Loading...
iOS 14 update එකත් සඟ ඇරඹුණු Apple සමාගමේ සහ Facebook සමාගමේ ගැටුම

නව iOS 14 version එකත් සමග බොහෝ දෙනා කතා බහට ලක්වූ කරුණක් වුයේ Facebook සහ apple අතර ඇති මෙම ගැටුමයි.

කොහෙන්ද පටන් ගත්තේ.

මෙම ගැටුම ආරම්බ වන්නේ අද ඊයේ නොවේ. මුලින්ම AppStore එලි දැක්වීමත් සමග බොහෝ සමාගම් වලට Mobile Websites වෙනුවට Native App Develop කිරීමට අවස්තාව ලැබුනා. එහෙත් Facebook එහිදී වඩා උනන්දු වූයේ App එකකට නොයා Mobile Website එක Maintain කිරීමටයි. එයට හේතුව වූයේ එහිදී තමාට අවශ්‍ය ලෙස website එක පාලනය කර හැකිවීමයි. මන්ද යත් AppStore එක හරහා App එකක් Release කිරීමේදී Apple Policies වලට හා review process එකට අනුගත වීමට සිදුවීමයි. එහෙත් Users ලා වැඩි වැඩියෙන් App බාවිතා කිරීමට හුරු වීමත්, අනිකුත් Companies Native Apps Develop කිරීමත් සමග Facebook හට app එකක් නිර්මාණය කර නොහැකි වුනා.

එහෙත් තමාට රිසි ලෙස User Data Collect කිරීමට නොහැකි වීම නිසා Facebook පසු වූයේ දැඩි කනස්සල්ලෙන්. මේ නිසාම ඔවුන් 2013 වසරේදී HTC හා එක්ව Facebook Home නම් වූ ඔවුන්ගේම interface එකක් සහිත mobile phone එලිදක්වනවා. නමුත් එහි අසාර්තකත්වය නිසා නැවත වෙනත් ක්‍රියාමාර්ගයකට යොමු වීමට ඔවුන්ට සිදුවෙනවා.

නැවතත් Signing with Apple වැනි Privacy Features අනිවාර්යය කිරීම මගින් මෙම සීතල යුද්ධය නැවතත් උනුසුම් වූ අතර එහි අලුත්ම පෙරළිය වන්නේ iOS 14 සමග පැමිණි Ads Tracking Feature එකයි.

ඔබ Desktop හෝ Mobile Browser එක බාවිතා කරන විට Cookies Allow කිරීමට අසනවා බොහෝ විට දැක ඇති. නමුත් Mobile App එකක් බාවිතා කරන විටත් ඔබ App එකට ලබා දෙනු ලබන දත්ත සහ බාවිතා කරන ආකාරයන් පිලිබදව Device එක විසින් යම් දත්ත ප්‍රමාණයක් තබා ගන්නවා. මෙම දත්ත IDFA (Identifier For Advertiser) නම් unique ID එක මගින් ලබා ගැනීමට app developer හට අවස්තාව ලැබෙනවා.

මෙමගින් User හට Personalized Ads Display කිරීමට advertiser අවස්තාව හිමි වනවා. තවද Data Brokers ලා හරහා වන එක් App එනකකට Data තවත් App එකකට ලබා දීම වැනි දෑද සිදුවනවා. එනම් ඔබ Amazon App එකෙන් යමන් Search කර Facebook පැමැණි විට ඔබ Search කරන ලද දෙයට අදාල Ads ඔබට පෙන්වීමද සිදු වනවා.

කෙසේ නමුත් Apple iOS 14 Version එකත් සමග පැමැණි මෙම නව Ads Tracking Feature එක මගින් IDFA එක Access කිරීම Block කිරීම මගින් Facebook ඇතුලු සමාගම් කීපයකට Personalized Ads Display කිරීම අවහිර වෙනවා. මෙය Apple සහ Facebook අතර සීතල යුද්ධය උනුසුම් කිරීමට හේතුවක්.

මෙම ඇපල් සමාගමේ තීරණයට එරෙහිව Facebook විසින් විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග කීපයක් ලබා ගෙන ඇති අතර ප්‍රධාන වශයෙන් පුවත් පත් දැන්වීම් කිහිපයක් පල කරමින් කියා සිටින්නේ ඔවුන් කුඩා ව්‍යාපාර වෙනුවෙන් පෙල ගැසෙන බවත් ඇපල් සමාගමේ මෙම තීරණය නිසා කුඩා ව්‍යාපාර හා Facebook තුල advertise කරනු ලබන නැගී එන ව්‍යාපාර 50% පමණ දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බවත්ය.

නමුත් apple users ලා බොහෝමයක් මෙම තීරණයට දක්වා ඇත්තේ සුබවාදී අදහසක්. කෙසේ නමුත් WhatsApp හරහා දත්ත ලබා ගෙන දිගමට මෙම Target Advertising Enhance කිරීමට Facebook කටයුතු සිදුකරවාදැයි ඇතැම් අය අතර අදහසක්ද පවතී.

එහෙත් Facebook තුල පවතින අසාධාරණ වෙලද අධිකාරිය (ප්‍රධාන Social Media Platforms සහ Chat Application එකම ආයතනයක් සතු වීම) බිඳ දැමීමටත් මේ වන විට කතාබහක් පවතිනවා.