Loading...
Facebook Messenger වලට App Lock සහ තවත් Privacy Features කිහිපයක් ලබාදෙයි

Facebook ලා Messenger users ලගෙ privacy focus කරලා improvements කිහිපයක් කරලා තියෙනවා. මේකට include වෙනවා private chats ආරක්ෂා කරගන්න app lock feature එකත්, improve කරපු තවත් message controls කිහිපයකුත්.

“Privacy is at the heart of Messenger – where you can be yourself with the people who matter most to you, whether that’s through a message, video chat, call, or a Messenger Room,” කියලා Messenger Privacy and Safety, Product Management Director වෙන Jay Sullivan කියලා තියෙනවා.

App Locker

Chats secure කරගන්න ලේසී වෙන්න Messenger එකෙන්ම in-built app lock mechanism එකක් add කරලා තියෙනවා. මේ feature එක fingerprint හෝ face unlock වගේ device එකේ privacy settings මත rely වෙනවා. ඔගොල්ලන්ට මේ feature එක දැනටමත් දකින්න පුළුවන් iPhone එහෙක හෝ iPad එහෙක.

මේ feature අලුත් Privacy section එකේ දැක ගන්න පුළුවන්. පේන්න නැත්තම් Messenger latest version එකට update කරලද තියෙන්නෙ බලන්න. Facebook ලා පොරොන්දු වෙලා තියෙනවා app lock එක Android වලටත් ඉක්මනටම දෙන්න.

Message Controls

මේගොල්ලා කියලා තියෙන්නෙ මේ implementation එක දැනට Instagram වල තියෙන විදියට සමාන වෙයි කියලා.

company එක ඉක්මනටම users ලා කාටද message හෝ call කරන්න පුළුවන් කියලා decide කරන්න දේවී. users ලට තව tweak කරන්න පුළුවන් වෙවී කාටද කවදාවත්ම text හෝ call කරන්න බැරි කියලා. Message Controls නම් මේ මොහොතේ roll-out වෙන්නෙ නෑ.

Image Blurs

මෙකෙදි අපේ message requests වල තියෙන images blur කරනවා default ම. Message Controls වගේම මේකත් roll-out කරන දවසක් නම් නෑ හරියට. කොහොම නමුත් Facebook ලා කියලා තියෙනවා pilot tests ඉක්මනට පටන්ගන්නවා කියලා.

Source: Messenger News