Loading...
Telegram සඳහා Subscription Plan එකක් හඳුන්වා දීමට සූදානම් ​වේ

Telegram යනු බොහෝ features වලින් සමන්විත instant messaging service වලින් එකක් වනවා. ආරම්භයේ සිට Telegram හි මුදල් එහි නිර්මතෘ Pavel Durov විසින් charities වෙත යොදා තිබූ අතර telegram හි පරිශීලක ප්‍රමාණය වැඩිවීමත් සමඟ ඔහු මේ ඔස්සේ මුදල් ඉපැයීමේ ක්‍රම සොයමින් සිටිනවා.

පසුගිය වසරේ, subscribers ලා 1000කට වඩා සිටින public telegram channels වල අනුග්‍රහක දැන්ව්ම් පල කිරීමටද කටයුතු කලා අතර දැන් Telegram සමාගම තවත් මුදල් ඉපැයීමේ මාර්ගයක් සූදානම් කරමින් සිටින බවත්, ඒ සදහා අමතර විශේෂාංග ඇතුලත් කර ඒවා Unlock කිරීමට යම් කිසි මුදලක් ගෙවිය යුතු බවටත් දැනට ලැබී ඇති තොරතුරු මඟින් වාර්තා වනවා. Telegram හි අලුතෙන් හඳුන්වා දෙන ලද මේ subscription plan එක බොහෝ සෙයින් Animated emojies, personalization features ලබා දෙන discord හි paid plan එක හා සමානාත්මතාවක් දක්වනවා.

මෑතකදී Telegram iOS Version එකෙහි beta පරිශීලකයන් සඳහා මේ Subscription plan එක ඇතුලත් කර ඇති අතර එහි මිල ගණන් සහ ලබා ගත හැකි ආකාරයන් පිළිබඳව තවමත් Telegram සමාගාම වාර්තා කර නැහැ.

iOS හි මෙය සාර්ථක වුවහොත් Android සඳහා ද telegram සමාගම විසින් මේ subscription plan එක හඳුන්වා දෙන බව නොඅනුමානය. කෙසේ වෙතත් මේ Subscription plan එක ලබා ගත් පරිශීලකයෙක් විසින් premium sticker එකක් සාමාන්‍ය පරිශීලකයෙකුට යැවූ විට ඒ පුද්ගලයාට ඒ sticker එක නොපෙනෙන අතර එහි Unlock additional reactions by subscribing to Telegram Premium ලෙසින් බැනරයක් දිස්වනවා.

දැනටමත් සඳහන් කර ඇති පරිදි Telegram මෙම Premium plan එක පිළිබද සම්පූර්ණ තොරතුරු දක්වා නැති නමුත් ඉක්මනින් මෙම Subscription program එක ගැන තොරතුරු සමාගමෙන් නිවේදනය කළ සැණින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

කෙසේවෙතත් ඔබ සිතන්නේ Messaging Service එකක් සඳහා මෙවැනි Subscription plans හඳුන්වා දීම යෝග්‍ය බවද? Comment Section එකේ මේ පිළිබඳව ඔබේ අදහස පළකරන්න.

Source: XDA-developers