මීට සුලු වේලාවකට පෙර ලොව ප්‍රමුඛ සමාජ ජාලා යෙදවුමක් වන Instagram යෙදවුමේ පරිශීලකයන්ගේ ගිණුම් තුළට Log in වීමේ ගැටලුවක් වාර්තා වු අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පරිශීලකයන් සඳහන් කරනු ලබන්නේ තම ගිණුම් වෙතට ඇතුල් වීමේදී එම ගිණුම අත්හිටුවා ඇති බවට සඳහන් කිරීම නිසා අපහසුතාවයට පත් වු බවයි.

මෙලෙස Instagram ජාලය වෙත පිවිසීම සඳහා බාධා ඇතිවීම Mobile App එක සඳහා පමණක් සීමා නොවන බවත්, එය Web Browser හරහා ද දිගින් දිගටම සිදුවන බවත් පරිශීලකයන් සඳහන් කරනු ලබනවා.
මෙම දෝෂය පිළිබඳව මේ වන විටත් Instagram විසින් තම Twitter ගිණුම හරහා දැනුම් දී ඇති අතර ඉන් සඳහන් කරනු ලබන්නේ Instagram ජාලය තුළ පරිශීලක ගිණුම් සඳහා පිවිසීමේ ගැටලුවක් පැනනැගී ඇති බවත් එම දෝෂය හේතුවෙන් සිදුවූ අපහසුතා සඳහා පරිශීලකයන් ගෙන් සමාව අයදින බවයි.
We're aware that some of you are having issues accessing your Instagram account. We're looking into it and apologize for the inconvenience. #instagramdown
— Instagram Comms (@InstagramComms) October 31, 2022
මෙම අසාමාන්‍ය තත්වයට අමතරව ඇතැම් පරිශීලකයන් සඳහා ලැබී ඇති පණිවුඩය වන්නේ ඔවුන් Instagram හි ඇති Community Guidelines උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවත්, තවත් දින 30 ක කාලයක් තුළ Instagram විසින් පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට මැදිහත් වන බවත්ය. එසේම එලෙස තම අනන්‍යතාවය තහවුරු කිරීමට අපහසු වන්නේ නම් එම ගිණුම් ස්ථිරවම ඉවත් කරන බවටත් එහි සඳහන් වන බව පරිශීලකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ Screenshots පළ කරමින් සඳහන් කර තිබෙනවා දැක ගන්න පුලුවන්.
Same here! Can you please address the issue asap @instagram @InstagramComms @Meta https://t.co/jCeOVh7Sfg
— Sarakshi Rai (@Sarakshi) October 31, 2022
Did anyone else's Instagram just get suspended for no reason? And now Instagram won't even bother to let you appeal it just gives you an error?#InstagramDown?
— Mike (@ModSquadMike) October 31, 2022
What is this happening?
— Dr. Priya Sharma 🇮🇳 (@priyasharma0231) October 31, 2022
Like without violating any rule, my instagram was suspended?
And now it’s not loading at all.@instagram should take the responsibility for this and resolve this ASAP.#Instagramcrashing #instagramerror #instagramdown#Instagram pic.twitter.com/ipzy5Bm8XI
කෙසේ වෙතත් පසුගිය දා WhatsApp සමාජ මාධ්‍යයේ සිදුවූ බිඳ වැටීම මෙන්ම මෙම බිඳ වැටීම පිළිබඳවද Downdetector වෙබ් අඩවිය ඔස්සේ පරිශීලකයින් විශාල ප්‍රමාණයක ප්‍රතිචාර දක්වමින් අදහස් පළ කර ඇත. මෙම ප්‍රතිචාර වලට අනුව බොහෝ පරිශීලකයන්ගේ ගැටලුව වී ඇත්තේ Instagram App එකට පිවිසීමට අපහසුතා ඇති වීමත් තම ගිණුම වෙත පිවිසීමට ගැටලු ඇතිවීමත් ය.

මේ වන විට මේ ගැටළුකාරී තත්වය මඟ හරවා ගනිමින් පෙර පැවති ආකාරයටම තම සේවාව ලබා දීමට Meta වෙත හැකියාව ලැබී තිබෙනවා.
Sources: www.bloomberg.com 9to5mac.com