2021 අප්‍රේල් මාසයේදී Samsung සමාගම විසින් Windows සඳහා සිය Quick Share යෙදවුම නිකුත් කළා. එය තුළින් PC එක හා Smartphone එක හරහා ඕනෑම ගොනුවක් Wirelessly Share කරගත හැකිවූවා. කෙසේ නමුත් එය භාවිතා කිරීමට හැකි වූයේ Samsung Laptops තුළ පමණයි.
මේ සඳහා විසඳුමක් ලෙසින් Samsung සමාගම විසින් Quick Share Windows යෙදවුම සඳහා නිකුත් කළ 1.4.40 Update එක ඔස්සේ Samsung නොවන ඕනෑම Desktop හෝ Laptop එකක් හරහා මෙය භාවිතා කළ හැකි බව එහි Update Log එක තුළ ඔවුන් විසින් සඳහන් කොට තිබෙනවා.

මෙහි දක්වා ඇති පරිදි මෙය භාවිතා කළ හැකිවන්නේ Intel Bluetooth Driver එක 22.50.02 හෝ ඊට වැඩි Version එකක් සහ Intel Wi-Fi Driver එක 2.50.07 හෝ ඊට වැඩි Version එකක් සහිත Windows පරිගණක සඳහා පමණි. ඔබට MediaTek වැනි වෙනත් වර්ගයක NIC (Network Interface Card) එකක් තිබෙනවා නම් මෙය භාවිතා කළ නොහැකි වනවා.
Source: sammobile.comCover Image: samlover.com