හේතුව මොකක්ද කියල හිතන්න පුළුවන්ද? ඔව්, advertisement ගැන ප්‍රශ්නයක් තමයි.
මේ ගැටුම ඇති වෙන්නේ Apple සමාගම විසින් තම privacy policy එක users ලට, එනම් Apple පාරිභෝගිකයින්ට වැඩි බලයක් එන ලෙස වෙනස් කරන්නට යන බව පැවසීමත් සමගයි. එහිදී සිදුවන්නේ apps වලට (ඒ කියන්නේ Facebook apps ඇතුළුව) user ව track කිරීමට නම් පළමුව user ගේ permission අවශ්‍ය වීමයි.
මෙවිට Facebook සමාගමේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ පද්ධතියට පහර වදින බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 86ක් ඔවුන් මේ ad වෙළඳාමෙන් උපයනවා.
"Apple කියනවා ඇති ඔවුන් මේ වෙනස කරන්නේ මහජනයා වෙනුවෙන් කියා, නමුත් පැහැදිලිවම මෙය ඔවුන්ගේ තරඟකාරී උපායමාර්ගයක්" බව පසුගිය ජනවාරියේත් Mark Zuckerberg මේ සම්බන්ධයෙන් කියා සිටියා.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් පැවසුවේ, මෙය කළමනාකරණය කරගත හැකි තත්ත්වයක් ලෙසටත් ඔහු විශ්වාස කරන බවයි.

මෙහිදී අදහස් දැක්වීමට Spotify CEO Daniel Ek ද එක්වී සිටියා. ඔහුත් පැවසුවේ මෙය ඉතාම හානිකර තීරණයක් බවයි. Spotify සඳහා පමණක් නොව මුළු මහත් app developer පද්ධතියටම මෙය පහරක් බව ඔහු සඳහන් කළා.
එසේම ඔවුන් මේ සම්බන්ධයෙන් විශ්වාසය කඩවීමේ (Anti-trust - ප්‍රතිභාර) නඩුවකුත් ගොනු කර ඇති බවයි Daniel Ek තවදුරටත් පැවසුයේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් Apple CEO Tim Cook සඳහන් කර තිබුණේ, users ලා හට තමාගේ data එකතු කිරීම හා ඒවායේ යෙදවීම ගැන තීරණයක් ගැනීමට අයිතියක් තිබිය යුතු බවයි.
We believe users should have the choice over the data that is being collected about them and how it’s used. Facebook can continue to track users across apps and websites as before, App Tracking Transparency in iOS 14 will just require that they ask for your permission first. pic.twitter.com/UnnAONZ61I
— Tim Cook (@tim_cook) December 17, 2020
ඉතින් එවැනි ප්‍රතිපත්තියකට Facebook හා Spotify වැනි ආයතන විරුද්ධ වන එක අහන්නත් දෙයක්ද?
Source: C|net