Loading...
Topic Groups සමඟින් Group Chats වල පෙරළියකින් අලුත් වූ Telegram

Telegram වල මේ අලුත්ම update එකෙන් Groups organize කරන්න ලේසිවෙන Topics එකතු කිරීමේ හැකියාව, Blockchain එකේ තියෙන Collectible Usernames වලට අලුත් format එකක්, Video Message එකක් Text විදිහට හරවන්න පුළුවන් option එකක් සහ තවත් බොහෝ දේ ලැබිලා තියෙනවා.

Groups සදහා Topics

Telegram Groups වලින් සිය දහස් ගණනක් වුනත් users ල ඉන්න community එකක් පහසුවෙන් හසුරවන්න පුළුවන් කියල ඔයාල දැනටමත් දන්නවා. ඉතිං මේ groups වල chats අපිට ලේසියෙන්ම කියවන්න පුළුවන් වෙන විදිහට තියාගන්න තමයි මේ අලුත්ම Topics කියන feature එක හදුන්වල දෙන්නේ. සාමාජිකයෝ 200කට වැඩි ප්‍රමාණයක් ඉන්න Groups වල Topics Enable කරල ඕනෙම විෂයක් සදහා වෙනම ඉඩක් වෙන්කරගැනීමේ හැකියාව ලබාදීලා තියෙනවා.

මෙම topics group එක ඇතුලේ තනි chat එකක් විදිහට වැඩකරන්නේ ඒකෙම තියෙන shared media සහ notification settings එක්ක. Polls, Pinned Messages, සහ Bots වැනි විශේෂාංග භාවිතා කරලා Anime ඉදන් Zoology වෙනකන් ඕනිම topic එකක් ගැන සාකච්චා කරන්න membersලට නිදහස තියෙනවා.

මේ විශේෂාංගය Large Groups සදහාම විශේෂ වන අතර, සාමාජිකයන්ගේ chat customize කිරීමටත් discussions promote කිරීමට නව ක්‍රම එක්කර ඇත. මෙම වසර ඉවර වන විට Small Groups සදහාද ගැලපෙන tool set එකක් හදුන්වාදීමට telegram සුදානමින් ඉන්නවා. ඔයාට topics feature එක test කරන්න ඕනිනම් මේ public group එක try කරන්න.

Group Adminsලට එයාලගේ Group Settings වලින් Topics Feature එක enable කරන්න පුළුවන්. ඒවගේම Permissions වලින්, Topics නිර්මාණයට සහ කළමනාකරනය කරන්න අවසර ලැබෙන්නේ කාටද කියන එකත් පාලනය කරන්න පුළුවන්.

Telegram වල අනිත් හැම එකක් වගේම, මේ feature එකේ ඉදිරි updates වලිනුත් adminsලටත් usersලටත් powerful tools ගොඩක් ලැබෙන්න නියමිතයි.

Collectible Usernames

දැනටමත් Telegram use කරන ඕනිම කෙනෙක් දන්නවා අනිත් අයට අපිව contact කරගන්නත්, අපිට පහසුවෙන් channel එකක් හරි group එකක් හරි හොයාගන්නත් Usernames වලින් පුළුවන්. ඉතින් මේ update එකත් එක්ක ඔයාට මුලික username එකට අමතරව profiles සහ public chats වලට usernames කිහිපයක් assign කරන්න පුළුවන් හැකියාව ලබාදීලා තියෙනවා.

Collectible Usernamesවල හිමිකාරිත්වය TON blockchain network එකෙන් සුරක්ෂිතයි. මෙම සරල සහ ආරක්‍ෂිත ක්‍රමය හරහා වටිනා telegram domains ලබාගැනීමට සහ exchange කිරීමත්, පසුව ඒවා නව Platform එක හරහා මිලදීගෙන විකිණීමටත් හැකියාව ලැබෙනවා.

Collectible usernames වැඩකරන්නේත් සාමාන්‍ය @usernames විදිහටම තමයි. මේවා Global Search Results වලත් පෙන්නනවා වගේම Telegram එකෙන් පිටතදී වැඩකරන්න පුළුවන් විදිහට username.t.me සහ t.me/username වගේ එයාලගෙම links විශේෂයක් තියෙනවා.

