Loading...
Instagram Reels සහ IGTV සඳහා Shopping පහසුකම් එකතු කිරීමට Facebook සමාගම කටයුතු කරයි

Facebook සමාගම ඔවුන්ගේ Instagram platform එක තුල monetization expand කිරීමේ අරමුණින් IGTV සහ Reels වෙත shopping පහසුකම ඇතුළත් කිරීමට කටයුතු කරලා තියෙනවා. දැනටමත් මේ shopping පහසුකම IGTV පරිශීලකයන්ට ගෝලීය වශයෙන් නිකුත් කරලා තියෙන මොහොතක මේ අවුරුද්දෙ අවසාන කාලයේදි වගේ Instagram විසින් තම shopping integration එක test කරනු ඇතයි මත පලවෙනවා.

මේ පහසුකම් සමඟ පරිශීලකයන්ට IGTV videos බලලා creators ලා දාලා තියෙන links වලට ගිහින් අර කලින් IGTV video වල දර්ශනය වෙන භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ හඳුන්වාදීම එක සිය platform එකේ monetization ව්‍යාප්ත කිරීමට Instagram විසින් හඳුන්වා දුන් එක කොටසක් විතරයි.

අවිවාදයෙන්ම මේ වෙනස්කම් Instagram Influencers ලට නම් ඉතාමත් වාසිදායකයි. Verge ලා වාර්තා කරන විදිහට, ඉදිරි කාලය තුල Instagram app එකේ Explore tab එකේ තියෙන  dedicated shopping space එකක් වෙන Instagram shop එකේ IGTV videos feature වේවි.

ඊට අමතරව Instagram සමාගම IGTV videos වලට advertisements add කිරීම ගැනත් test කරමින් ඉන්නවා. Instagram ලට අනුව මේ ads වල maximum duration එක තත්පර 15ක වගේ අගයක් ගන්නවා. ඒ වගේම creators ලට ආදායමෙන් 55%කට නොඅඩු ප්‍රමාණයක් ලබාදීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඉතින් මීට අමතරව TikTok ලට තර්ජනයක් උන Instagram Reels platform එකත් monetize කිරීමේ වෑයමක් පවතිනවා කියලයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් Reels වලට shopping features add වෙන කාලයක් ගැන තවම සඳහනක් නෑ.

Source : Engadget