ලෝකයේ දේශපලානයේ ප්‍රධාන ප්‍රචාරණ මාධ්‍ය තමයි දැන් සමාජ ජාලා. ඒකත් Facebook සහ Instagram. මතක ඇති 2018දී Donald Trumpව ඇමරිකාවේ ජනාධිපති කරන ප්‍රචාරණ කටයුතු හසුරවපු Cambridge Analytica සමාගම විසින් Facebook හරහා දත්ත රැගෙන කරපු ක්‍රියාවලිය. දන්නැත්තම් පොඩ්ඩක් කියවල ඉමු. අපි මේ ගැන මීට කලිනුත් ලිපියක් ගෙනාවා. මම දැන් ඔයාලව අරගෙන යන්නේ අන්න ඒ ලිපියෙන් උපුටා ගත් කොටසට.

Cambridge Analytica සිදුවීම (2018)

2018 වසරේ මුල් භාගයේ ලොව පුරා ඇවිලී ගිය Cambridge Analytica සිදුවීම නිසා ලොව බොහෝ දෙනා මුහුණුපොතේ සැඟවුණු රකුසන් ගැන අවබෝධ කරගන්නා ලදි. Cambridge Analytica යනු දේශපාලන දත්ත විශ්ලේශක සමාගමකි. 2016දී පැවති ඇමරිකානු මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ආයතනය කුලියට ගන්නා ලදි. මිලියන 87ක් වූ ඇමරිකානු ෆේස්බුක් පරිශීලක දත්ත, ඔවුන්ගේ පෞරුෂත්වය සහ හැසිරීම අධ්‍යයනය කරනු පිණිස Cambridge Analytica සමාගම විසින් ලබාගෙන තිබුණි.

Alexander Nix, the chief executive of Cambridge Analytica
Alexander Nix, the chief executive of Cambridge Analytica

අමු අමුවේ සිදු කර තිබූ මෙම දත්ත මංකොල්ලය ගැන මාක් සකර්බර්ග් ට පැවසීමට තිබුණේ මෙවන් වදනකි.

“සිදු වූයේ කුමක්ද යන්න හරි ආකාරව වටහාගැනීමට මම උත්සාහ කරමින් ඉන්නවා, මෙවැන්නක් නැවත සිදු නොවීමට කටයුතු කරන්නේ කෙසේ දැයි මා සිතනවා. සතුටට කාරණාව නම්, මෙවැන්නක් වැළැක්වීම සඳහා අපි වසර ගණනාවකට කලින් පියවර ගත්තා, නමුත් අපි අතින් වැරදි සිදු වුණා. අප මීටත් වඩා ඉදිරියේදී මේවාට පිළියම් යෙදීමට සිදු වෙනවා.” ‍යන්නයි.

මාක් සකර්බර්ග්ගේ ප්‍රකාශය

මෙහි දක්වන ලද්දේ පෞද්ගලිකව මා හට ප්‍රභල යැයි පෙනී ගිය සිදුවීම් ඉතා සුළු ප්‍රමාණයක් වන අතර, Facebook සමාගමේ ක්‍රියාකලාපය සහ ඔවුන්ගේ අඳුරු අතීතය ගැන ඔබට කියැවිය හැකි විස්තර බොහෝමයක් අන්තර්ජාලයෙන් ලබාගත හැක. මෙම ලිපිය ඉන් ප්‍රධානය.

ඔයාට මේ ගැන සවිස්තරාත්මකව කියවන්න ඕනේ නම් අපි ලියපු සම්පූර්ණ ලිපිය කියවන්න පුළුවන් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහිං.

Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා
ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ලෙස ලොව සුපතළ Facebook සමාජ මාධ්‍ය අඩවියේ අඳුරු පැතිකඩක් ඇති බව ඔබ නොදන්නවා විය හැක. ෆේස්බුක් අඩවිය නිර්මාණය කළේ ඔබ අප කවුරුත් දන්නා ප්‍රකෝටිපති මාක් සකර්බර්ග් බව ඔබ මා සියල්ල දන්නා කරුණකි. වර්ෂ 2004 දී පෙබරවාරි 04 වන දින TheFacebook නමින් ඇරඹි මුහුණුපොත නොදන්නා කිසිවෙකුත්…