සාමාන්‍ය usernames වගේ නෙමෙයි මේ Collectible usernames අකුරු 5ට වඩා අඩුයි. ඉතින් අපිට @news , @game වගේ unique නම් ගන්න පුළුවන්. මේවගේ collectible username එකක් ලබාගත්තට පස්සේ user ට ඒකෙ සම්පුර්ණ පාලන අයිතියක් ලැබෙනවා. අපිට ඕනිනම් ඒ usename එක විකුණන්නත්, පස්සේ කාලෙක පාවිච්චි කරන්න තියාගෙන ඉන්නත් හැකියාව තියෙනවා.

අපිට ඕනිම වෙලාවක අපි ලග තියෙන collectible usernames deactivate කරන්න  පුළුවන්. එතකොට වෙන්නේ search results වලින් එක අයින් වෙන එක

Video Messages වල Voice, Text බවට හැරවීම

Telegram Premium Launch කරනවත් එක්කම ඕනිම Voice Message එකක් Text එකකට Convert කරගන්න Feature එකක් subscribersලට ලැබුණා. අපිට හැමවෙලේම Voice Messages අහන්න බැරි නිසා මේ feature එක ගොඩක්ම වටින දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ update එකත් එක්ක අපිට Video Message වලටත් ඒ Function එකම ලැබෙනවා. මෙතනදී premium userලට instant text transcript එකක් ක්ෂණිකව ගන්න පුළුවන්.

අලුත් Emoji Packs

දහස් ගණනක් Telegram Usersල Custom Emojis අත්හදා බලන අතරෙ, Telegram Artist Team එකත් අලුත්ම emoji packs 12ක් ලබාදීලා තියෙනවා. Premium Usersලට මේ emoji ඕනිම message එකක, Caption එකක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් Halloween theme එක වෙනුවෙන් Profile Status විදිහට දාන්නත් පුළුවන්.

IOS වලට Redesign කරපු Dark Mode එක

IOS Usersල වෙනුවෙන් Dark Mode එක Redesign කිරීමක් කරලා තියෙනවා. ලස්සන Colour Balanceඑකක් එක්කම, ඔයා Chat එකක් හෝ Chat List එක Scroll කරනකොට හොද Blur Effect එකක් දැන් බලාගන්න පුළුවන්.

Android වල Text Resize කිරීම

Chat Settings වලදී Text Size එක වෙනස් කරනකොට දැන් link previews, reply headers වගේ අනිත් හැම Text එකකම Size එක වෙනස් කරගන්න පුළුවන්.

Designs වල සුළු වැඩිදියුණු කිරීම්

Message එකකට Reply කරන්න Swipe කරනකොට අලුත් Animation එකක් බලාගන්න පුළුවන්. User කෙනෙක්ගේ profile page එකෙන් එයාගේ Phone number එක උඩ tap කලාම Call Options ගොඩක් තියෙන menu එකක් වගේම, Telegram Channel එකක හෝ Group එකක Messages load වෙන අතරතුර තියෙන පුංචි කාලය වෙනුවෙන් pulsing placeholders එකතුකරලා තියෙනවා.

Several Call Options Menu

අලුත්ම Interactive Emoji සහ Reactions

ඔයාල පාඩම් කරන, නිදාගෙන ඉන්න හෝ සැක සහිත දෙයක් අහන බව පෙන්නන්න මේ update එකත් එක්ක අලුත් interactive emoji 4ක් ලබාදීලා තියෙනවා. මේවා 1-on-1 chats වල Full-Screen ආකාරයට play වෙනවා. මීට අමතරව, Spooky Season එක වෙනුවෙන් ඕනිම කෙනෙක්ට ඕනිම Chat එකකදී භාවිත කරන්න පුළුවන් Reactions 3ක් ලබාදීල තියෙනවා.

ඉතින් දැනට ලැබුණු වෙනස්කම් මෙච්චරයි. කොහොම වුනත් මේ Update එක Review කරන්න Apple සමාගම සති දෙකක විතර කාලයක් ගත්ත නිසා, හරිම වෙලාවට Update එක ලබාදීලා Halloween සමරන්න බැරිවුන එක ගැන Telegram සමාගම හැමෝගෙන්ම සමාව ඉල්ලලා තියෙනවා.

Source: telegram.org