Loading...
චීන හැකර්වරු Facebook ඔස්සේ මහා පරිමාණ ඔත්තු බැලීමක නිරතවී ඇති බව Facebook ආයතනය විසින් නිවේදනය කරයි

Facebook සමාගමෙන්ම නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබු අතර, මෙලෙස ක්‍රියා කළ හැකර්වරුන්ගේ ජාලයක්ම අඩපණ කිරීමට ඔවුන් සමත් වී ඇත. මෙයින් 500කට අධික Facebook පරිශීලකයින් පිඩාවට පත්වී ඇති බවත්, ඒ බව ඔවුන්ට දැන්වූ බවත් එහිදී දන්වා තිබුණා.

මෙම links හරහා malware යැවීමෙන් ඔවුන් බලාපොරත්තු වී තිබුණේ, ඒවා install වන උපාංග භාවිතා කර ඔත්තු බැලීමේ නිරත වීමට බව Facebook සමාගම කියා තිබුණා.

මේ සඳහා හැකර්වරුන් විසින් ව්‍යාජ ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම, ව්‍යාජ App Store ද සාදා ඇති බවත්, ඒ ඔස්සේ malware apps තම device එකට install වීමට සලස්වා ඇති බවත් මේ වන විට හෙළි වී ඇත.

මෙලෙස හැකර්වරුන්ගේ බලපෑමට ලක්වූ සංඛ්‍යාව ඉතා කුඩා වුවත් (~500) මෙවැනි ප්‍රහාරයක ප්‍රතිඵල භයානක විය හැකි බැවින් තම කණ්ඩායම සැමවිටම මෙවැනි ප්‍රහාර බරපතළ ලෙස සලකන බව Facebook Security Policy ප්‍රධානි Nathaniel Gleicher සඳහන් කර සිටියා.

Source: ZDNet