පසුගිය කාල වකවානුව තුළ සමාජ මාධ්‍ය තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් පුවත් මැවූ සිද්ධි දාමයක් වූයේ Twitter සමාජ මාධ්‍ය ජාලය Elon Musk විසින් මිලදී ගැනීමට උත්සාහ කිරීමයි. මේ වන විට ලොව අංක එකේ ධනවතා මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ආයතන රැසකගේ හිමිකරුවා වන Elon Musk විසින් මෙලෙස සමාජ මාධ්‍යයක් අත්පත් කර ගැනීම පිළිබඳව යම් පිරිසකගේ අප්‍රසාදය ද හිමි වී තිබූ කරුණක් විය. කෙසේ නමුත් ඊයේ දින එනම් ඔක්තෝබර් මස 27 වන දින Twitter සමාගම Elon Musk යටතට පත් වුණි. ඒ ඩොලර් බිලියන 44 ක මුදලකට ය.

කෙසේ වෙතත් මෙලෙස Twitter සමාගම තමා යටතට ගැනීමෙන් අනතුරුව ඒ වන තෙක් එහි සේවය කළ විධායක ශ්‍රේණියේ පුද්ගලයින් කිහිපදෙනෙකුව නෙරපා හැරීම ඉතාමත් කැපී පෙනෙන මෙන්ම ඇතැමුන්ගේ දෝශදර්ෂණයට පාත්‍ර වන සිද්ධියක් බවට පත් විය. එලෙස ඉවත් කරන ලද විධායක ශ්‍රේණියේ පුද්ගලයින් අතර Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett ඇතුලත් වේ.

the bird is freed
— Elon Musk (@elonmusk) October 28, 2022
මෙලෙස ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් අත්පත් කර ගැනීම Musk හට විශාල ජයග්‍රහණයක් වන නමුත් මෙලෙස හිමිකාරීත්වය ලබා ගැනීම තුළින් ඉදිරියේ දී අනිසි ප්‍රතිඵල පවා ලැබිය හැකි බවටත් බොහෝ විචාරකයන් අදහස් පළ කරමින් සඳහන් කරනු ලබයි.
Sources: www.nytimes.com