ඉතිං මේ සිද්ධි දාමයත් එක්කම මේ අවුරුද්දේදී Facebook සමාගම තීරණය කරලා තියෙනවා ඔවුන්ගේ සමාජ මාධ්‍යජාලා හරහා මැතිවරණ කටයුතු සහ දේශපාලන කටයුතු වලට ලබාදෙන ඉඩ සීමා කරන්න. ඒකට ගත්තු එක පියවරක් තමයි, ශ්‍රී ලංකාවේ පසු ගිය ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වල නිරත වුනු සමාජජාලා මාධ්‍ය ක්‍රියාකාරීන්ට ප්‍රචාරණ කටයුතු වලට Facebook සහ Instagram boosting භාවිතා කරන විට අදාල Ads ක්‍රියාත්මක වීමට නම් ඔවුන්ගේ අනන්‍යතාවය සදහා අදාල වන ලියවිලි කිහිපයක් Facebook ආයතනය වෙත සපයා verify කරගැනීමට සිදු වීම. එමෙන්ම Ads වලට යටින් Ads නිර්මාණය කරේ කවුරුන් විසින්ද යන්නත් “Paid for by” දැක්වූවා.

Facebook සමාගම විසින් රැගෙන එන නවතම feature එකෙන් මැතිවරණ කටයුතු වල යෙදෙන තරඟකරුවන් විසින් ක්‍රියාත්මක කරන සහ අනෙකුත් සංවිධාන විසින් කරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී “Paid for by” ලෙස පෙන්වන Ads මුළුමනින්ම disable කිරීමට Facebook පරිශීලකයන්ට හැකියාව ලැබෙනවා.

මෙම අළුත් feature එක හඳුන්වා දීම සිදු කරන්නේ ඉදිරියේදී පැමිණීමට ඇති ඇමරිකානු මැතිවරණය ඉලක්ක කරගෙනය. ඊට අමතරව මෙම feature එකට සමගාමීව ඇමරිකානු ජනයාට තම වටිනා ඡන්දය භාවිතා කිරීම සඳහා පෙළඹ වීමද අපක්ෂපාතීව (කියන විදිහට හැබැයි) සිදු කිරීම කරගෙන යනවා. ඒ ගැන Facebook CEO Mark Zuckerberg විසින් USA Today වෙත පහතයුරින් අදහස් දක්වා තිබුණි.

For those of you who’ve already made up your minds and just want the election to be over, we hear you — so we’re also introducing the ability to turn off seeing political ads.

ජනතාව තම ඡන්දය භාවිතා කිරීමට පෙළඹවීම සහ ඒ ගැන දැනුවත් කිරීමට Facebook ආයතනය විසින් පවත්වාගෙන යන COVID-19 Information Center එක වගේම Information Center එකක් Facebook විසින් Facebook සහ Instagram වෙත හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව Facebook විසින් හඳුන්වාදුන් Voting Information Center එකේ blog post එකට අනුව පහත තොරතුරු ඔවුන් සපයා සිටිනවා.

Voting Information Center

  • අදාල රටේ දේශීය මැතිවරණ කටයුතු සඳහා වගකිව යුතු බලයලත් ආයතනවලින් කරන නිවේදන සහ ඡන්ද කටයුතු වල සිදු කෙරෙන වෙනස්කම් alerts ලෙස පරිශීලකයන්ට ලබා දීම.
  • ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇත්තේ කාටද යන්න සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි විය යුතු ආකාරය ගැණ උපදෙස් සැපයීම.
  • තැපැල් ඡන්ද, විදේශගත ඡන්ද දායකයින්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට අදාලව requests සිදු කරන්නේ කෙසේද යන්න උපදෙස් සැපයීම.
  • ඡන්ද විමසීම කරන දිනයේදී ඡන්දය ප්‍රකාශ කල යුත්තේ කුමන වේලාවටද, කොහේදීද සහ අවශ්‍ය කරන අනන්‍යතාවය ප්‍රකාශ කරන ලිපිලේඛන ගැන තොරතුරු ලබා දීම.

මේවන විට ඇමරිකාවේ සුළු පිරිසකට මෙම පහසුකම ලබාදී ඇති අතර ඉදිරි දින කීපය තුල මුළු ඇමරිකාවේම Facebook සහ Instagram පරිශීලකයන් වෙත මෙය නිකුත් කිරීමට නියමිතයි. ඉදිරි මාස කීපයේදී මුළු ලෝකයටම මෙය හඳුන්වාදෙන බවත් ප්‍රකාශ කර ඇත

Source: Facebook News Room