Loading...
TikTok වැනි සිරස්ව ඉහළට, පහළට කළ හැකි feed එකක් Instagram Stories සඳහා හඳුන්වාදීමේ සූදානමක්

Instagram විසින්, නව "TikTok ආකාරයේ" feed එකක් එළිදැක්වීම සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතින බව TechCrunch අඩවිය වාර්තා කර ඇත. මෙම පහසුකම සමඟින් TikTok සමඟ වඩා හොඳ තරඟයක් දීම Instagram හි අරමුණයි.

මෙම යෙදුම තවමත් පරීක්ෂා කිරීම් සඳහා එළිදක්වා නොමැති නමුත් මේ වන විට එහි ක්‍රමලේඛ කටයුතු අරඹා ඇති බව සඳහන් වේ. එහි වැඩිදියුණු කිරීම් කටයුතු සිදු කරන එක් ක්‍රමලේඛ ශිල්පියෙක් වන Alessandro Paluzzi විසින් පහත දැක්වෙන Screenshot සේයාරුව Twitter හරහා අන්තර්ජාලයට මුදාහැර ඇත.

එහි එතරම් විස්තරයක් නොමැති නමුත්, Instagram විසින් ඔවුන්ගේ features පුළුල් කරමින් පවතින බව එයින් පෙනී යයි.

Instagram හි ඉහළ නිළධාරී Adam Mosseri පවසා ඇති පරිදි ඉදිරියේදී තවත් බොහෝ නව යෙදුම් Instagram වෙත එක් වීමේ ඉඩකඩ පවතී. එමෙන්ම මෙම නව යෙදුම් සමඟම Instagram හි ක්‍රියාකාරිත්වය තව දුරටත් සරල කිරීම ඔවුන්ගේ අරමුණ බව සඳහන් කර ඇත.

Source - theverge.com