Loading...
WhatsApp වෙත chat filter විශේෂාංගය හදුන්වා​දේ

ලොව සුපතල වැඩි දෙනෙක් පණිවුඩ හුවමාරුවට භාවිතා කරන app එකක් ලෙසින් WhatsApp හදුන්වන්න පුළුවන්. මෑතකදී පටන් WhatsApp වෙතට නව විශේෂාංග රැසක් එක්රැස් කිරීමට Meta ආයතනය විසින් කටයුතු කරගෙන යමින් පවතින බව අප විසින් වාර්තා කල පෙර වාර්තාවන්ගෙන ඔබ දැනුවත් වන්නට ඇති.

ලොව විශාල වශයෙන් භාවිතා කරන WhatsApp සතුව විශාල ප්‍රමාණයක විශේෂාංග රැසක් දක්නට නොමැති අතර එලෙසින් මගහැරී ඇති එක් විශේෂාංගයක් වනුයේ chats සඳහා filters නොමැති වීමයි. මෙම විශේෂාංගය නොමැති වීම නිසා ඇතැම් වේලාව වලදී පරිශීලකයන් යම් යම් අපහසුතාවයන්ට ලක් වනු ලැබුවා.

WhatApp විසින් හදුන්වාදුන් නවතම chat filters හරහා පරිශීලකයන්ට එම අපහසුතාවයන් මඟ හරවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන filters තුනක් ලෙසින් මෙම filters WhatsApp වෙත හදුන්වාදී ඇති අතර ඒවා පහත පරිදි වනවා.

  • All: දැනට පවතින ආකාරයටම පවතින filter එක
  • Unread: මේ වන විටත් ඔබ කියවා නොමැති, කියවා නැවතත් unread ලෙසින් සටහන් කල පණිවුඩයන් පෙන්වන filter එක
  • Groups: සමූහය​න් (read සහ unread) වෙන් කරමින් දක්වන filter එක. මේ හරහා Communities වල ඇති subgroupsද දක්නට ලැබෙනවා

මෙම විශේෂාංග රැගත් update එක මේ වන විටත් ලොව පුරා වෙසෙන WhatsApp පරිශීලකයන් වෙත මේ වන ලබා දීමට කටයුතු කර ඇති අතර එය අදියර වශයෙන් ඉදිරියේදි විවිධ regions වලට ලබා දීම සිදු කෙරෙනු ඇත.

Source: about.fb.com