Loading...
රු. 10කින් කිලෝමීටර 60ක දුරක් යන්න පුළුවන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථ​ම Smart බයිසිකලය

පෙට්‍රල් සහ ඩීසල් හිඟයක් තියෙන මේ කාලේ බොහෝ දෙනෙක් එදිනෙදා වැඩ කටයුතු කිරීමට නොහැකිව අපහසුතාවයන් වලට ලක්වී ඇති අතර බොහෝ දෙනෙක් තම ප්‍රවාහන මාධ්‍ය සඳහා පා පැදිය යොදාගෙන තිබෙනවා. ඉතින් මේ පා පැදියට බොහෝ දෙනෙක් හුරු වීමත් එක්ක අලුත් විදියකට ඉතාමත් සාධාරණ මිලකට ලබා ගන්න පුළුවන් බයිසිකලයක් අපට හමුවුණා. මේක නිකම් ම නිකම් බයිසිකලයක් නෙවෙයි Smart බයිසිකලයක්. ඒ වගේම 100% ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කරන ලද බයිසිකලයක්.

මේ බයිසිකලය Rhoda සමාගමේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරි වන Eyas Fazul මහතාගේ මූලිකත්වයෙන් නිෂ්පාදනය කර ඇති අතර මේ සඳහා ඔහුට මූලික අදහස පහළ වී ඇත්තේ විදේශ රටකදී ඔහුට හමුවූ Electric Scooter එකක් දැකීමෙනුයි.

මේ බයිසිකලය මාර්ගයේ ධාවනය කිරීම සඳහා ලියාපදිංචිය කිරීම අවශ්‍ය නොවන බව Eyas Fazul මහතා පවසන අතර ඊට හේතුව වනුයේ ශ්‍රී ලංකාවේ ධාවනය වන විදුලි වාහනවලින් 750W වලට වඩා වැඩි වාහන සඳහා පමණක් ලියාපදිංචි කිරීම සිදු කළ යුතු නිසා යි. මේ Rhoda බයිසිකලයේ මෝටර් බලය 750W වලට වඩා අඩු බව Eyas Fazul මහතා පවසනවා. තවද මේ බයිසිලකය ධාවනයේදී ආරක්ෂිත හෙල්මට් භාවිතය අනවශ්‍ය බවත් එම සමාගම විසින් පෙන්වා දෙනවා.

තවද App එකක් මඟින් මෙම බයිසිකලය ඔබේ ජංගම දුරකථනයට Connect කළ හැකි අතර එය මේ තුළින් බයිසිකලයේ වේගය, Maps සේවාවන් භාවිත කිරීම මෙන්ම ඔබේ දුරකථනයේ Fingerprint හරහා බයිසිකලය Lock / Unlock කිරීමට හැකියාව ලැබෙනවා. මේ බයිසිකලය පිටුපස Battery Pack එකක් සමඟ Physically Lock කළ හැකි Lobby එකක්ද අන්තර්ගත වනවා.

මේ බයිසිකලය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්න පුළුවන් Riding Modes 3ක් තිබෙනවා. ඒ Pure Mode, Hybrid Mode සහ Cruise ලෙසයි.

මෙය සාමාන්‍ය පා පැදියක මෙන් Paddle භාවිතා කරමින් ධාවනය කිරීම Pure Mode එක ඔස්සේ සිදු කළ හැකි වෙනවා.

මෙහි ඇති Motor එක භාවිතා කරමින් ධාවනය කිරීම Cruise Mode එක වනවා. මෙහිදී බැටරිය වරක් Charge කිරීම තුළින් ඔබට කිලෝමීටර 30ක පමණ දුරක් ගමන් කළ හැකි වනවා.

Hybrid Mode එක යනුවෙන් හඳුන්වන්නේ ඔබ Motor එක යොදා ගෙන ධාවනය කරන අතර තුර Paddle භාවිතයෙන්ද ධාවනය කිරීමයි. මෙය Full Charge කිරීමට වැය වන්නේ එක් විදුලි ඒකකයක් පමණක් වන අතර එක් විදුලි ඒකකයක් රු. 10ක් පමණ වන අතර මේ Hybrid Mode එක තුලින් ඔබට වරක් Charge කිරීමෙන් 60km පමණ ගමන් කළ හැකි වනවා.

මෙහි ඇති බැටරිය 0 සිට සම්පූර්ණ ලෙස Charge වීමට වැයවනුයේ විදුලි ඒකක භාගයක පමණ ප්‍රමාණයක් වන අතර විදුලි ඒකක භාගයක මිල රු. 10ක් වන අතර ඔබට Hybrid Mode එක භාවිත කිරිම මගින් රු. 10ක් වැනි ඉතා සුළු මුදලකින් 60km පමණ ධාවනය කළ හැකි වීම මේ තුළින් ලැබෙන ඉතා ලොකු වාසියක් වනවා.

Rhoda Smart බයිසිකලයේ මූලික කොටස්

ඔබට මේ බයිසිලකය RHODA Life වෙබ් අඩවිය තුළින් ඇණවුම් කළ හැකි අතර බයිසිකලය රුපියල් 339,000 සිට ඔබට අවශ්‍ය පරිදි Configure කිරීමටද මොවුන් අවස්ථාව ලබා දී තිබෙනවා.

Eyas Fazul මහතා විසින් මේ බයිසිකලය එළිදක්වන කාලයේදී ඔහු මෙය රු. 129,000 සිට අලෙවි කිරීම ආරම්භ කර අතර වර්තමානයේ ඩොලරයේ අගය ඉතා වැඩි නිසා වර්තමානයේ මෙය රුපියල් 339,000 පමණ වන බව Rhoda සමාගම දක්වා සිටිනවා.

මේ විදිහට අපි අපිට අවශ්‍ය දේවල් රට තුලදීම නිපදවා ගන්න ගත්තොත් බහුජාතික සමාගම් වල අධික මිල වලට යට වෙලා තීරන ගන්න ඕනේ නෑ වගේම හැමදේම පිටරටින් එනකන් බලාගෙන ඉන්න ඕනෙත් නෑ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මේ පළමු Smart බයිසිලකය වන Rhoda Smart බයිසිකලයට අපගේ සුභාසිංශන!

Cover Image: Pulse