Loading...
2023 අප්‍රේල් මාසයෙන් පසුව අවසන් ගමන් යන Facebook Instant Articles

ඔබ මේ Article එක කියවන්නේ Android වැඩකාරයෝ Page එකෙන් නම් Article එක ඔයාට පේන්නේ Facebook Instant Article service එක තුළිනුයි. Meta සමාගම විසින් පසුගියදා Instant Articles සඳහා සහාය දැක්වීම 2023 වසරේ අප්‍රේල් මස සිට නවත්වන බව සියලුම Instant Article publishers ලාට දැනුම් දී තිබෙනවා.

ඉන් පසුව publishers ලාට විකල්ප මාර්ග සොයා ගැනීමට මාස 6ක කාලයක් ලබා දෙන අතර instant articles වෙත තිබූ user traffic එක ස්වයංක්‍රීයවම අදාළ publisher ගේ web අඩවිය වෙත යැවෙන බව ඔවුන් තව දුරටත් සඳහන් කර තිබෙනවා.

Facebook instant articles යනු, 2015 හඳුන්වා දුන් ජංගම දුරකථනවල ඉතා ඉක්මනින් load කිරීමට හැකි Facebook විසින් ම සපයන HTML ලේඛන වේ. Facebook මෙය එළිදක්වන විට, කියා සිටියේ instant articles සම්මත ජංගම වෙබ් අඩවියට වඩා 4 ගුණයක වේගයෙන් load වී දර්ශනය වන බවයි. 2015දී විදේශ රටවල ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ට මෙය ඉතා යෝග්‍ය වූ අතර පසු කලකදී ජනයාගේ මූලිකම ප්‍රවෘත්ති දැනගැනීමේ app එක බවට පත් වීමටද Facebook සමාගමට (දැන් meta) මේ තුළින් හැකි වූවා.

මේ හේතුවෙන් පුවත් ප්‍රකාශක වෙබ් අඩවි හැ‍ර අනෙකුත් කාණ්ඩයේ වෙබ් අඩවි රාශියක් ද ඍජුවම වෙබ් අඩවි වෙත තම ලිපි පළ නොකර Facebook servers තුළ ඇති instant articles සේවාවට පළ කිරීමට උනන්දු වූවා. මේ හේතුවෙන් වඩාත් ජනප්‍රිය වූ මෙය Facebook සමාගම විසින් මේ තුළට ads යොමු කර ප්‍රකාශකයන්ට යම් කිසි මුදලක් ඉපැයීමට හැකි වන සේද මේ instant article සේවාව යාවත්කාලීන කරණු ලැබුවා. මේ තුළින් publishers ලාට තමන් කැමති ads හෝ Facebook audience network එක තුළින් automatically ම මේ සඳහා ads පළ කරවීමට හැකි වූවා.

නමුත් මෙය Facebook සඳහා ව්‍යාපාරික වශයෙන් නොගැලපේ. මන්දයත් මේ instant articles වල news articles වලට බොහෝ දෙනා ඒ සඳහා නොගැලපෙන ආකාරයේ දැන්වීම් පළ කිරීමට කටයුතු කරන බව meta සමාගමේ ප්‍රකාශකයෙකු විදෙස් වෙබ් අඩවියකට පවසා තිබුණා. නමුත් meta සමාගම මේ වසරේ මුලදී පැවසූ පරිදි, ව්‍යාපාරයක් ලෙස පරිශීලකයන් සමඟ අකමැති ක්ෂේත්‍රවල වැඩිපුර ආයෝජනය කිරීම අර්ථවත් නොවන නිසා ඔවුන් මේ තීරණය ගත බව පවසා සිටියා.

සමාජ මාධ්‍ය අතරේ ලිපි අභිබවා TikTok වැනි platforms තුළ short videos එක්වරම ජනප්‍රිය වීමෙන් මේ Facebook instant articles සඳහා ලොකු පහරක් එල්ලවූ අතර 2016 ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් පසු වැරදි තොරතුරු සහ හානිකර දේශපාලන අන්තර්ගතයන් රැල්ලක් අවුලුවාලීම සඳහා ක්‍රියාකාරීන්ගේ සහ විද්වතුන්ගේ විවේචන වසර ගණනාවකට පසු එහි instant articles තුළ සහය දැක්වීම අඩු සහ අඩු උනන්දුවක් දැක්වීමෙන්ද මේ instant articles වෙත තදබල පහරක් වැදුණි.

2018 මුල් භාගය වන විට, Columbia Journalism Review එකකට අනුව, වසර තුනකට පෙර Facebook Instant Articles සමඟ මුල් හවුල්කරුවන් ලෙස ලැයිස්තුගත කර ඇති ප්‍රකාශනවලින් හරි අඩකට වඩා මෙම instant articles දැනටමත් අත්හැර දමා තිබෙනවා. instant articles හඳුන්වා දුන් දින සිටිම Facebook සමඟ සිටි බොහෝ ප්‍රකාශන වල ප්‍රධාන article platform එක Facebook instant articles වීමට පෙර ඔවුන්ට අසාධාරණයක් නොවන පරිදි meta සමාගම විසින් මේ තීරණය ගෙන තිබෙනවා.

බලයලත් පුවත් අඩවි වෙනත් publishing methods සඳහා instant articles අත්හැරීමත් සමඟ, වෙනත්, අඩු පිළිගත් වෙබ් අඩවි මෙහි හිඩැස් පිරවීම සඳහා ඉක්මනින් මේ සඳහා යොමු විය.

2018 BuzzFeed වෙබ් අඩවියේ ප්‍රවෘත්ති විමර්ශනයකින් Facebook pages 29 ක් සහ ඒ ආශ්‍රිත වෙබ් අඩවි අමූලික අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමට instant articles භාවිතා කළ බව තහවුරු වී තිබෙනවා.

Sources: GIZMODO BuzzFeed