Loading...
Groups සඳහා Blue Verification Badge එක ලබාදීමට Facebook ආයතනයේ සූදානමක්

Facebook සමාජ ජාලා වෙබ් අඩවිය නිරතුරුවම භාවිතා කරන අයෙක් නම්, ඔබ අනිවාර්‍යයෙන් දැනුවත් ඇති Facebook Verified Pages සහ Facebook Verified Profiles ගැන. ඉතිං අපි දන්නවා සාමාන්‍යෙන් Facebookහි Verified badge එක ගන්න ලේසියෙන් බැරි බව.

ඒ වගේම Facebook Verification වල මෑතක් වන තුරු Blue badge සහ Grey badge ලෙස කොටස් දෙකකින් පැවතුනා. මෙයින් Gray badge එක ලබා දුන්නේ Local business verification එකක් ලෙසිනි. එහි බලාපොරොත්තුව වූයේ පාරිභෝගිකයන්ට තම ගණුදෙනුකාර ආයතනයේ සත්‍ය Facebook Page එක හඳුනා ගැනීමට සහය පල කිරීමයි.

කෙසේ වුවත් Facebook සමාගමේ තීරණයකට අනුව Gray badge verification එක 2019 වර්ෂයේ අග ඔක්තෝම්බර් මාසයේ 30 වන දිනෙන් භාවිතාවෙන් ඉවත් කෙරුණා.

එයට හේතුව ලෙස Facebook සමාගම පවසා සිටියේ, තම පරිශීලකයන් Blue සහ Grey ලෙස දකිනා Badge වලින් ඇති වන ව්‍යාකූල තත්වය ඉවත්කිරීමට තමන් මෙම තීරණය ගත් බවයි.

“Based on feedback, we’re removing the gray badge and focusing on other ways for businesses to show their authenticity on Facebook,”

ඊයේ දිනයේදී Facebook පරිශීලකයෙකු විසින් පල කල සටහනක සටහන් වූයේ Facebook Group සඳහාද Blue Verification badge ලබාදීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන ආකාරයයි.

Verified groups කීයක් දැකලා තියෙයිද?

Posted by Seniru Bandara on Saturday, August 29, 2020

මෙම තොරතුරත් සමඟම මේ පිළිබඳ අප විසින් සොයා බැලීමේදී [Testing] Verified Badge ලෙස හැඳින්වෙන Facebook Group එකක් Facebook searchහි සටහන් වූ අතර එය පහතාකාරයට අපට දිස්විය.

නමුත් search result ඔස්සේ දිස්වූ මෙම Facebook group එකක් වෙත පිවිසි විට search resultහි දිස්වූ blue verification badge එක group එකේ නමට ඉදිරියෙන් දකින්නට නොලැබුණි. කෙසේ වෙතත් මෙම Group එක වෙත Join වීමට අප විසින් කල request එක එහි Administratorsලා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. එමෙන්ම මෙහි තවත් විශේෂත්වය වන්නේ මෙම Facebook Group එක නිර්මාණය කර මාස 7ක්ද ගෙවී තිබීමයි. එහි Group creation date ලෙස 2020 පෙබරවාරි 13 වන දිනය සඳහන්ව තිබුණි.

එහිදී තවත් පරීක්ෂා කිරිමේදී මෙම සමූහයේ Administratorsලා වශයෙන් කටයුතු කරන්නේ Facebook ආයතනයේ මෘදුකාංග සංවර්ධකයන් පිරිසක් බව ඔවුන්ගේ ප්‍රොෆයිල් වල සඳහන් රැකියා තොරතුරු වලින් දිස්විය. ඔවුන්ගේ නම් පහතින් දැක්වේ.

නමුත් මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමේදී Facebook සමාගම විසින් මේ වන තුරුත් මේ ගැන කිසිඳු දෙයක් ප්‍රකාශ කර නැති බැවින් මෙ‍ය නිශ්චිතවම ලබා දේද යන්න ප්‍රකාශ කල නොහැකි අතර, මෙය තවමත් සංවර්ධනය කරමින් පවතින ඉදිරියේදී Facebook පරිශීලකයන් වෙත හඳුන්වා දීමට බලාපොරොත්තු වන නව පහසුකමක් ලෙස හැඳින්විය හැක.

මේ පිළිබඳව තොරතුරු තහවුරු වූ විගස ඔබට ඒ පිළිබඳ ගෙන එන්නෙමු.