Loading...
Facebook සමාගම විසින් ඔවුන්ගේ Instagram සහ Messenger යන සේවාවන් ඒකාබද්ධ කරයි

Facebook සමාගම යටතේ ඇති Instagram සහ Messenger යන සේවාවන් එකිනෙකට සම්බන්ද කිරීමට Facebook සමාගම තීරණය කර ඇත. එයට ප්‍රධානම හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ මසකට බිලියන පහකට ආසන්න messages, comments සහ visitor posts Facebook Page සදහා ලැබෙන බවත්, ව්‍යාපාර සදහා ඔවුන්ගේ digital channels වල  communications and requests volume එක පවත්වා ගැනීමට ඇති අපහසු බවත්ය.

එම නිසා Facebook සමාගම විසින් ව්‍යාපාරවලට ඔවුන්ගේ Facebook Messenger සහ Instagram ගිණුම් එකිනෙක සම්බන්ද කිරීමට (link) හැකිවෙන පරිදි සහ එමගින් එකම ස්ථානයක සිට Facebook, Instagram සහ Messenger manage කිරීමට පහසුකම් ලබාදී ඇත. එමගින් ඕනෑම වෙලාවක සහ ඕනෑම ස්ථානයක සිට ඔබගේ ගනුදෙනුකරුවන් සමග වෙනදාට වඩා පහසුවෙන් සන්නිවේදනයේ යෙදීමට හැකියාව ලැබෙනවා.

අලුත් update එක මගින් Instagram Direct messages Facility එක Facebook Messenger සදහා සම්බන්ද කිරීමට Facebook සමාගම කටයුතු සූදානම් කර ඇති බව Facebook for business වෙබ් අඩවිය පවසා තිබෙනවා. තවද channels 3නම සදහා single inbox එකක් භාවිතා කිරීමද විශේෂයක්.

මෙම පහසුකම් සහිත update එක iOS සහ Android යන platform භාවිතා කරන Users සදහා ලබාදෙන අතර අලුත් update එක ලබාගැනීමෙන් පසු Instagram Direct messages icon එක වෙනුවට Facebook Messenger logo එක පෙන්වන අතර emoji reactions, swipe-to-reply සහ Facebook Friends සමඟ chat කිරීමේ පහසුකම ද ලබාදෙන බව පැවසුවත්, තවමත් Facebook Friends සමඟ chat කිරීමට හැකියාව නොමැත. කෙසේවෙතත් ඉදිරියේදී මෙම ගැටළුව විසඳීමටත්, සියළුම Instagram Users සදහාත් මෙම පහසුකම ලබාදීමට Facebook සමාගම කටයුතු කරන බව අනූමාන කරහැක.

Source: The Verge