Loading...
පරිශීලකයින් අසීමිත ගණනකට නාලිකා හරහා Live Stream ලබා දීමේ හැකියාව සහ තවත් පහසුකම් රැසක් Telegram විසින් ලබා දේ

ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වන යෙදුමක් වූ Telegram, අනෙකුත් Messenger Platforms වලට ඉතා හොඳ අභියෝගයක් වෙමින් පසුගිය දිනයක ලොව පුරා Download වාර බිලියනයේ සීමාව පසු කිරීමට සමත් වුණා. TechCrunch වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ලොව පුරා පරිශීලකයන් බිලියනයකට වඩා බාගත කළ යෙදුම් 15 ලැයිස්තුව අතරට ටෙලිග්‍රෑම් ඇතුළත් වී තිබෙනවා.

"යෙදුම බාගත කරගත් පරිශීලකයින් ගණන 2021 දී වේගවත් වූ අතර, 2021 පළමු භාගයේදී මිලියන 214.7 ක් පමණ බාගත කිරීම් වාර ගණනකට ළඟා වූ එය 2020 දී මිලියන 133 සිට එම වසරට වඩා 61% කින් ඉහළ ගොස් තිබේ"

මෙහි විශේෂත්වය වන්නේ download වාර බිලියනය පසු කළ අනෙකුත් apps වන Facebook, WhatsApp, Messenger, Instagram වැනි apps සියල්ලම පාහේ බොහෝ ජංගම දුරකථන වල pre-installed ලෙස පැමිණි apps වන නමුත්, Telegram එසේ නොවන app එකක් වීමයි.

ඉතිං මේ වාර්තාවත් සමගම පසුගිය අගෝස්තු 14 වෙනිදා තම 8 වෙනි උපන්දිනය ටෙලිග්‍රෑම් ආයතනය සැමරුවා. වර්ෂ 2013 සිට පුරා වසර 8ක් පරිශීලක සිත් දිනාගනිමින් නව යාවත්කාලීන නිකුත් කරන ටෙලිග්‍රෑම් ආයතනය මෙවර අගෝස්තු 31 වෙනිදා තම අගෝස්තු මස update එක වන Version 8.0 නිකුත් කර තිබෙනවා.

මෙම update එකෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ, ජූලි මාසයේදී Telegram ආයතනය විසින් නිකුත් කළ Group video call පහසුකම වැඩි දියුණු කරමින් Live Stream ලෙස නව යාවත්කාලීනයක් නිකුත් කර තිබීමයි.

Telegram

Telegram විසින් හදුන්වා දෙන ලැබූ පරිශීලකයින් 1000 කට සම්බන්ධ වී පවත්වාගෙන යා හැකි group video call පහසුකම පිළිබඳව අප සමග රැදී සිටි ඔබව දැනුවත් කරනු ලැබුවා මතක ඇති. එලෙස සම්බන්ධ වීම පරිශීලකයින් 1000 ට පමණක් සීමාකර තිබූ video call පහසුකම දැන් අසීමිත පරිශීලකයින් සංඛ්‍යාවකට සම්බන්ධ විය හැකි පරිදි වැඩි දියුණු කර ඇත.

මෙහි විශේෂම කරුණ වන්නේ මෙම පහසුකම Group වලට අමතරව Channel සදහාද නිකුත් කර තිබීමයි. ඔවුන් එය "Live Stream" ලෙස හදුන්වන්නට කටයුතු යොදා තිබෙනවා. ආකර්ෂණීය අයුරින් සකසා ඇති මෙම Live Stream පහසුකම ප්‍රේක්ෂක සිත් ඇද බැද තබා ගන්නට කටයුතු කරනු ඇත. එමෙන්ම මෙම පහසුකම අධ්‍යාපන ක්ෂේත්‍රය සදහාද වඩාත් ප්‍රයෝජනවත් වන බව නිසැකය.

එමෙන්ම දැනට තිබෙන group calls හි හඬ පමණක් පටිගත කිරීමේ පහසුකම සදහා වීඩියෝව ද ඇතුළත්ව පටිගත කළ හැකි පරිදි වැඩි දියුණු කිරීමට Telegram ආයතනය බලාපොරොත්තුවෙන් සිටී. මෙම පහසුකම Telegram Beta සදහා නිකුත් කර තිබූ නමුත් එහි වැඩිදියුණු කිරීම් හේතුවෙන් මෙවර යාවත්කාලීනයට එය එකතු නොකර සිටින්නට ඔවුන් කටයුතු යොදා තිබෙනවා. කෙසේ වෙතත්, මෙය අනෙකුත් Video conference platforms වලට තවත් අභියෝගයක් වනු නොඅනුමානය.

