Loading...
Instagram Reels සති කීපයක් ඇතුලත ඇමෙරිකාවෙදී හඳුන්වා දෙයි

Instagram සමාගම තම TikTok clone එක වන Instagram Reels feature එක සති කීපයක් ඇතුලත ඇමෙරිකාව ඇතුලු තවත් රටවල් 50 ක launch කිරීමට සූදානම් වන බවට NBC News විසින් වාර්තා කලා. ඊට පසුව Instagram සමාගම TechCrunch ලට ඒ ගැන තහවුරු කරමින් කියා සිටියේ අගෝස්තු මාසයේ මුල දී මෙය launch කිරීමට කටයුතු කරන් බවයි.

ඉතින් මේ Instagram Reels කියන feature එක TikTok වල trend වෙන short video format එක recreate කිරීමේ Instagram ලගෙ උත්සාහයක් විදිහට හඳුන්වන්න පුලුවන්. Reels හරහා users ලට TikTok වල වගේම විවිධ music වලට අනුව short videos create කිරීමේ හැකියාව ලැබෙනවා. දැනට මේ feature එක available වෙන්නේ ඉන්දියාව සහ බ්‍රසීලයේ පමණයි.

තමන්ගෙ හිමිකරු වන Facebook සමාගම වගේම Instagram එකටත් අනිත් popular apps replicate කරපු ඉතිහාසයක් තියෙනවා. Instagram stories feature එක ඔවුන් replicate කරේ Snapchat වලින්. ඉතින් ඒ හරහා Instagram platform එක විශාල වශයෙන් වර්ධනය උනා. TikTok ලගෙ development එක දැකල Instagram ලට ඒ feature එක තමන්ගෙ platform එකට හඳුන්වලා දෙන්න හිතුනා වෙන්න පුලුවන්.

ඉතින් මේ launch එකට තවත් හේතුවක් තමා TikTok වලට එරෙහිව ඇමෙරිකාවෙ ඇති වෙලා තියෙන political pressure එක. මේ මාසය මුලදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo මහතා සඳහන් කලේ TikTok තහනම් කිරීමට රජයේ අවධානයක් යොමු වී තිබෙන බවයි.

ඒ වගේම ඊයෙ දිනයේ ඇමෙරිකානු ජනාධිපති Trump මහතාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී වන Mark Meadows ඊයේ දින සඳහන් කලේ සති කීපයකින් TikTok තහනම් වන බවටයි.

ඉතින් දැනට Reels හරහා ගොඩක් features expect කරන්න අමාරුයි. මේ feature එක live වෙන්නේ stories වල. එතකොට story එකක් post කරද්දි එන option එකක් විදිහටයි මේක පෙන්වන්නේ.

කෙසේ වෙතත් users ලා මේක නරඹන්න හොයාගන්නේ කොහොමද කියන එක නම් ප්රශ්නයක්. මීට පෙර TechCrunch ලා වාර්තා කරේ මේක Explore tab එක හරහා ලැබෙනවා කියලයි. ඒත් NBC News අද සඳහන් කලේ Instagram ලා මේ වෙනුවෙන් වෙනම Tab එකක් add කිරීමට සූදානම් වන බවයි. ඉතින් dedicated tab එකකින් TikTok experience එකම ලබාගන්න පුලුවන් කම ලැබෙනවා.

ඉතින් මේ ගැන ඔයාගෙ අදහස මොකක්ද? TikTok වගේම hit වෙයිද? දාන්න comment එකක්.

Source: TechCrunch