Loading...
පේළි දෙකකින් Stories පෙනවන අළුත් ක්‍රමයක් Instagram විසින් අත්හදා බලයි

Instagram කියන්නෙ ලෝකයේ තියෙන ප්‍රචලිත ම social media platforms වලින් එකක්. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර බැහෙවින් මෙය ප්‍රචලිතයි. ඒ සඳහා විවිධ හේතු සාධක තියෙනවා. ඉතින් මේ ‘Stories’ කියන්නෙත් ඒ විදිහට ප්‍රචලිත වෙන්න බලපෑ හේතුවක්. ඉතින් ඒ ‘Stories’ කියන section එකේ අලුත් ම වෙනසක් test කරන්න යනවා කියලා මේ දින වල වාර්තා පල වෙනවා.

ඉතින් වාර්තා වෙන විදිහට Instagram ලා මේ Stories carousel එක mobile app එකේ central focus එක බවට පත් කරන වෑයමක පියවරක් විදිහටයි මේ අලුත් වෙනස test කරන්න් පටන් අරන් තියෙන්නේ. ඉතින් මේක ඉස්සෙල්ලා ම spot වෙලා තියෙන්නේ AdWeek වල social media manager වන Julian Gamboa හටයි. ඉතින් මේ feature එක තුලින් user ට හැම story එකක් ම Home screen සහ Stories-only section කියන ක්‍රම දෙකේදිම එකවර ඒ stories view කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙහිදී තනි row එකක scroll කරන Instagram Stories panel එක වෙනුවට rows දෙකක carousel එකක් user ට ලැබෙනවා. ඒ rows දෙකට යටින් ‘See all Stories’ button එකක් ලැබෙනවා. ඒ button එක tap කරාට පස්සෙ full-screen එකකට ඒ stories section එක expand වෙනවා.

Instagram ලා TechCrunch ලට පවසා ඇති ආකාරයට මේ වෙනකොට ඔවුන් ඒ feature එක users ලා කීප දෙනෙක් යොදාගෙන test කරන්න පටන් අරන් තියෙනවා. තවුන් දුරටත් ඔවුන් සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධ වැඩකටයුතු ආරම්භ කර ඇත්තේ මාසයකට පමණ කලින් බවයි. කෙසේ වෙතත් roll out වෙන දවසක් ගැන තවම සඳහනක් නෑ.

කලින් කීවා වගේ මෙ ගැන ආරංචි වාර්තා වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මැයි මාසයේ අන්තිම කාලයේදී යී. එහිදී single row stories, two row design එකකින් replace වෙනවා කියන ආරංචිය roam උනත් මේක Instagram වල central focus එක වෙන්න යනවා කියල නම් තොරතුරක් දැනගන්න ලැබුනේ නෑ.

කෙසේ වෙතත් Instagram ලා stories වලට ලොකු priority එකක් දෙන්න යනවා කියන එක නම් පුදුමයක් නෙමේ. Originally Snapchat වලින් clone උනත් stories කියන element එක IG users ලා අතර බෙහෙවින් ම ප්‍රචලිත උනා. ඉතින් මේ අලුත් වෙනස එක්ක ඉදිරියට සිදු වෙන දේ බලන් ඉන්න එක tech වලට උනන්දුවක් දක්වන අපිට නම් බෙහෙවින් interesting දෙයක් වේවි.