Loading...
LinkedIn විසින් තම users ලගෙ පහසුව වෙනුවෙන් Name Pronunciation Guide එකක් හඳුන්වාදෙයි

LinkedIn, ඔවුන්ගේ platform එකේ user profiles වලට අලුත් feature එකක් add කරලා තියෙනවා: මේ feature එක තුලින් ඔයාට හැකියාව ලැබෙනවා තත්පර දහයක audio clip එකක් හරහා ඔයාගෙ නම pronounce කරලා recording එකක් විදිහට publish කරන්න. ඉතින් මේ තුලින් අනෙකුත් users ලට හැකියාව ලැබෙනවා ඔයාගෙ නම හරියට pronounce කරන ආකාරය හඳුනාගන්න.

මේ recording එක add කරන්න හැකියාව ලැබෙන්නේ Android සහ iOS වල තියෙන LinkedIn mobile app එක හරහා විතරයි. ඒත් playback එක desktop සහ mobile versions දෙකෙන් ම access කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාටත් ඔයාගෙ නම recording එකකින් add කරන්න ඕනෙ නම් mobile app එකෙන්, View Profile click කරලා ඊට පස්සෙ edit tap කරලා එතනින් “Record name pronunciation” කියන option එක click කරන්න ඕනෙ. Step by step instructions වලට මෙතනින් යන්න පුලුවන්.

මේ feature එක ඉතාමත් simple එකක්. අවුරුදු ගණනාවකට කලින් Facebook ලා මේ වගේ feature එකක් ලබාදුන්නා. ඒත් LinkedIn වගේ networking site එකකට මේක ගොඩක් වැදගත් වෙනවා. ඒක design කරලා තියෙන්නෙම පළවෙනි වතාවට contact එකකට කතා කරද්දි සිද්ද වෙන awkward සහ unprofessional mistakes අවම කරන්නයි. ඒ වගේම මේ වගේ pandemic situation එකකදි face-to-face meetings අඩු නිසා මේ feature එක තවත් ප්රයෝජනවත් වේවි.

ඉතින්මේ feature එක develop කරන්න මුල් තැන ගත් LinkedIn product manager කෙනෙක් වන Joseph Akoni මහතා ප්‍රකාශ කලේ මෙසේයි.

“Everyone, including myself, makes mistakes when pronouncing other people’s names, I’ve encountered this personally with my Nigerian middle name — there’s a 99% chance someone won’t pronounce it correctly on the first try.”

කෙසේවෙතත් මේ feature එක users ලා කිහිප දෙනෙක්ට මෑතක සිට දැකගන්න හැකියාව ලැබුනත්,  LinkedIn blog post එකක් මගින් ප්‍රකාශ කලේ මේ option එක ලොව පුරා වෙසෙන මිලියන 690ක users ලා වෙතට මේ මාසයේදී ලබා දෙන බවයි.

ඉතින් මෙතන ඉතුරු වෙන එක ප්‍රශ්නයක් තමා users ලා මේ තත්පර 10ක කාලය ඔවුන්ගේ නමටම විතරක් භාවිතා කරාවිද කියන දේ. ඇතැමුන් ඔවුන්ගේ choice එක අනුව විවිධ දේවල් record කරන්න පුලුවන්. කෙසේවෙතත් අපි හිතමු මේ pronunciation guide එක 10-second CV එකක් නොවේවි කියලා.