Loading...
පරිශීලක දත්ත ලබා ගැනීමට ඉඩ නොදේ නම් Facebook සහ Instagram සේවාවන් යුරෝපයෙන් ඉවත් කර ගැනීමට සිදු වන බව Meta සමාගම ප්‍රකාශ කර​යි

යුරෝපයේ පුද්ගලික පරිශීලක දත්ත තමන් වෙත ලබාගැනීමට නියාමකයින් විසින් ඉඩ නොදෙන්නේ නම්, ත​ම දැවැන්ත සමාජ ජාල වන Facebook සහ Instagram යුරෝපීය රටවල් වලින් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවට Meta (පෙර Facebook) සමාගම වි​සින් එක්සත් ජනප​ද ආරක්ෂක හා විනිමය කොමිෂන් සභාව වෙත පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටිනවා.

වාර්තාවේ සඳහන් වනුයේ තම ආයතනයේ මෙහෙයුම් කටයුතු සහ දැන්වීම් ප්‍රචාරය කිරීම් නිවැරදි​ව කරගෙන යාම සඳහා යුරෝපයේ පරිශීලක දත්ත ලබාගැනීම තම ආයතනයට අත්‍යාවශ්‍ය බවයි.

If we are unable to transfer data between and among countries and regions in which we operate, or if we are restricted from sharing data among our products and services, it could affect our ability to provide our services, the manner in which we provide our services or our ability to target ads.

නමුත් ගැටලුව වන්නේ යුරෝපා නීතියට අනුව පුරවැසියන්ගේ දත්ත ගැනීම හැකි වන්නේ යුරෝපයේ පිහිටා ඇති servers වල​ට පමණක් වන අතර එ​ය එක්සත් ජනපදය සහ යුරෝපය අතර පෙර තිබූ දත්ත බෙදාගැනීමේ ගිවිසුම් වලට අනු​කූ​ල නොවීමයි. Meta සමාගම විසින් 2022 වසරේ දී නව ගිවිසුමක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන නමුත් එය සිදු නොවන්නේ නම්, Meta සමාගම විසින් යුරෝපයෙන් ත​ම සමාජ ජාල ඉවත් කර ගැනී​ම වැනි තීරණයක් ගැනීමට පියවර ගන්නා බවත් දක්වා තිබෙනවා.

If a new transatlantic data transfer framework is not adopted and we are unable to continue to rely on SCCs [Standard Contractual Clauses] or rely upon other alternative means of data transfers from Europe to the United States, we will likely be unable to offer a number of our most significant products and services, including Facebook and Instagram, in Europe, which would materially and adversely affect our business, financial condition, and results of operations.

විමතියට කරුණ නම් Meta සමාගම විසින් ඔවුන්ගේ Encrypted Messenging සේවාව වන WhatsApp සේවාව පිළිබඳව කිසිදු අදහස​ක් ඉදිරිපත් නොකිරීමයි.

පෙර වසරේ අවසන් කාර්තුවේදී වූ සක්‍රීය පරිශීලක ප්‍රමාණය අඩුවීම සමඟ සිදුවූ පාඩුව සලකා සලකා බැලූ ක​ල, එක්සත් ජනප​ද ආරක්ෂක හා විනිමය කොමිෂන් සභාව විසින් කුමක් පැවසුවත් Meta සමාගම විසින් සැබැවින්ම මෙවැනි තීරණය​ක් ගනු ඇතැයි සිතිය නොහැකියි. යුරෝපය යන Meta සමාගමට ඇති විශාලතම වෙළඳපලක් වන අතර ඒ හරහා උපයන මුදල අහිමි කර ගැනීම එම සමාගමට බෙහෙවින් අවාසිදායක වනු ඇත.

Source: Euronews, Bloomberg