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Sources: blog.whatsapp.com wabetainfo.com