Loading...
ඉන්දියාව තුල TikTok තහනම් කිරීමෙන් පසුව Facebook සමාගම විසින් Reels අත්හදා බලයි

දැන් ටික කාලයක් වෙනවා නේ ඉන්දියාවේ TikTok ban කරලා, මේ කාලය අතරතුර අපි දැක්කා clones ගොඩක් මේ හිඩස පුරවන්න try කරා. ඉතින් මේ හේතුව නිසා Facebook company එක Instagram වලට ඒගොල්ලන්ගේ short-video tool එක වෙන Reels introduce කරලා තියෙනවා. මේ වෙනකොට මේක test mode එකේ තියෙන්නෙ India වල.

කොහොම නමුත් මේකෙන් කියවෙන්නෙ නෑ මේක Reels වල  full roll-out එක කියලා India පුරා ඉන්න users ලට. company එක කිව්වෙ මේක country එකේ “broad test” එකක් කියලා සහ මොන users ලටද Reels හම්බ වෙන්නෙ කියලා clarify කරලා නෑ කියලා.

Reels ගිය අවුරුද්දේ Brazil වල launch කරේ creators ලට 15-second videos background music සහ effects එක්ක record කරගන්න. මේ වෙනකොට company එක tests extend කරලා තියෙනවා  France සහ Germany වලට.

Reels create කරගන්න නම් Instagram camera interface එකේ තියෙන option එක select කරගන්න වෙනවා. මේ feature එකේ usual editing tools ටික තියෙනවා ඔබ expect කරන විදියටම.

Reels බලන්න නම් Explore tab එකේ Reels button එක tap කරලා අපිට Reels බලන්න පුළුවන් TikTok app එකේ වගේම.