Loading...
Telegram Video Call එකකට පරිශීලකයින් 1000ක් දක්වා සම්බන්ධ වීමේ හැකියාව ලබා දේ

මේ දිනවල ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙන යෙදුමක් තමයි Telegram කියන්නේ. WhatsApp හි ඇතිවුණු privacy සම්බන්ධ ගැටලුව නිසා, ටෙලිග්‍රෑම් වෙත සංක්‍රමණය වූ ප්‍රජාව වැඩවීමත් සමගම ටෙලිග්‍රෑම් ආයතනය පරීශීලකයින්ට අතවශ්‍යම update බොහෝ ප්‍රමාණයක් දැන් නිකුත් කරමින් පවතිනවා. ඉතිං ටෙලිග්‍රෑම් ආයතනය විසින් තම සත්වන උපන්දිනයට සමගාමීව ගිය වසරේ අගෝස්තුවේ Video Call පහසුකම නිකුත් කරා. ඒ පරිශීලකයින් දෙදෙනකුට පමණක් ලබාගත හැකි පෞද්ගලික වීඩියෝ ඇමතුම් අංගයක් ලෙසයි.

මේ update එකත් සමග නොනැවතී අනෙකුත් video conferencing platform වලටද අභියෝගයක් වෙමින්, මාර්තු මාසයේදී පරීශීලකයින් අසීමිත ගණනකට සහභාගී විය හැකි Voice Chat පහසුකමත්, ජූනි මාසයේදී පරීශීලකයින් 30කට සහභාගී විය හැකි Group Video Call පහසුකමත් නිකුත් කරමින්, ජූලි මාසයේදී ඔන්න මිලියන 500කට වැඩි වූ තම පරීශීලක පිරිසට තවත් අලුත් update එකක් නිකුත් කරන්නට කටයුතු කලා.    

සහභාගි වන්නන් 30 කට පමණක් සීමා වූ ලෙස නිකුත් වූ Telegram Video  Call පහසුකම දැන් සහභාගි වන්නන් 1,000 කට එකවර සම්බන්ධ විය හැකි ලෙස වැඩි දියුණු කර ඇති බව telegram සමාගම විසින් සිය නිල වෙබ් අඩවිය ඔස්සේ ලිපියක් හරහා ප්‍රකාශ කර තිබෙනවා. මෙම පහසුකම හරහා සහභාගි වන්නන්  1,000 කට සහභාගි වීමේ හැකියාව තිබුණ ද screen share කිරීමේ හැකියාව ඇත්තේ 30 දෙනකුට පමණි.

View post on imgur.com
Group video Call එකක් ආරම්භ කිරීමට, ඔබ admin කෙනෙකු වන ඕනෑම group එකක චැට් එකේ ඉහළින්ම තිබෙන තිත් තුන මුලින්ම ටච් කරන්න. - ඉන්පසුව Start Voice Chat ලබා දී ඔබේ වීඩියෝව හෝ Screen share එක මගින් Video Chat එකක් ආරම්භ කළ හැකියි.

එම පහසුකමට අමතරව video messages 2.0 හරහා  higher resolution video  එකක් share කිරීමේ හැකියාව ද, ඕනෑම video  massage එකක් පුළුල් කර නැරඹීමේ හැකියාව ද ඇත. එමෙන්ම video message එකක් පටිගත කිරීමේදී ඔබට කැමරාව zoom කිරීමේ නව අංගයක්ද ඔවුන් මෙම පහසුකම වෙත ලබා දී තිබෙනවා.

View post on imgur.com

එමෙනම් ඔබ කොයි කවුරුත් දන්න auto-delete message පහසුකම මෙතෙක් තිබුණේ දවසක්, සතියක් යන අංග දෙක පමණයි. Telegram ආයතනය මෙම නව update එකත් සමගම මාසයකට පසු automatically message delete විය හැකි අයුරින් වැඩි දියුණු කිරීමක්ද නිකුත් කර තිබෙනවා. WhatsApp වල සතියක් දක්වා පමණක් තිබෙන Disappearing messages පහසුකමම තමයි මේ එයට නොදෙවනි වූ පහසුකම් සහිතව Telegram ආයතනය තම පරිශීලක ප්‍රජාවට නිකුත් කරලා තිබෙන්නේ.

මීට අමතරව Telegram මගින් share කළ වීඩියෝ එකක් 0.2× , 0.5× , 1.5× හා 2× යනාදී ලෙස වේගය වැඩි කර බැලීමට හා fast forward මෙන්ම  rewind  කිරීමේ හැකියාව ද, 1-on-1 calls එහෙමත් නැත්තම් Telegram private calls සදහා screen sharing පහසුකමද ඇතුළු තවත් සුළු පහසුකම් කිහිපයක්ද මේ සමග ලබාදී තිබෙනවා.

මේ අගෝස්තුවේදී ටෙලිග්‍රෑම් ආයතනය තම 8 වන උපන්දිනය සැමරීමට නියමිතයි. සාමාන්‍යයෙන් ඔවුන් Telegram පරිශීලකයින් හට තම උපන්දිනයට අනුගාමීව Major Update එකක් ලබාදීමට කටයුතු කරනවා. ඉතිං පහසුකම් රැසකින් සමන්විත Telegram යෙදුමට මෙවර අගෝස්තු මාසයේදී කුමන ආකාරයේ යාවත්කාලීනයක් ලැබේවීද?

Source: Telegram