Telegram unlimited 2

මෙම පහසුකම සමඟ flexible forwarding ,jump to the next channel ,trending stickers ඇතුළු විශේෂාංග කිහිපයක් ද හඳුන්වා දී ඇත.

Flexible forwarding පහසුකම මගින් යම් පණිවිඩයක් forward කිරීමේ දී එය අදාල මුල් පරිශීලකයාගේ නම සහිතව forward වීම දැන් ඔබට කැමති පරිදි මුල් පරිශීලකගේ නම සහිතව හෝ රහිතව forward කළ හැක.එමෙන්ම media file එකක් forward කිරීමේදී කිරීමේ දී එහි caption එක සහිතව හෝ රහිතව forward කිරීමේ හැකියාව ඇත. මෙය Telegram Unofficial Clients වල තිබූ feature එකක් වන අතර මෙවර ඔවුන් එයද තම පරිශිලක ප්‍රජාවට භාවිතා කළ හැකි වන පරිදි නිකුත් කර තිබෙනවා.

Jump to next channel 

එමෙන්ම Jump to the next channel පහසුකම මගින් ඔබට chat list එකට ආපසු නොයා ඔබ සිටින නාලිකාවේ සිට අනෙක් නාලිකාවට මාරුවීමට හැකියාව ඇත. එනම් ඔබ සිටින නාලිකාවේ අවසාන පණිවිඩය කියවූ පසු උඩට swipe කිරීම මගින් ඔබට අනෙක් නාලිකාවට මාරු විය හැක.

මීට අමතරව මෙම යාවත්කාලීන කිරීම මගින් යම් නාලිකාවක comment section එකෙහි නොකියවූ comment කීයක් තිබේද යන්න පෙන්වීම ද සිදුවේ. Channel එකකට Group එකක් සම්බන්ධ කිරීමෙන් අපට Channel එකෙහි post වලට comment section ලබා ගැනීමේ හැකියාව ඇත. එහි තවත් වැඩිදියුණු කිරීමක් ලෙසයි මෙයත් නිකුත් කර තිබෙන්නේ.

Trending Stickers

Group video calls update එක සමග නිකුත් වූ සිත්ගන්නාසුලු ම පහසුකම වන්නේ trending stickers සහ new animated emoji යන පහසුකමයි. මෙමගින් ඔබට ඔබේ sticker පුවරුවේ recent stickers තීරුවට ඉහළින් trending stickers පහසුවෙන්ම සොයා ගැනීමේ හැකියාව ලැබේ.

Choosing a stikcer

ඊට අමතරව ඔබ සමග සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයා sticker එකක් සොයන විට "typing" කොටස පෙන්වන තැන ඒ වෙනුවට "ch?sing a sticker" යනුවෙන් පෙන්වයි. මෙය Group සදහාද පෙන්වන අතර, Group එකක යම් කෙනෙක් sticker එකක් තෝරන විට එය අනෙක් සාමාජිකයින්ටද පෙන්වනු ලබනවා.

Telegram විසින් සෑම update එකකදීම ගෙන එනු ලබන animated emojis කිහිපයක්ම මෙවර update එක සමග ද නිකුත් කර තිබෙනවා.

Android, iOS, macOS, Desktop යන සියලුම platforms සදහා මේ වන විට මෙම යාවත්කාලීනය නිකුත් කර ඇති අතර web.telegram.org සදහාද මෙම පහසුකම් වලින් යම් යම් පහසුකම් ඉදිරියේදී නිකුත් කරන්නට ඔවුන් කටයුතු කරනු ඇත.

කෙසේ නමුත් ඊළග යාවත්කාලීනයේදී විශාල පරිශීලක සංඛ්‍යාවක් සහිත නාලිකා හිමිකරුවන්ට වැදගත් යාවත්කාලීනයක් වනු ඇත. ඔවුන් ඒ පිළිබදව යම් යම් ඉගි පල කර ඇති අතර අප කණ්ඩායම, Android වැඩකාරයෝ කණ්ඩායම සමග ඒ පිළිබදව තොරතුරු ඉදිරියේදී ගෙන ඒමට සුදානම්.

Source: Telegram, Telegram Info Sinhala