Nissan GT-R (Godzilla) නිසාන් සමාගමේ වේගවත්ම රථ මාදිලිය ලෙස හඳුන්වනු ලබන මෙය 2007 දෙසැම්බර් මාසයේදී Tokyo Motor Show හීදී මුල් වරට ලෝකයට හඳුන්වාදෙනු ලැබීය.ජපානයේ නිශ්පාදනය කරන මෙම රථය ක්රීඩා මෝටර් රථ ගණයට අයත් වේ(Sports Car). මෙය දොර 2කින් පමණක් සමන්විත අතර ආසන 4ක් (2 door 2+2 coupe) සහිතව ඉදිරිපත් කර ඇත.මෙම GT-R රථයේ ඉදිරිපස එන්ජිම ස්ථාපනය කර ඇති අතර රෝද හතර සඳහාම බලය සපයනු ලැබේ(All-wheel drive).මෙම ගොඩ්සිලා 3.8L Twin-Turbocharged V6 එන්ජිමකින් පණ ලබයි.Nissan GT-R රථය ගියර් 6කින් සමන්විත වන අතර ද්විත්ව ක්ලච් පද්ධතියකින් සමන්විත වේ(Dual clutch transmission).2009 සිට 2012 දක්වා කාලය තුල මෙහි දිග,පළල සහ උස පහතින් දැක්වේ.
මෙම කාල වලදී මෝටර් රථයේ බරෙහි වෙනසක් සිදුවී නොමැති අතර එය සටහන් වන්නේ 1740kg (3840lb) ලෙසය.
2014 වසරේදී මෙහි වඩා වැඩිදියුණු කරනලද මාදිලියක් ලෙස GT-R NISMO එළිදක්වනු ලැබීය.මෙහිදී මෙම රථයට 0-97km/h (0-60mph) ළඟාවීමට තත්පර 2.5ක පමණ කාලයක් ගතවීම සුවිශේෂත්වයකි.පසුව GT-R NISMO N-Attack ලෙස විශේෂ(Special Edition) මාදිලියක් නිපදවනු ලැබිණි.එය Nurburgring හී වටයක් සඳහා ලබාගත් වේගවත්ම කාලයෙහි ලෝක වාර්තාවටද හිමිකම් කියනු ලබයි.
2018 වසරේ 50වන සංවත්සරය සමරන GT-R මාදිලිය ඔවුන්ගේ නව සීමාසහිත රථය (Limited Edition) මෙම වසරේදී නිවේදනය කරන ලදි. එය GT-R50 ලෙස නම් කර ඇති අතර මෙම රථ 50ක් පමණක් නිශ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.