Loading...
Facebook සේවාවේ බිඳ වැටීමක්, තත්වය නිරාකරණය කරයි

මේ වන විට ලොවපුරා වෙසෙන අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Facebookහි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පැවති​යා. Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන අන්තර්ජාල පරිශීලකයන් විශාල පිරිසක් විසින්ද මෙම බිඳ වැටීම තහවුරු කර තිබෙනවා. Twitter සමාජ ජාලය තුළත් බොහෝ පරිශීලකයින් මෙම බිදවැටීම පිළිබඳව Tweets පළකර තිබුණා.

⁣කෙසේ නමුත්⁣ WhatsApp, Instagram හා Facebook Messenger යන Facebook සමාගමේ අනිත් සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයි ද තොරතුරු වාර්තා වෙන්නෙ නැහැ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප විසින් බලාපොරොත්තු වනවා.

Source: Down Detector