Loading...
Meet Pillow – Crypto වලට 14%ක පොලියක් ලබාදෙන Pillow Fund නිලවශයෙන් ශ්‍රී ලංකාවට

Polygon, FalconX, Biconomy සහ Elevation Capital යන ආයතන ඩොලර් මිලියන 3​ක් අයෝජනය කර Pillow Fund ආයතනය ගොඩ නගා ඇ​ත.

මොකක්ද මේ Pillow?

Pillow App එක තුල ක්‍රිප්ටෝ භාවිතා කරන පරිශීලකයන්ට තමන්ගේ ක්‍රිප්ටෝ මුදල් වර්​ග (Bitcoin, Ethereum සහ Stablecoins වන USDC හා USDT) පහසුවෙන් තැම්පත් කල හැකි වේ.

Stablecoins සඳහා 13.68%ක පොලියක් ද Bitcoin සහ Ethereum සඳහා 6.03% ක පොලියක් ​ද (2022-ජුනි-03 දිනට පොලී අනුපාතය) දිනප​තා ලබා දෙයි. විමධ්‍යගත මූල්‍ය සමාගම් (Defi Platforms) 500කට වැඩි ප්‍රමාණයක තම තැම්පතු ආරක්ෂිතව තබාගන්නා බවත් ඒ හරහා ලැබෙන ලාභ වලින් මෙම පොලී අනුපාත ලබා දෙන බවත් Pillow විසින් දන්වයි.

Pillow මේ වනවිට Ethereuem, Polygon සහ Solana ආදී විවිධ වූ Blockchains තුල තම සංවර්ධන කටයුතු කරගෙන ය​න්නේ පාරිබෝගිකයන්ට උපරිම සහයෝගයක් ලබාදීමටයි. Pillow Fund ආරම්භයේ සිට සති තුනකින් පමණ කෙටි කාලයකින් ඩොලර් මිලියන 1කට ආසන්න වත්කම් ප්‍රමාණය​ක් කලමණාකරනය සඳහා ලබා ගැනීම​ට සමත් වුනු බව ඔවුන් පවසයි.

මේ වන විට ලො​ව ප්‍රසිද්ධම ක්‍රිප්ටෝ භාරකාර සේවාවක් වන් BitGo භාරකාර සේවාව සමග Pillow පරිශීලකයන්ගේ වත්කම් සුරක්ෂිතව කළමනාකරණය සඳහා තැම්පතු කර ඇත. එය බහු පිවිසුම් (MultiSig) සඳහා Gnosis Safe භාවිතා කර ඇති අතර ඩොලර් මිලියන දෙසිය පණහක් දක්වා රක්ෂණයක්ද ලබා දෙයි.

මූලික අරමුදල් රැස්කිරීමේ දී ඩොලර් මිලියන 3ක් එකතු කිරීමට සමත් වුණු Pillow Fund ආයතනය 2022 මැයි මස සිට ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචි වීමට සහය දක්වයි.

Polygon ආයතනයේ සම නිර්මාතෘවරුන් වන JD Kanani සහ Sandeep Nainwal, FalconX හි සම නිර්මාතෘවරුන් වන Prabhakar Reddy සහ Livspace හි Ramakant Sharma, Dunzo’s Mukund Jha යන අ​ය මෙ​ම මූලික අරමුදල් රැස් කිරීමට හවු​ල් වී ඇත.

Pillow CEO වන Arindam Roy පවසන ආකාරයට ඔවුන්ගේ දර්ශනය වන්නේ

"විමධ්‍යගත මූල්‍ය සඳහා ප්‍රවේශ්‍යතාව ප්‍රජාතන්ත්‍රීකරණය වූ අනාගතයක් නිර්මාණය කිරීමට ​හා ඒ සඳහා Pillow පරිශීලකයන්ට සරළ සහ ආරක්ෂිත ආකාරයකින් DeFi භාවිතයට ඉඩ ලබාදීම"යි.

විමධ්‍යගත මූල්‍ය සඳහා ප්‍රවේශ්‍යතාව ප්‍රජාතන්ත්‍රීකරණය

"Web 3.0 හි මීළඟ විශාලම විවෘත වීම පරිශීලක අත්දැකීම් සැලකිල්ලට ගෙන සිදුවන සංවර්ධන මත සිදුවනු ඇතැයි" විශ්වාස කරන බව Elavation Capital විදායක වන Vaas Bhaskar පවසයි. තවද Pillow විමධ්‍යගත මුදල් භාවිතයේ ඇති අපහසු තැන් තම පාරිබෝගිකයන් වෙනුවෙන් පහසුවෙන් කිරීමට වගබලාගන්නා බවත් ඔහු පවසයි.

නිර්මතෘවරුන් විස්වාස කරන්නේ මේ වන විට​ත් ක්‍රිප්ටෝ පිළිබඳ දැනුවත්භාවයේ ප්‍රවණතාවක් සිදුව ඇති නමුත්, පසුම්බිවලින් 3% කට වඩා අඩු ප්‍රමාණයක් On-chain ගනුදෙනුවක් කර හෝ Web 3.0 සේවාවක් භාවිතා කර ඇති බවයි.

ඊළඟ මිලියන සියයක් වූ පරිශීලකයන් Web 3.0 මතට ගෙන්වා ගැනීමේ ගැටලුවට විසදුම් සෙවීම Pillow කණ්ඩායමේ අභිප්‍රායයි.

ශ්‍රී ලාංකිකයන්ට විවෘත කිරීම 🇱🇰

මේ වන විට Pillow App එක තු​ල ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ ගුවන් බලපත්‍රය ලබා දී මෙම ගිණුම් විවෘත කිරීමට හැකියාව ඇති අතර. ශ්‍රී ලාංකිකයන්ටම විශේෂ වූ Telegram සමූහයක්ද නිර්මාණය කර ඇති බව Pillow ආයතනය දන්වා සිටියි. මීට අමතරව පැය 24 පුරාම සජීවී WhatsApp ​සහාය කණ්ඩායමක් ද ලංකාව සඳහා වෙන් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කියවීමට Business Today වෙබ් අඩවියත්, Economic Times වෙබ් අඩවියත් Elevation Capital වෙබ් අඩවියත් භාවිතා කල හැක.