Loading...
Instagram එකට වසර 10 සැපිරීම නිමිත්තෙන් Classic icons වලට මාරු කිරීමේ හැකියාව ලබා දේ

Instagram යනු ලෝකය පුරා ප්‍රසිද්ධ සමාජ ජාලයක් වන අතර මේ වන විට ඇමරිකාව තුල වැඩියෙන්ම භාවිතා වන සමාජ ජාලය වන්නේද Instagram සමාජ ජාලයයි. මීට වසර 10කට පෙර, එනම් 2010 ඔක්තෝම්බර් 6 වන දින ප්‍රථම වරට Instagram app එක Apple AppStore එක හරහා නිකුත් කරා. ඒ වන විටත් iPhone 4 නිකුත් කර මාස කිහිපයක් ගතවී තිබුණි.

වසර 10ක් සැපිරුණු Instagram තම පරිශීලකයන්ට නව පහසුකමක් Easter egg ආකාරයට ලබා දීලා තිබෙනවා. මේ පිළිබඳව Instagram විසින් පහත පරිදි Easter egg Twitter පණිවිඩයක් තබා තිබුණා

මෙහිදී අපට පහත දැක්වෙන අයිකන්ස් වලට මාරු කරගත හැකි අතර මීට අමතරව තවත් අයිකන්ස් පහලට scroll කිරීමෙන් බලාගත හැකිය. මෙම icon සමඟ වසර 5ක් පුරාවටම තිබුණු classic Polaroid-style එකේ කැමරා අයිකන් එකද මෙහි ඇතුලත් වේ. මීට අමතරව දැන් පවතින icon එකේ pride rainbow වර්ණයන් සහ monochrome වර්ණයන්ගෙන් ඇති iconද දක්නට ලැබේ.

ඉහත දැක්වෙන අයිකන්ස් ලබා ගැනීමට Instagram app එකේ settings වෙත ගොස් පහලට swipe කරගෙන යෑමෙන් ඔබට emoji දකනට ලැබෙන අතර හතර වෙනියට දිස්වෙන emoji එක වෙනස් වීමෙන් පසුව ඔබට මෙම icon වෙනස් කරන window එකට යා හැකිය.

එය සිදු කරන ආකාරය ඔබට පහතින් බලා ගත හැක.

Instagram එකට අවුරුදු 10ක් සැපිරීමෙන් icon එක වෙනස් කිරීමේ පහසුකම ලබා දේ.

Instagram එකට අවුරුදු 10ක් සැපිරීමෙන් icon එක වෙනස් කිරීමේ පහසුකම ලබා දේ. එය සිදු කරන්නේ පහත ආකාරයටය.

Posted by Android වැඩකාරයෝ on Tuesday, October 6, 2020

මෙම පහසුකම මේ වන විට නිකුත් කර තිබුණත් සියළුම ජංගම දුරකථන වල ලැබී නැත. කෙසේ වුවත් මෙය ඔක්තෝම්බර් මාසයට පමණක් ලබාදෙන පහසුකමක් බව Instagram විසින් ලබා දෙන පණිවිඩයේ පහත ආකාරයට සටහන්ව ඇත.

this month we’re inviting you to change your app icon to your favorite

Source: Instagramහි Twitter පණිවිඩය හරහා අප විසින් කල පරික්ෂා කිරීමක් හරහා මෙම ලිපිය පිලියෙල කර ඇත.