Loading...
ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් TRUTH Social නමින් අලුත්ම සමාජ මාධ්‍ය ජාලයක්

මේ වන විට සමාජ මාධ්‍ය ජාලා කියන්නේ ලෝකය පුරාම සන්නිවේදනය සඳහා සුලබව භාවිතා වෙනවා. හැබැයි හොඳින් බැලුවොත්, මේ සමාජ මාධ්‍ය ජාලා ලෝකයේ බලවත් සමාගම් කිහිපයකින් පමණක් පවත්වාගෙන යන බව අපට දැක ගන්න පුළුවන්. මේ වන විට ඇමෙරිකානු හිටපු ජනපති Donald Trump ට අනුව, ඔහුගේම සමාජ මාධ්‍ය ජාලයක් හරහා මේ ඒකාධිකාරී බලයෙහි අවසානයක් දැක ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.

ඒ අනුව TRUTH Social නමින් හඳුන්වනු ලබන සමාජ මාධ්‍යා ජාලයක් Trumpගේ නවතම තාක්ෂණික සංවිධානයක් වන Trump Media & Technology Group (TMTG) යටතේ එළි දැක්වීමට නියමිතව තිබෙනවා. මේ Platform එක නොවැම්බර් මාසයේ දී Beta පරිශීලකයන් හට භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ අනුව invite-only සමාජ මාධ්‍ය ජාලයක් ලෙසින් මෙය 2022 වර්ෂයේ මුල් කාර්තුවේ දී නිකුත් වීමට නියමිතයි.

TRUTH Social

Trump ගේ නියෝජිත Elizabeth Harrington තම නිල Twitter ගිණුමේ, TRUTH Social සමාජ මාධ්‍ය ජාලය නිකුත් කිරීමේ පෙර නිල නිවේදනයක අනුරූපයක් පහත පරිදි එක් කොට තිබුණා.

මෙවැනි සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුව වන්නේ 2021 ජනවාරි මස 6 වැනි දින US Capital Building එකට කඩා වැඳුණු පිරිස්, දේශප්‍රේමීන් ලෙසින් සිය සමාජ මාධ්‍ය තුළ හැඳින්වීම හේතුවෙන්  Twitter, Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක්ම ඔවුන්ගේ ප්‍රතිපත්තීන් උල්ලංගනය කිරීම හේතුවෙන් Donald Trump ගේ ගිණුම් තහනම් කර දැමීමයි.

ඔහුගේ ප්‍රකාශයක මෙම නව සමාජ ජාලය පිලිබඳව මෙසේ සඳහන් කෙරුණි.

“මම TRUTH Social සහ TMTG නිර්මාණය කළේ සමාජ මාධ්‍ය ජාලා තුළ තිබෙන ඒකාධීකාරී බලය අවම කිරීමටයි. මේ වන විට තලෙයිබන්වරුන්ටද Twitter ගිණුම් ඇත, නමුත් ඔබගේ ප්‍රියතම ඇමෙරිකානු ජනාධිපතිවරයාට Twitter ගිණුමක් නැත”

ඒ අනුව ඔහු Twitter, Facebook ආදී ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලා වලට යම් කිසි අකාරයක තරඟයකට ආරාධනා කරන ආකාරය පෙනේ. මේ වන විට TRUTH Social භාවිතා කිරීමට අපේක්ෂා කරන්නවුන්ට මෙම Official වෙබ් අඩවිය හරහා Register විය හැකි අතර Apple App Store හි මෙය Pre-Order කිරීමේ හැකියාවද පවතිනවා.

මෙහි Screenshots දෙකින් එකක, Twitter හි CEO ලෙසින් කටයුතු කරන Jack Dorsey හා සමාන පින්තූරයක් සහිත Jack’s Beard Truth Social ගිණුමක් දක්නට ලැබේ. අනෙක් Screenshot එකෙහි Jack’s Beard තවත් ගිණුමක් Report කරන ආකාරය පෙන්නුම් කරන අතර Trumpගේ මීට පෙර සිදු වීම මෙයින් පෙන්නුම් කරයි.ඒ වගේම මෙහි UI(User Interface) එක Twitter වලට බොහෝ සෙයින් සමාන වේ.

Screenshots On iPhone

අපි Twitterහි දමන Post එකක් Tweet එකක් යැයි හඳුන්වන්නෙමු. TRUTH Socialහි දමන Post එකක් TRUTH එකක් ලෙස හැඳින්වෙන අතර, පරිශීලකයින්ට Truths, re-TRUTH කිරීමේ හැකියාව ද පවතී.

බොහෝ දෙනෙකුගේ මතය අනුව මෙය Twitter වලට එල්ල වුණු Direct Hit එකක් වැනිය.

Sources: TechCrunch, Financial Times