Loading...
Facebook Messenger හි End to End Encryption Chats සඳහා නව පහසුකම් කිහිපයක් ලබා දීමට කටයුතු කරයි

Meta සමාගම විසින් ඔවුන්ගේ Facebook Messenger සේවාවේ End to End Encryption Chats සඳහා නව පහසුකම් කිහිපයක් එකතු කිරිමට කටයුතු කර තිබෙනවා. Messenger හි End to End Encryption පහසුකම WhatsApp හි මෙන් Default ම සක්‍රීය වී නොමැති අතර, මෙම නව පහසුකම් ලබා ගැනීමට ඔබට ප්‍රථමයෙන්ම Messenger හි Settings වෙත ගොස් End to End Encryption Enable කර ගත යුතු වනවා.

Disappearing පහසුකම සක්‍රීය කර තිබෙන Chats වල යමෙකු Screenshot එකක් ලබා ගත් විට ඔබට එ පිළිබඳ Notification එකක් ලැබෙන අතර මේ පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කරමින් Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zukerburg විසින් පළ කරන ලද Facebook සටහන පහතින් දැක්වෙනවා.

තවද End to End Encrypted Chats සඳහා GIFs, stickers, සහ Reactions ද එකතු කිරීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම නව Update එකෙන් පසුව සියලුම Messenger පරිශීලකයන්ට තමන් ඡායාරූප Send කළ පසුවද එය මත Long press කර සිටීමෙන් එම Picture එක Edit කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Source: GSM Arena