Loading...
Classic interface එක සැප්තැම්බරයේ සිට අත්හිටුවන බව Facebook සමාගම දැනුම් දේ

පසුගිය වර්ශයේ Facebook සමාගම විසින් පැවැත්වූ F8 developer සම්මේලනයේදී ඔවුන් විසින් ඉදිරියේදී Facebook සඳහා නව මුහුණුවරක් ලබාදීමට සූදානම් වන බව. ඒ අනුව පසුගිය ඔක්තෝම්බරයේ සිට ඔවුන් තම නව අතුරු මුහුණතේ beta සංස්කරණය අත්හදා බැලීම ආරම්භකල අතර එහි බෙදා හැරීම 2020 වර්ෂයේ මැයි මාසයේ තවත් පුළුල් කරන ලදී.

මෙම නව අතුරුමුහුණත විශාල වෙනස්කම් රාශියකින් යුක්ත වන අතර ඒ සඳහා Dark mode පවා ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම පරිශීලක අත්දැකීම ඉහල නැංවීම සඳහා තරමක් විශාලත්වයෙන් යුතු අක්ෂර පවා භාවිතා කර තිබෙනවා. Facebook සමාගම විසින් එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට Classic අතුරුමුහුණත අත්හිටුවා තම නව අතුරුමුහුණත පමණක් තම පරිශීලකයන්ට භාවිතා කිරීමට සලස්වන බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නව අතුරුමුහුණතේ beta සංස්කරණය නිකුත් කරල Facebook පරිශීලකයන්ට තමන් කැමති අතුරුමුහුණතක් තෝරා ගැනීමේ ඉඩකඩ ලබා දී තිබෙනවා. නමුත් Facebook සමාගමේ මෙම තීරණයත් සමඟ සැප්තැම්බර් මාසයේ සිට එම පහසුකමත් ඉවත්ව යන අතර සියළුම දෙනාට නව අතුරුමුහුණත ඔස්සේ Facebook වෙත පිවිසීමට සිදුවනවා.

මේ බව Facebook සමාගම විසින් pop-up පණිවුඩයක් ඔස්සේ තම පරිශීලකයන්ට දැනුම් දුන් අතර එහි සඳහන් වූයේ පහතාකාරයෙනි.

“We’ve made improvements to the new Facebook.com and we’re excited for everyone to experience the new look. Before we make the classic Facebook unavailable in September, we hope that you’ll let us know how we can continue to make Facebook better for everyone,”

මේ වනවිටත් නව අතුරු මුහුණත අද පරිශීලකයන්ට ලබා දී ඇති අතුරුමුහුණත් අතර මාරු වීමේ පහසුකම භාවිතා කරමින් නව අතුරුමුහුණතේ සිට නව අතුරුමුහුණතට මාරු වන්නන්ගෙන් Facebook සමාගම විසින් නව අතුරුමුහුණත පිළිබඳ අදහස් විමසා සිටින්නේ පහතාකාරයෙනි.

“Before the new Facebook.com becomes the default experience, we want to learn more about how we can improve,”

Although an exact date is not known yet, the transition will happen sometime in September. If you’re a Facebook user, you should probably switch to the new UI if you don’t want to be forced to do so.

සැප්තැම්බරයේ මෙම වෙනස්කම සිදුකරන බව Facebook විසින් දැනුම් දුන්නත් එය සිදු වන නිශ්චිත දිනයක් ඔවුන් විසින් දක්වා නැත. ඒ කෙසේ වුවත් Android වැඩකාරයෝ අපි විසින් නිර්දේශ කරන්නේ ඔබ දැනටමත් Classic අතුරුමුහුණත වෙතට මාරු වී සිටිනවා නම්, හැකිතරම් ඉක්මනට නව අතුරුමුහුණතට මාරු වී ඉදිරි දින කිහිපය තුල එයට හුරු වන ලෙසටයි.

නුදුරේදීම අපට Classic interface එක screen shot වලින් පමණක් බලා ගත හැකි වනු ඇත.