Loading...
Facebook ඒකාධිකාරය බිඳ දැමීම සඳහා WhatsApp සහ Instagram විකුණා දැමීමට අධිකරණයෙන් නියෝග නිකුත් වන ලකුණු

ඇමරිකා එකසත් ජනපදයේ The Federal Trade Commission (FTC) සහ ප්‍රාන්ත 40 නීති සම්පාදනායතනයන් විසින් පසුගිය බදාදා දිනයේදී සමාජ ජාලාවල ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් Facebook සමාගමට එරෙහිව චෝදනා ගොනු කිරීමක් සිදු කරා. Facebook සමාගම Instagram සහ WhatsApp යන සමාජ ජාලා දෙක පිලිවෙලින් 2012 වර්ෂයේදී සහ 2014 වර්ෂයේදී මිලදී ගැනීම සිදු කලා. මෙය Facebook සමාගම විසින් වෙළඳපලේ තමන්ට ඇති තර්නයන් වලක්වාලීම සඳහා ලබා ගත් පියවරයන් ලෙස ඔවුන් නම් කර තිබෙනවා.

“Facebook’s actions to entrench and maintain its monopoly deny consumers the benefits of competition. Our aim is to roll back Facebook’s anticompetitive conduct and restore competition so that innovation and free competition can thrive,” said Ian Conner, Director of the FTC’s Bureau of Competition.

මේ අනුව FTC විසින් Facebook සමාගමට තමන් සතුව පවතින Instagram සහ WhatsApp යන සමාජ ජාලා දෙකම විකුණා දැමීමට නියෝග කරමින් ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. ඊට අමතරව ඉදිරියේදී Facebook සමාගම විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන සෑම සමාගම මිලදී ගැනීම් පිලිබඳව පෙර දැනුම් දීමක් සිදු කර අනුමැතිය ලබා ගැනීම කල යුතු යැයි FTC යෝජනා කර තිබෙනවා.

මේ වන විටත් Facebook සමාගම සිදු කරන ඇමරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවන අත්පත් කරගැනීම පීබඳව දැනුම් දීම සිදු කරමින් පවතින්නේ මීට පෙර ලැබුනු නියෝගයකට අනුවයි.

Facebook සමාගම විසින් Instagram සමාගම මිලදී ගැනීම පිලිබඳව FTC විසින් පහතාකාරයට අදහස් දක්වා ඇත.

“Facebook’s acquisition of Instagram for $1 billion in April 2012 allegedly both neutralizes the direct threat posed by Instagram and makes it more difficult for another personal social networking competitor to gain scale,”

එහි සඳහන් වන ආකාරයට Facebook සමාගමට තර්ජනයක් වූ Instagram ඇමරිකානු ඩොලර් බිලියනයකට 2012 වර්ෂයේ අප්‍රේල් මාසයේ මිලදීගෙන එම තර්ජනය වලක්වා ගෙන ඇති අතර මෙවැනි ක්‍රියා වලින් තවත් අයෙකුට තම Social Network එකක් ගොඩ නගා ගැනීම අවහිර කරන බව ඔවුන් පවසා ඇත.

ඒ හා සමානවම Facebook සමාගම විසින් එම ක්‍රියාවලියම යොදා ගනිමින් 2014 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 19කට WhatsApp මිලදී ගැනීම සිදුකල අතර FTC විසින් එය හඳුන්වා ඇත්තේ අනෙකුත් mobile messaging සේවාවන් අඩපණ කර තමන් සතුව ඒකාධිකාරයක් පවත්වා ගැනීමේ අරමුණින් එය සිදු කර ඇති බවයි.

Facebook සමාගමේ ප්‍රතිචාරය

මෙම නීතිමය ක්‍රියාමාර්ග වලට ප්‍රතිචාර දක්වමින් Facebook සමාගම විසින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් විසින් මෙම මිලදී ගැනීම සිදු කිරිම හරහා ඔවුන්ට වෙළඳපල තරඟකාරීත්වය වැඩි කිරීමට හැකි වූ අතර මේ හරහා Advertisersලාට විශාල පහසුවක් ඇති වී ඇති බවත්‍ ය.

“Our acquisitions have been good for competition, good for advertisers and good for people. We look forward to our day in court, when we’re confident the evidence will show that Facebook, Instagram and WhatsApp belong together, competing on the merits with great products.”

යම් හෙයකින් මෙම චෝදනා වලට Facebook සමාගම වරදකරු වුවහොත් WhatsApp සහ Instagram යන platform දෙකම වෙනත් අයෙකු වෙත විකුණා දැමීමට සිදුවනු ඇතයි මත පල වෙනවා.

Sources: Facebook, Reuters