වසර නවයක කාලයක් Twitter හි Instagram Link Share කිරීමේදී Link Previews
පහසුකම ලබා දී තිබුණේ නැත. පසුගිය බදාදා දිනයේ සිට Twitter තුළ Instagram Link Share කිරීමේදී වෙනදා මෙන් URL එක පමණක් පෙන්නුම් නොකරන අතර ඒ වෙනුවට Link Preview එකක් පෙන්වනු ලබනවා. මෙම විශේෂාංගය Android, iOS මෙන්ම Twitter Web වෙතත් නිකුත් කර තිබෙනවා.

Instagram සහ Twitter සාමාජ ජාලා දෙකම මෙම වෙනස් කිරීම මෙලෙස වාර්තා කර තිබුණි.
They said it would never happen… Twitter Card previews start rolling out TODAY. ?
— Instagram (@instagram) November 3, 2021
Now, when you share an Instagram link on Twitter a preview of that post will appear. ? pic.twitter.com/XSZRx9dzd1
If you want to share your latest Instagram post on the Twitter timeline too, you’re in luck: now when you share a link to an IG post in a Tweet, it’ll show up as a card with a preview of the photo.
— Twitter Support (@TwitterSupport) November 3, 2021
Rolling out on Android, iOS, and web.
Instagram 2012 දී Meta (කලින් Facebook) විසින් අත්පත් කර ගැනීමෙන් පසුව Twitterහි පළ කිරීම්වල Link Previews පහසුකම ඉවත් කරනු ලැබුවා. Instagram හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Kevin Systrom මහතා පැවසුවේ මෙම තීරණය Meta CEO Mark Zuckerberg ගේ නොව ඔහුගේ තීරණයක් බවයි. Instagram සහ Twitter හි ඒකාබද්ධතාවය සීමා කරමින් මේ විදියට වෙනස්කම් සිදු කළ එකම පාර්ශවයත් Instagram විතරක්ම නොවෙයි.
Instagram Meta විසින් අත්පත් කර ගැනීම නිවේදනය කර මාස කිහිපයකට පසුව ඔබ Instagram හි Follow කරන පුදගලයින්, Twitter හි සොයා ගැනීමට ඔබට ඉඩ සලසා දුන් විශේෂාංගයද Twitter විසින් ඉවත් කරනු ලැබුවා.
Source: The Verge