Loading...
Elon Musk විසින් Snapchat මිලදී ගෙන filters ඉවත් කිරීමට සූදානම් වන බවට පල වන පුවත සත්‍යක්ද යන්න අපේ විමසුම

ලොව ප්‍රධාන පෙළේ Instant Messaging App එකක් වන snapchat සේවාව බොහෝ දෙනා අතර විශේෂයෙන්ම කාන්තාවන් අතර ප්‍රචලිත වූයේ එහි camera එකේ ඇති beauty filters හේතුවෙනි.

Twitter සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) Elon Musk Snapchat මිලදී ගැනීමට සූදානම් වන බවට ඔහු ප්‍රකාශ කර ඇති බවට මේ වන විට විවිධ වාර්තා පල වනවා. තවද ඊට අමතරව කාන්තාවන් පින්තූර අලංකාර කිරීමට භාවිතා කරන සියලුම Magic filters එයින් ඉවත් කර දමන බව ද දන්වා ඇති බව එම වාර්තා ගෙන හැර දක්වනවා.

එම වාර්තාවන් වලට අනු​ව මීට සුළු දවසකට පෙර Elon musk විසින් twitter පණිවිඩයක් පළ කරමින් ඔහු දන්වා සිටියේ කාන්තාවන් යථාර්තය පිළිගැනීමට සූදානම් විය යුතු බවයි. කෙසේ වෙතත් ඊට දින කිහිපයකට පසු ඔහු “ඊළඟට මම Snapchat මිලදී ගෙන සියලුම filters ඉවත් කරනවා. කාන්තාවන් යථාර්ථයට නැවත සාදරයෙන් පිළිගනිමු" ලෙසින් twitter පණිවිඩයක් නිකුත් කල බවද එම වාර්තා වල සඳහන් වනවා.

Evan Spiegel, Bobby Murphy and Reggie Brown යන Stanford විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එක්ව මේ Snapchat සේවාව ආරම්භ කරන ලදී. එය සමාජ මාධ්‍ය සඳහා නව දිශානතියක් සංකේතවත් කිරීමට වර්තමානය වන විට සමත් ව ඇත.

නමුත් Android වැඩකාරයෝ විසින් සිදු කල විමසා බැලීමේදී Elon Musk විසින් එවැනි ආකාරයේ කිසිදු ට්විටර් පණිවුඩයක් නිකුත් කර නොමැති බවයි. නමුත් Elon Musk විසින් අප්‍රේල් 28 වන දින Coca-Cola සමාගම මිලදී ගන්නා බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. පහතින් දැක්වෙන්නේ එම ට්විටර් පණිවුඩයයි.

Twitter

මේ වන විට වාර්තා වී ඇති Elon Musk විසින් Snapchat මිලදී ගැනීමට සූදානම් වන බවට දැක්වෙන ට්විටර් පණිවුඩය එය edit කරමින් පලකරන ලද්දක් බවට සැක කල හැකියි. එලෙසින් සංසරණය වන ට්විටර් පණිවුඩයේ තිර රූපණය, එසේත් නොමැති නම් screen shot එකෙහි ඇති අක්ෂරයන් එකින් එකට වෙනස් වන අතර, එහි වේලාව දැක්වෙන කොටස නිසියාකාරව වමට වන්නට පිහිටාද නැත.

ඒ අනුව Elon Musk විසින් Snapchat මිලදී ගෙන එහි ඇති filters සියල්ල ඉවත් කිරීමට සූදානම් වන බව වාර්තා කරමින් පල වන සහ සංසරණය වන පුවත් සත්‍යතාවයෙන් තොර බවට සනාථ කල හැකියි.