Loading...
පරණ posts එකවර select කර Delete හෝ Archive කිරීමේ පහසු ක්‍රමයක් Facebook විසින් නිකුත් කරයි

වර්තමානයේ සමාජය තුල පුද්ගලයෙක් ගැන විනිශ්චය කරන එක ආකාරයක් තමයි සමාජ ජාලා වල ඔහු/ඇය හැසිරුණ විදිහ දෙස බලා ඔහු/ඇය ගැන නිගමනයකට එලඹීම. මේ ක්‍රියාදාමය මේ වන විට ලොව පුරා රැකියා වෙළඳපල තුල පවා ඉතා සීඝ්‍රයෙන් පැතිර යන නව ප්‍රවනතාවයක්. මේ වන විට විශාල සමාගම් ප්‍රමාණයක් තමන්ට ලැබෙන රැකියා අයදුම් පත්‍ර වල සිටින පුද්ගලයන්ගේ සමාජ ජාලා ක්‍රියාකාරීත්වය ඔස්සේ මුලින්ම ඔහු/ඇය ගැන සොයා බැලීමක් සිදු කරනවා.

එමෙන්ම, සමහර ආදාර සම්බන්ධතාවලදී පවා ඒවා බිඳවැටීමෙන් පසුව සමාජජාලවලට නිකුත් කල ඇතැම් ඡායාරූප නිසා දෙපාර්ශවයම යම් යම් වේලාවලදී අපහසුතාවයන්ට පත්වන අවස්ථාද බොහෝ වශයෙන් ඇත.

නමුත් අතීතයේ සිදුවූ, සිදුකල සියලු දෑවලින් අද වන විට සිටින පුද්ගලයෙකු පිලිබඳ මැනීම පිළිබඳව විශාල ප්‍රශ්න පවතින බව සහ එමඟින් විශාල ප්‍රමාණයක් අපහසුතාවයට ලක්වන බව තේරුම් ගත් Facebook ආයතනය ඒ සඳහා කදිම විසඳුමක් පසුගිය දිනෙක ලබා දුන්නා. මෙය මීට පෙර මාස ගණනාවකට පෙර ඔවුන් විසින් ඇතැම් ෆේස්බුක් පරිශීලකයන් වෙත නිකුත් කර තිබුණු බව නොරහසකි. ඒ අනුව ඔවුන් Manage Activity නම් වූ නව අංගයක් ෆේස්බුක් වෙත එකතු කරා.

ඉහත ප්‍රකාශ කල පරිදි ෆේස්බුක් සමාගම විසින් මෙලෙස සියළු දෙනාටම මෙම tool එක නිකුත් කිරීමට පෙර තිබූ tool එකේ තිබුනේ තමන්ට අවශ්‍ය පැරණි පලකිරීම් තෝරා ඒවා delete කිරීමේ පහසුකම පමණි. නමුත් මෙම නිකුත් කිරීමේදී ඔවුන් Archive ලෙස නව පහසුකමක්ද එකතු කර ඇත.

Archive නම් පහසුකම භාවිතා කර ඔබට ඔබගේ පැරණි පලකිරීම මුලුමුනින්ම ඉවත් නොකර තාවකාලිකව තම Facebook wall එකෙන් අන් අයට නොපෙනෙන ලෙස සකස් කර තැබිය හැකි අතර අවශ්‍ය වූ විටෙක නැවත්ත පෙරතිබූ තත්වයටම ගෙන ආ හැකියි. එමෙන්ම පෙර පැවති delete option එක move to trash ලෙස නම් කර නිකුත් කර ඇත. නමුත් ඔබ trash වෙත move කල ඒවා ඔබ manually delete නොකලේනම් හෝ move to trash කර දින 30ක් ඉක්ම නොගියේනම් හෝ දින 30ක් තුලදී අපිට නැවතත් එය restore කරගත හැක.

පරිශීලකයන්ගේ පහසුව සලකා බලා ඔවුන් මෙහිදී එකින් එක මෙලෙස Archive කිරීම සහ move to trash කිරීම වෙනුවට එක වර තමන්ට අවශ්‍ය පලකිරීම සියල්ල එකවර තෝරා Archive හෝ Move to trash සිදු කල හැක.

මෙම ක්‍රියාවලිය තවත් පහසු කිරීම සඳහා ඔවුන් filters කිහිපයක්ද ඇතුලත් කර ඇති අතර එහිදී ඔබට පල කිරීම් වල වර්ගය අනුව (Text, Photo & Video), පලකල පුද්ගලයා අනුව, පලකල දිනය අනුව, තමන්ට tag වූ පලකිරීම අනුව, පල කිරීම කල දින වකවානුව අනුව යන කරුණු වලට අනුකූලව පල කිරීම සොයාගෙන පහසුවෙන් Archive කිරීම හෝ Move to trash කිරීම සිදුකල හැකිය.

මේ වන විට Facebook Mobile සහ Facebook Lite app භාවිතා කරන සඳහා මෙය නිකුත් කර ඇති අතර, ඉදිරියේදී මෙය web browser එක හරහා පිවිසෙන්නන්ටද ලබා දීමට නියමිතය. නමුත් මේ වන විටත් ඇතැම් අයට මේ පහසුකම ලැබී ඇති අතර මෙහිදී පෙර කී ආකාරයට delete කිරීම හෝ timeline එක තුලින් hide කිරීම පමණක් සිදු කල හැක. Archive කිරීම සිදි කල නොහැක.

Source - Facebook Newsroom