Loading...
Nvidia's GeForce Now හා Google Stadiaට තරඟයක් දෙන්න Microsoft xCloud මේ සැප්තැම්බරයේදී

Project xCloud සමඟ Microsoft සමාගම game streaming කරන්න සූදානම් වෙනවා. Nvidia's GeForce Now හා Google Stadiaට හොඳ තරඟයක් දීම සඳහා මෙහි Preview version එකක් සැප්තැම්බර් දිහාවට නිකුත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අපිට දැනට මේකට join වෙන්න invite ඕනේ.

ඒ කෙසේ වෙතත් මේ ලිපිය පලකරනකොට Microsoft සමාගම විසින් මේ සඳා වන මිල ගණන් සහ මෙය available වන region ගැන තොරතුරු නිකුත් කරපු නිසා අපිට preview වල්ට join නොවී ඉදිරි මාස කීපය තුලදී සහභාගී වීමේ හැකියාව ලැබෙනු ඇත.

ඒ තොරතුරු අනුව Microsoft සමාගම xCloud , Xbox Game Pass Ultimate සමඟ සම්බන්ධ කිරීමට තීරණය කරලා තියෙන අතර මෙහි subscription මාසෙකට $15 වෙනවා. ඒකෙන් ඔයාට Xbox Game Pass (game 100ට වැඩිය තියෙනවා) Xbox Live හා Project xCloud කියන තුනටම access හම්බු වෙනවා. ඒ උනත් Xbox Game Pass Ultimate subscribersලට මේකට free upgrade එකක් හම්බවෙනවා.

"අපි Xbox Game Pass හා Project xCloud එකට එකතු කරනවා, Xbox Game Pass Ultimate සාමාජිකයන්ට කිසිදු අමතර ගෙවීමක් සිදු කිරීමට උවමනා නැහැ" යනුවෙන් Microsoft සමාගමේ Xbox ප්‍රධානී Phil Spencer පවසා තිබෙන අතර, "Cloud gaming එකෙක් ඔයාට පුලුවන් ගේම් සීයකට වඩා ඔයාගෙ phone හරි tablet හරි සෙල්ලම් කරන්න," යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඔයාට පුලුවන් Xbox Live ඔයාගේ යාලුවොත් එක්ක xCloud හරහා ක්‍රීඩා කරන්න.

Microsoft සමාගම් xCloud වෙනම ගණනක් ගෙවා මිලදී ගැනීමට හැකියාව ලබා දෙන්නේ නෑ. එහි වාසිය වන්නේ Xbox එක නැති අයට, මන්ද Xbox console එකක් නොමැති වුවත් එම සම්පූර්ණ මිලම ගෙවල මිලදී ගැනීමට සිදුවන නිසා.

ඉතිං xCloud හරහා ඔයාට පුලුවන් games console එකේ ප්ලේ කරල පස්සේ අවශ්‍ය නම් ඉතිරිය phone එකෙන් ප්ලේ කරන්න.

ඒ වෙලාවේ Project xCloud launch කරන්නේ බොහෝ දුරට US, UK හා South Korea වල විතරයි. අපිට ඊළඟ මාස වල mobile support, PS4 controller support, official name වගේම තවත් දේවල් ගැන දැන ගන්න ලැබෙයි.